මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ

විකිපීඩියා වෙතින්

පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ දෙස් විදෙස් ජනාදරයටපත් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමයි.උන්වහන්සේ අතුරුගිරිය දම්දිය අසපුව පිංබිමේ වැඩසිටින අතරම සුමදුර කාව්‍යම ධර්මදේශනාවන් සහ උත්තම මාපියවන්දනා වැඩසටහන ඔස්සේ ලෝකවාසී බොදු හදවත් සනසමින් දෙස්විදෙස් ධර්මදූත සේවාවේ නියැලෙන පින්වත් හිමි නමකි.

අතුරුගිරිය දම්දිය අසපුවේ නිර්මාතෘවර දම්දිය මාධ්‍යජාලයේ අධ්‍යක්ෂක

දහම් සිසිල පාරමිතා පදනමේ ගරු අනුශාසක උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද.

චරිතාපදානය[සංස්කරණය]

වර්ෂ 1990 ඔක්තෝබර් 10 වැනි දා රත්නපුර බලංගොඩ මස්සැන්න නම් සොඳුරු ගම් පියසේදී මස්සැන්න අම්පිටියාවත්තගේ ගාමිණී අත්තනායක මහතාට සහ තම්මැට්ටම් කාරලාගේ චන්ද්‍රාවතී මැතිණිය යන දෙපළගේ පින්මහිමය නිසාවෙන් මෙලොව මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ උපත ලැබීය.

මස්සැන්න ශ්‍රී වජිරඥාන විද්‍යාලයෙන් මූලික පාසල් අධ්‍යාපනය  ලබමින් කුඩාකල මස්සැන්න ග්‍රාමයෙහි කෙලිදලෙන් ගතකරමින් සිටිනා අවදියෙහිදී සසුන් ගත වීමට ඇති වූ අසාව නිසාවෙන්  දෙමාපිය අවසරයෙන් මස්සැන්නේ දේවගිරි විහාරයෙහිදී එම විහාරාධිපති මස්සැන්නේ විමලඥාන නාහිමියන්ගේ සමීපයෙහි මස්සැන්නේ විජිත හිමි නමින් පැවිදි දිවියට පත්විය.


මූලික ආධ්‍යාපනය කොළොඹ පට්ටියහන්දිය ශ්‍රී විද්‍යාශේකර මූලික පිරිවෙනේන් ලැබූ උන්වහන්සේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා කෝට්ටේ ශ්‍රී කල්‍යාණීසාමග්‍රී සංඝසභාවට අනුබද්ධ අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරයට වැඩම කෙරිණි එහිදී වත්මන් විහාරාධිපති පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාරගනයෙහි අධිපති,කෝට්ටේ ශ්‍රී කල්‍යාණීසාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වත්තපටිපාදක, කොළොඹ නවකෝරලේ නවතොටමුනේ උපප්‍රධාන සංඝනායක,ශාස්ත්‍රපති රුක්මලේ ධම්මකිත්‍යාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්‍යත්වයෙන් මරදාන ශ්‍රී ලංකා විද්‍යලය මහ පිරිවෙනට ඇතුලත්ව උසස් අධ්‍යාපනය හැදෑරීය.

වර්ෂ 2010 ජුනි මස 17 වන දින මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාරගනයෙහි අධිපති,කෝට්ටේ ශ්‍රී කල්‍යාණීසාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වත්තපටිපාදක, කොළොඹ නවකෝරලේ නවතොටමුනේ උපප්‍රධාන සංඝනායක,ශාස්ත්‍රපති රුක්මලේ ධම්මකිත්‍යාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ අචාර්ය උපාධ්‍යත්වයෙන් කොට්ටේ සිරිමංගල උපෝසතාගාරයේදී අධීශීල සංක්‍යාථ උපසම්පදාව ලැබීය.

2012 අගෝස්තු මස 2 වන දින එනම් ඇසල පුරපසළොස්වක් පොහෝ දින මස්සැන්නේ විජිත හිමියන් අතුරුගිරිය ගල්පොත්ත පාර මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටා තිබෙන ශ්‍රී ධම්මවිජිතාශ්‍රම විහාරස්ථානයට වැඩම වන්නට විය.

එදින පටන් සිදුවූයේ ගල්පොත්ත පාර සැදැහැති පින්වතුන්ට මෙන්ම ලෝකවාසී බොදුනුවන් වෙනුවෙන් පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දම්දිය අසපුව පිංබිම කෙමෙන් කෙමෙන් නිර්මාණය වීමයි.අද වන විට ලෝකප්‍රසිද්ධ ජනාදරයට පාත්‍රවූ පින්බිමක් ලෙසට දම්දිය අසපුව පිංබිම සඳහන් කල හැකිය.පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ සංකල්පයක් මත මතුබුදුබව පතා සසර පාරමී දම් පුරමින් වැඩසිටින පත්තිනි මෑණියන්ගේ නමින් ලොව ඉදිවන අසිරිමත් මහා සෑය මේ වන විට දම්දිය අසපුව පිංබිමේ ඉදිවෙමින් පවතී.

ශාසනික සේවා[සංස්කරණය]

දහම් සිසිල පාරමිතා පදනම .[සංස්කරණය]

දහම් සිසිල පාරමිතා පදනම හරහා පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් වර්ෂිකව ලක්දිව පුරා සිටින පාසල් දුවාදරුවන්ට පාසල් උපකරණ බෙදාදීම මෙන්ම පිරිවෙන් අධ්‍යපනය ලබන කුඩා සාමණේර හිමිවරුන්ට පාසල් උපකරණ බෙදාදීම සිදු කරනු ලබයි

දම්දිය අන්තර්ජාල රූපවාහිනිය .[සංස්කරණය]

ලොවටම දම් සුවඳ යන මැයෙන් පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් ආරම්භ කරන්නට යෙදුනු දම්දිය අන්තර්ජාල රූපවාහිනිය ඔස්සේ ලෝකවාසී පින්වත් සැමට නිර්මල ශ්‍රී සද්ධර්මය දායාද කරනු ලබයි.