මරක්කලගේ

විකිපීඩියා වෙතින්

මරක්කල යනු මුස්ලිම් වරුන් හැඳින්වීමට භාවිතා කරන නවීන පදයක් වුවද, මරක්කල යනු ශ්‍රී ලංකාව තුල කරාව පවුල් කිහිපයක් විසින් වර්තමානයේදී භාවිතා කරන තවත් සුවිශේෂ කරාව පාරම්පරික නාමයකි. මෙයින් බිඳී ආ ආකාර වනුයේ : මහ මරක්කලගේ, අරස මරක්කලගේ, අන්ද්‍රා මරක්කලගේ, ඇන්ටින්න මරක්කලගේ, කොඩි මරක්කලගේ, ලොකු මරක්කලගේ, මන්නා මරක්කලගේ, සාන්ද්‍රා මරක්කලගේ සහ මරක්කල මාලිමිගේ.


මරක්කලගේ යන නම විකාශනයවී ඇත්තේ කුරු මණ්ඩල වෙරළ (කුරු වරුන්ගේ ප්‍රදේශය) හා ශ්‍රී ලංකාව පාලනය කල අධිපතින් යුද සංග්‍රාම සඳහා භාවිතා කල යාත්‍රා වර්ග ඇසුරෙනි. 16යන සියවසෙහිදී පෘතුගීසින්ට එරෙහිව පැවැති නාවික සංග්‍රාමයන්හිදී පෘතුගීසි නැව් වලට පහර දීමටද මෙම යාත්‍රා උපයෝගී වී ඇත. මෙම නම් දරන පවුල් වල මුතුන්මිත්තන් එක්කෝ මෙම යාත්‍රාවල හිමිකරුවන් හෝ ඒවායේ නාවුක සේනාධිපතින්ව සිටින්නට ඇත.

ගොනුව:Marakkar Stamp 2000.jpg
මරක්කාර් යුද-රුවල් නැවකි.

කරාව වංශිකයන් ශ්‍රී ලංකාව තුල සාම්ප්‍රදායික යුද්ධ භට හා නාවික ජන කොටසක්ව පැවැති අතර ඔවුන්ගේ එම නාවික සම්ප්‍රදායික අතීතය මෙවැනි මධ්‍යතන යුග නම් තුල හෝ ගැබ්වී සුරක්ෂිත වී තිබීම සැබවින්ම කුහුල දනවන කරුණකි. ශ්‍රී ලාංකික හා පෘතුගීසි ඉතිහාස මූලාශ්‍ර පෙන්නුම් කරනුයේ කරාව වංශිකයන් ටන්ජෝරයේ නායක්වරුන්ගේ හමුදාවන්හි නාවුක සේනාධිපතින් වූ බවය.

වම් අත පැත්තේ දැක්වෙන, ඉන්දියාව විසින් නිකුත් කර ඇති තැපැල් මුද්දරයෙහි නිරූපනය වන්නේ 30-40 මිනිසුන් රැගෙන මුහුදේ මෙන්ම කලපු හා පටු ජල මාර්ග තුලින්ද පැදවිය හැකි මරක්කාර් යුද-රුවල් නැවකි. 16යන සියවසෙහිදී පෘතුගීසින්ට එරෙහිව පැවැති නාවික සංග්‍රාමයන්හිදී පෘතුගීසි නැව් වලට පහර දීමටද මෙම යාත්‍රා උපයෝගී වී ඇත.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

Queyroz Fr. The Temporal and Spiritual Conquest of Ceylaö,

"https://si.wikipedia.org/w/index.php?title=මරක්කලගේ&oldid=383090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි