මයිනා

විකිපීඩියා වෙතින්
මයිනා.jpg

මයිනා (acridotheres tristis) sturnidae පවුලට අයත් කුරුල්ලෙක් ය. සර්ව භක්ෂකයෙකු වන මොවුන් ආසියාවට ආවේණික සත්ත්ව විශේෂයකි. මයිනන් නාගරික පරසරයට හොඳින් අනුවර්තනය වී ඇත.

මෙම විශේෂය 1816 දී ප්‍රංශ පක්ෂි විද්‍යාඥයෙකු වූ Louis Jean Pierre Vieillot විසින් හඳුන්වා දුන් ඇක්‍රිඩෝතෙරස් කුලයට අයත් වේ.

      මයිනන්ගේ උප විශේෂ දෙකක් හඳුනාගෙන ඇත.

1.ඉන්දියානු මයිනා

2.ශ්‍රී ලංකා මයිනා

ශ්‍රී ලාංකික උප විශේෂයක් වන මෙලනොස්ටර්නස් ඉන්දියානු උප විශේෂවලට වඩා අඳුරු පැහැ වන අතර අර්ධ කළු සහ අර්ධ සුදු ප්‍රාථමික ආවරණ සහ කම්මුලේ කහ පැහැ ලපයක් ඇත.

මොවුන් සාමාන්‍යයෙන් යුගල වශයෙන් ජීවත් වේ.මයිනන් කොට්ටෝරුවන් විසින් හාරන ගස්බෙන අයිති කරගෙන ඒවායෙහි ජීවත් වේ.මොවුන් ඉතාමත් සමාජශීලි වන අතර මිනිසුන් සමඟ ඉක්මනින් මිතුරු වෙයි.

         මයිනන් විලෝපිකයන් පැමිණිවිට අනිත් කුරුල්ලන්ට අනතුරු හඟවයි.

මයිනන්ගේ සාමාන්‍යයෙන් පිරිමි සතෙක් ග්‍රෑම් 109.8ක් පමණ බරවන අතර ගැහැණු සතෙක් ග්‍රෑම් 120-138 අතර බරකින් යුක්ත වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මයිනා&oldid=539203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි