මයිකල් ගැම්බොන්

විකිපීඩියා වෙතින්

ශ්‍රීමත් මයිකල් ජෝන් ගැම්බොන් CBE (19 ඔක්තෙමේබර් 1940 – 28 සැප්තැම්බර් 2023) යනු අයර්ලන්ත–ඉංග්‍රීසි ජාතික නළුවෙකි. [1] ගැම්බොන් ඔහුගේ රඟපෑමේ දිවිය ඇරඹුවේ ලෝරන්ස් ඔලිවියේ හා සමගින් රාජකීය ජාතික රංගශාලාවෙහි මුල සාමාජිකයන් කිහිප දෙනා අතරින් එක් අයෙකු ලෙසිනි. ඔහුගේ දශක හයක් දිගු අභිවෘත්තිය තුලදී, ඔලිවියේ සම්මාන තුනක්ද, තිර නළුවන්ගේ සංසදය සම්මාන දෙකක්ද, සහ BAFTA සම්මාන සතරක්ද ඔහු විසින් දිනා ගෙන ඇත. . නාට්‍ය කලාවට සිදු කෙරුණු සේවය අගයමින්, 1999 වසරෙහිදී දෙවන එලිසබෙත් රැජිණ විසින්, ඔහු වෙත නයිට් පදවියක් පිරිනැමිණි.

  1. "ඉන්ටර්වීව්: මයිකල් ගැම්බොන් - අම් ක්වයිට් අ සීරියස් -මයින්ඩඩ් ඇක්ටර්. අයි ඈම්! අයි ඈම්!'". web.archive.org. 2022-08-06. සම්ප්‍රවේශය 2023-09-28.
"https://si.wikipedia.org/w/index.php?title=මයිකල්_ගැම්බොන්&oldid=594619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි