මනෝ වෛද්‍ය

විකිපීඩියා වෙතින්
(මනෝ වෛද්‍යවරයා / මනෝ චිකිත්සක වෙතින් යළි-යොමු කරන ලදි)
Psychiatrist
Occupation
නම්
Type
Activity sectors
Description
Competencies
  • Analytical mind
  • patience
අවැසි අධ්‍යාපනය Doctor of Medicine (M.D.)
Bachelor of Medicine, Bachelor of Surgery (MBBS/MBChB)
Doctor of Osteopathic Medicine (D.O.)
Fields of employment Psychiatric clinics
Related jobs

මනෝ චිකිත්සකයෙකු යනු මනෝ චිකිත්සාව විශේෂඥ පුහුණුව ලද සහ මානසික රෝග ප්‍රතිකාරය සඳහා බලපත්‍ර (සහතික ලද) කායික රෝග වෛද්‍යවරයෙකි. මොවුන් රෝගීන් ඇගයීමේ ක්‍රියාවලියේ අංගයක් ලෙස මානසික රෝග සඳහා ඖෂධ නියම කළ හැකි, කායික පරීක්ෂාවට ලක් කළ හැකි පර්යේෂණ නියම කළ හැකි සහ ඒවා විශ්ලේෂණය කළ හැක විද්‍යුත් නිකර්පරේඛය, සහ මොළය පිළිඹිබු කළ හැකි computed tomography හෝ computed axial tomography, magnetic resonance imaging, සහ positron emission tomography scanning වැනි මානසික සෞඛ්‍ය වෘත්තිකයන් මෙම කාර්යයන් සඳහා වරප්‍රසාද ලබා ඇති අල්පතර කණ්ඩායම් අතරින් එකක් ද වෙයි.


වෘත්තිය ක්ෂේත්‍රයේ ම‍නෝ විද්‍යාව[සංස්කරණය]

මනෝ චිකිත්සකයින් යනු මානසික රෝග ප්‍රතිකර්ම සඳහා ජීව වෛද්‍ය ප්‍රවේශණය උපයෝගී කර ගැනීමට විශේෂඥ පුහුණුව ලද වෛද්‍යවරුන්ය. මනෝ චිකිත්සකයින් මනෝ ප්‍රතිකාර, මනෝ විශ‍්ලේෂණ සහ ඥාණාත්මක චර්යා ප්‍රතිකාරයේ යොදා ගැනීමට පුහුණුව ලැබුව ද ඔවුන්‍ අනෙක් මානසික සෞඛ්‍ය වෘත්තයින්ගෙන් වෙනස් වනුයේ ඔවුන‍් ලද වෛද්‍ය පුහුණුව නිසාය.

මනෝ චිකිත්සාවේ ක්ෂේත්‍ර පහත සඳහන් පරිදි උප - ප්‍රධාන ක්ෂේත්‍රයන් බෙදා වෙන් කළ හැක.

  • ළමා සහ තරුණ මනෝ චිකිත්සාව
  • වැඩිහිටි මනෝ චිකිත්සාව
  • වයෝවෘද්ධ මනෝ චිකිත්සාව
  • ඉගෙනුම් දුර්වලතා
  • චර්යා වෛද්‍ය විද්‍යාව
  • උපදේශක - සම්බන්ධනය මනෝ චිකිත්සාව
  • හදිසි අවස්ථා මනෝ චිකිත්සාව
  • ඇබ්බැහිවීමේ මනෝ චිකිත්සාව
  • අධිකරණ වෛද්‍ය විද්‍යා මනෝ චිකිත්සාව
  • වෛද්‍ය විද්‍යාව සහ මනෝ චිකිත්සාවේ සංයෝජනය
  • ස්නායු විද්‍යාවේ සහ මනෝ චිකිත්සාවේ සංයෝජනය
  • ළමා මනෝ විද්‍යා, මනෝ විද්‍යා සහ ළමා රෝග විද්‍යාවේ සංයෝජනය

ඇතැම් මනෝ චිකිත්සකයෝ විවිධ වයස් කාණ්ඩ සඳහා උපකාර කිරීමට විශේෂ පුහුණුවක් ලබති. උදාහරණයක් ලෙස, ළමා සහ තරුණ මනෝ චිකිත්සකයා - ළමා සහ තරුණ මානසික ප්‍රශ්න උපකාර කිරීමට ද , වයෝවෘද්ධ මනෝ චිකිත්සකයා - වයෝ වෘද්ධ පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට ද, කර්මාන්තශාලා ආශ්‍රිත මනෝ චිකිත්සකයා - කර්මාන්තශාලා ආශ්‍රිතව තම වෘත්තිය කටයුතු ද, අධිකරණ වෛද්‍ය මනෝචිකිත්සකයා - අපරාධ සහ සිවිල් නඩු සඳහා අධිකරණය තුළ සහ ජූරි සභාව එක්ව කටයුතු කිරීමට අමතරව මනෝ රෝගවලට ගොදුරුව පන්තිකරුවනට ප්‍රතිකාර කිරීම ද සිදු කරනු ලබයි.

මීට අමතරව මනෝ චිකිත්සකයින් සහ ම‍නෝ සෞඛ්‍ය වෘත්තිකයින් විසින් මනෝ ඖෂධ වේදය, මනෝ ව්‍යාධි වේදය, ස්නායු මනෝ චිකිත්සාව , මනෝ දෛහික වේදය, ආහාර ගැනීමේ රෝග, මානසික රෝග සඳහා මුල් අවධියේ ප්‍රතිකාර වේදය යන ක්ෂේත්‍ර ඔස්සේ ද පුහුණුවක් ලැබීමට ද ඉඩ ඇත.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මනෝ_වෛද්‍ය&oldid=630763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි