මනෝ විශ්ලේෂණ සිද්ධාන්ත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මනෝ විශ්ලේෂණ සිද්ධාන්ත පෞරුෂයේ විවිධ කොටස්වල අන්තර් ක්‍රියාකාරීත්වයට අනුව මානුෂික චර්යාව විස්තර කරයි. මේ විග්‍රහ කිරීමෙහි නිර්මාතෘ සිග්මන් ප්‍රොයිඩ්ය. ප්‍රොයිඩ් එදා දවසේ පැවති භෞතික විද්‍යාවෙන් (thermodynamics - තාපගතිකය) කරුණු නඟන තාප ගතිකය යන පදය නිර්මාණය කළැයි සැලකිය හැකිය. තාපය යාන්ත්‍රික ශක්තියට හැරවීමේ අර්ථය මත (psychic energy) චෛතසිකය ශක්තිය බවට හැරවිය හැකි යයි ඔහු ප්‍රකාශ කළේය. ප්‍රොයිඩ්ගේ සිද්ධාන්තය ප්‍රධාන වැදගත්කම රඳවා ඇත්තේ ගතික වූ අවිඤ්ඥානික මානසික ගැටුම් මතය.

ප්‍රොයිඩ් මානව පෞරුෂය ආත්මය , උත්තරාත්මය ඉඩ් යනුවෙන් කොටස් ‍තුනකට බෙදා දක්වයි. ඉඩ් ක්‍රියාත්මක වන්නේ ප්‍රීතිය පිළිබඳ මූලධර්මය අනුවයි. බාහිර පරිසර‍ය නොසලකා අවශ්‍යතා වහාම සපුරා ගැනීම මෙහිදී අවශ්‍යය. එවිට බාහිර ලෝකයට අනුව ඉඩ් සංස්කාරයේ ප්‍රාර්ථනා හා අවශ්‍යතා යථාර්ථවාදී ලෙස සපුරා ගැනීම සඳහා ආත්මය (ego) මතුවිය යුතුය. මෙය සිදුවිය යුතු යථාර්තවාදයේ මූලධර්මයට අනුවය. අවසානයේ උත්තරාත්මය සදාචාර විනිශ්චය හා සාමාජික නීති ඉඩ් සංස්කාරයේ අවශ්‍යතා යථාර්තවාදී ලෙස පමණක් නොව සදාචාරාත්මක ලෙස ද සපුරාලීමට බල කරමින් ආත්මයේ තැන්පත් කරයි. එය ළමා අවධියේ සංස්ථාපනය කරන ලද දෙමාපිය / සාමාජික පරමාදර්ශවල මූතියයි. ප්‍රොයිඩ්ගේ මතය අනුව පෞරුෂය මේ සංරචක 3 වේගාත්මක ක්‍රියාකාරීත්වය මත පදනම් වී ඇත.

"Eros"(රාගය) හා "Thanatos" (මරණය - ආත්ම විනාශය) කෙරෙන් හටගන්නා ලිංගික ශක්තිය හා ආක්‍රමණශීලී බව ඔහුගේ සිද්ධාන්තයේ වැදගත්ම සංරචකයෝය. ලිංගිකත්වය පිළිබඳ ප්‍රොයිඩ් සතු පුළුල් අවබෝධයට මිනිස් සිරුරට අත් විඳින්නට සිදුවන සියලු ප්‍රියජනක හැඟීම් ඇතුළත් වේ. පෞරුෂ වර්ධනයේ මනෝ ලිංගික අවස්ථා පහක් ප්‍රොයිඩ් යෝජනා කරයි.

  1. ළදරු අවස්ථාව - උපතේ සිට වයස අවුරුදු 4, 5 වන තුරු
    1. මුඛීය අවස්ථාව - උප්පත්තියේ සිට මාස 18 පමණ වන තුරු
    2. ගුද අවස්ථාව - මාස 18 සිට අවුරුදු 3 දක්වා
    3. ලිගු Phallic අව ස්ථාව - අවුරුදු 3 සිට 5 දක්වා
  2. නිලීන අවස්ථාව - දළ වශයෙන් අවුරුදු 6 සිට මල්වර (puberty) සමය දක්වා
  3. වෘධකාම අවස්ථාව - නව යෞවන සමයේ සිට වැඩිහිට අවස්ථාව දක්වා

ප්‍රොයිඩ් විශ්වාස කරන පරිදි වැඩිහිටි පෞරුෂය රඳා පවත්නේ මුල් ළමා වියේ අත්දැකීම් මතය. බොහෝ සෙයින් වයස අවුරුදු 5 අත්දැකීම් විසින් තීරණය කෙරේ. ළදරු අවස්ථාවේ වර්ධනය වෙන දක්ෂතා වැඩිහිටි පෞරුෂය හා චර්යාව කෙරේ බලපායි.

සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ මුල් සහායකයින්ගෙන් කෙනෙකු වූ ඇල්ෆ්‍රඩ් ඇට්ලර් ද මුල් ළමා විය අත්දැකීම් වර්ධනය සඳහා වැදගත් වීම පිළිබඳව සිග්මන්ඩ් ප්‍රොයිඩ් හා එකඟ විය. උපත් පිළිවෙල ද පෞරුෂ වර්ධනය කෙරේ වැදගත් වෙන බව ඔහු විශ්වාස කළේය. සහෝදර සහෝදරියන් ඉපදුණු විට දී තමා අමතක විනැයි ආපසු අවධානය ලබා ගැනීමට ඉහලම ඉලක්ක තබා ගන‍්නේ වැඩිමල්ම දරුවාය. ඔහු විශ්වාස කළ පරිදි මැදි වයසේ ළමයි තරඟකාරී හා කීර්තිමත් විය හැකි වුවත් මුලින් උපන් දරුවන්ගේ හපන්කම් පසු බා යන්නට ඔවුන්ට හැකිය. එහෙත් ඔවුහු තමන්ට ලැබෙන කීර්තිය ගැන උනන්දුවක් නොදක්වති. අන්තිමට උපන් දරුවා වඩාත් පරායත්ත හා සමාජශීලී වන්නේ යයි ද ඔහු විශ්වාස කළේය. ළමයින් ඉක්මනින් අවධානයට ලක්වීමට හා පරිණතභාවයට පත්වීමට ආශා කළත් අවසානයේ දී ස්වායත් වීමට අසමත් වෙති.

හීන්ස් කොහුට් (Heinz Kohut) ද ප්‍රොයිඩ්ට සමානව මාරුව පිළිබඳව සිතුවේය. ඔහු තමා පිළිබඳව සංඥාව වර්ධනය කර ගන්නා ආකාරයේ ආකෘතියක් ලෙස narcissism යන්න භාවිතා ‍කළේය.

narcissism යනු පුද්ගලයාගේ අතිශයෝක්තියට නැංවූ තමා (self) පිළිබඳ අර්ථයයි. පුද්ගලයාගේ හීන ආත්ම ගෞරවය හා නොවටිනාකම පිළිබඳ අර්ථය මෙහි ගැබ් වී ඇතැයි විශ්වාස කෙරේ.

කරේන් හෝර්නි යනු ලෝකයේ පෞරුෂය පිළිබඳ සිද්ධාන්තය හා සම්බන්ධ තවත් එක් වැදගත් පුද්ගලයෙකි. සැබෑ ආත්මය හා කාල්පනික ආතමය වර්ධනය කිරීමේ ‍ගෞරවය ඇයට හිමි වේ. තමා පිළිබඳව සියලු මිනිසුන්ටම මේ අදහස් දෙකම ඇති බව ඈ විශ්වාස කරයි. සැබෑ ආත්මය "real self" යනු පෞරුෂය, වටිනාකම් සදාචාර ධර්ම ආදිය කෙරේ ඔබ හැසිරෙන ආකාරයයි. එහෙත් කාල්පනික ආත්මය යනු සාමාජික හා පෞද්ගලික නීතිවලට හා ඉලක්කවලට සරිලන පරිදි තමාම සකස් වීමයි.