මනෝවිද්‍යා ඉතිහාසය

විකිපීඩියා වෙතින්

Kurt Lewin - සමාජීය මනෝවිදයාවේ පියා

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජීය මනෝවිද්යා විෂය ක්ෂේත්රය 20වන සියවසේ මුල් භාගයේදී ඇරඹිණි. Norman Trip Let හෝ සමාජ සුසාධ්යකරණයේ ප්රපංචය මෙම ක්ෂේත්රයේ ප්රථම ප්රකාශිත පර්යේෂණය ලෙස හැඳින්විය හැක. 1930 දී ජර්මනියේ ගෙස්ටල්ට් මනෝවිද්යාඥයින් බොහෝ දෙනා ඇමරිකාවට සංක්රමණය විය. (විශේෂයෙන්ම Kert Lewin ) මොවුන් චර්යාත්මක සහ මනෝවිශ්ලේෂණාත්මක පථයන්ගෙන් පරිබාහිර මෙවැනි ක්ෂේත්රයක් බිහිකිරීම සඳහා පුරෝගාමී විය. සමාජ මනෝ විද්යාව නිරතුරුවම අවබෝධය සහ සිහිබුද්ධිය සඳහා ඇති ඇලීම සඳහා උරුමකම් කියති. විවිධාකාර කුඩා කණ්ඩායම් ප්රපංචය සහ ආකල්පයන් මෙම විෂය ක්ෂේත්රයේ බොහෝදුරට අධ්යයනය කළ මාතෘකා වෙයි.

දෙවන ලෝක යුද්ධය අතරතුරදී සමාජ මනෝවිද්යඥයෝ ඇමරිකානු සෙබළුන්ගේ අවනත වීම සහ ප්රචාරණය පිළිබඳව අධ්යයනය කරන ලදී. යුද්ධය අවසන් වූ පසු පර්යේෂකයෝ ලිංගභේද සම්බන්ධ ගැටළු සහ ජාතීන් වෙනස් කොට සැලකීම යන මාතෘකා අධ්යයනයට පෙළඹූණි. 60 වන දශකයේදී සංජානන විභේදනය , පේක්ෂකයා මැදිහත් කරගැනීම , කළහකාරිත්වය යන මාතෘකා කෙරේ වැඩි අවධානයක් යොමු විය. නමුත් 1970 දී ඇමරිකාවේ සමාජ මනෝ විද්යාව තුළ අර්බුදකාරී තත්වයක් පැන නැගිණි. විද්යාත්මක පර්යේෂණයන්වල පවතින ආචාර ධර්ම , ආකල්ප මගින් හැසිරීම් පිළිබිඹු කරනවාද? නැද්ද? සහ සංස්කෘතීන් තුළ විද්යාව කොතරම් දුරට යොදාගන්නවාද යන්න පිළිබඳ දිගින් දිගටම විවාද පැන නැගිණි. එක් අවස්ථාවකදී අන්තගාමී න්යායවාදීන් විසින් මනෝවිද්යාවේ එන මම සහ පෞර්ෂත්වය යන්නන්ගේ අවශ්යතාව පිළිබඳව අභියෝග කරන ලදී.

1950 – 1980 දශකය තුළදී සමාජ මනෝවිද්යාඥයින් සෛද්ධාන්තිකව යොදා ගන්නා ක්රමෝපායන් මගින් පරිණත තත්වයට පත්විය. අද පර්යේෂණයන් පරීක්ෂාකාරී ආචාරධර්ම මගින් පාලනය කරන අතර , බහුත්ව වාදය සහ බහු සංස්කෘතීන්වල සාපේක්ෂව වැදගත්කම පැන නැගී ඇත. නවීන පර්යේෂණ වඩා උනන්දුවක් දක්වන්නේ උපලක්ෂණය. සමාජීය ප්රධානය සහ ස්වයං ආකල්ප වැනි මාතෘකා අධ්යයනය සඳහාය. තවද සමාජ මනෝ විද්යාඥයෝ තම අධ්යයනයන් සෞඛ්යය සහ පාරිසරික මනෝවිද්යාව මෙන්ම නීති පද්ධති තුළ මනෝවිද්යාව වැනි ක්ෂේත්ර තුළද යොදා ගනි.

"https://si.wikipedia.org/w/index.php?title=මනෝවිද්‍යා_ඉතිහාසය&oldid=472077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි