මනුෂ්‍ය කායික විද්‍යාව
මානුෂ්‍ය කායික විද්‍යාව යනු මනුෂ්‍යා ගේ ශරීරයේ සිදු වෙන ක්‍රියාවලීන් යුක්ත වූ විද්‍යාවයි. ව්‍යුහ විද්‍යාව සහ කායික විද්‍යාව බොහෝ සම්බන්ධයක් පෙන්නුම් කරයි. ව්‍යුහ විද්‍යාවෙන් මනුෂ්‍ය ගේ ආකෘතිය පිළිබඳවත් කායික විද්‍යාවෙන් මනුෂ්‍ය ගේ ක්‍රියාවලීන් පිළිබඳවත් අධ්‍යයනය වේ.
ඉතිහාසය
[සංස්කරණය]ග්‍රීසියේ සහ ඉන්දියාවෙහි වෛද්‍ය විද්‍යාත්මක ඉතිහාසය ඉතා පැරණිය. ග්‍රිසියේ කායික විද්‍යාත්මක ඉතිහාසයෙ පිළිබද අවධාරණය කිරිම ඇරිස්ටෝටල් විසින් ආරම්භ කරන ලද අතර ඔහු කාර්යෙහි ව්‍යුහයේ සහ කෘත්‍යය අර ඇති සම්බන්ධතාවය පිලිබද පරිච්චනාත්මක චින්තන ඉදිරිපත් කරන ලදි. ඉන්පසු ක්ලෝසියස් ගැලනසි ක්‍රි.පු. 126-199 දක්වා කාලය කුලදි ශරිරියේ කාර්යයන් පිලිබදව පරියේෂණ පවත්වන ලදි. ශරීරයෙහි කාර්යයන් පිලිබදව පරියේෂණ පැවැත්වු පළමු විද්‍යාඥය ඔහුය. ඉන්දියාවේ ආයුර්වේදයට සම්බන්ධ පැරණි ග්‍රන්ථවල මනුෂ්‍ය ව්‍යුහය විද්‍යාව සහ කායික විදයාව පිලිබද තොරතුරු සටහන්ව පවති.
මධ්‍යකාලින යුගයේදි ඉන්දියානු සහ ග්‍රීක වෛද්‍ය විද්‍යව මුස්ලිම් වෛද්‍යවරැන්ගේ බලපෑමෙන් තවදුරටත් වර්ධනය විය. ඇවිලේනා 980-1037 දක්වා කාලවකවානුව තුළදි වෛද්‍ය විද්‍යාව අදාල පරික්ෂණ පැවැත්විම සහ ප්‍රමාණකරණය සිදු කර, ඉන්පසු ඉබින් අලි - නාෆස් විසින් 213-1288 කාල වකවනු තුළදි කායික විද්‍යා ක්ෂේත්‍රයෙහි බොහෝ තොරතුරැ අනාවරණය කර ගන්නා ලදි. ඒ අනුව ඔහු හැදවතෙහි ව්‍යුහය ප්‍රථම වතාවකට නිවැරදි විස්තර කනර ලද අතර කිරිටයේ ක්‍රියාකාරිත්වය පෙණහල්ලේ ව්‍යුහය සහ සංසරණ කායකාර්මය පිලිබදව ද නිවැරදි ද විස්තර කරන ලදි.
පුනරැදය කාල සමයේදි බටහිර ලොව කුප කාය විද්‍යාව සහ ව්‍යුහය විද්‍යාව පිලිබද පර්යේෂළු පැවැත්විම අරඹන ලදි. මෙම සමයේදි වවච්ඡේකයා පිලියම් හාවි විසින් සිදුකළ පර්යේෂණ වලදි සංසරණ පද්ධතිය පිළිබද තොරතුරැ සොයා ගන්නා ලදි.
19 වන සියවසේදි කායික විද්‍යාත්මක දැනුම ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. මැතියාස් ශිල්ඩන් සහ තියොඩොර් ශ්වෑන් විසින් සොයාගන්නා ලද සෛලීය න්‍යාය තුළින් අවයවයන් සෛල තුළින් නිර්මාණය වි ඇති බව ප්‍රථම වරට සොයා ගන්නා ලදි ක්ලෝඕ බර්නාඩ් 1813-1879 සහ වෝල්ටර් කැනෝන 1871-1945 මෙම සමයේ සිටි තවත් ඉතා ප්‍රසිද්ධ කාය වෛද්‍යවරයන් දෙනෙක් වේ.
සටහන්
[සංස්කරණය]| Human physiology |}