මන්නාරම බයෝබැබ් ගස
Jump to navigation
Jump to search
මන්නාරම පිහිටි බයෝබැබ් ගස පල්ලිමුනේ මාර්ගයේ ඇතුළට වන්නට දැකගත හැකිවේ. උස මීටර් 7.5ක් පමණ වන මෙම බයෝබැබ් ගසෙහි වට ප්‍රමාණය මීටර් 19.5ක පමණ වේ.[1]
ඉතිහාසය[සංස්කරණය]
අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට බයෝබැබ් ගස (අලි ගස) ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. 2003 වසරේ සිදුකරන ලද සමීක්ෂණයක අනුව මෙරට අලි ගස් 40ක් පමණ තිබෙන අතර, ඉන් 34 පමණ මන්නාරමේ පිහිටයි. මින් පල්ලිමුනේ පිහිටා තිබෙන අලිගස වර්ෂ 800ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරේ. ව මෙය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් නම්කර තිබේ.[2]