Jump to content

මධුරි ඩික්සිත්

විකිපීඩියා වෙතින්
මධුරි ඩික්සිත්
උපත 1967 මැයි 15
මුම්බායි, මහරාෂ්ට්‍ර,ඉන්දියාව
රැකියාව නිළි වෘත්තිය
ක්‍රියාකාරි වර්ෂයන් 1984-2002 / 2007
සැමියා ශ්‍රීරාම් නේනෙයි (1999– )

බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් 1967 මැයි 15 වන දින උපත ලැබුවාය. ඇය 1980 සහ 1990 කාලය තුල හින්දි සිනමාවේ ප්‍රමුඛ නිළියන් හා නර්තන ශිල්පිණියන් අතර නමක් දිනා ගැනීමට සමත් වූවාය. මධුරි, වාණිජ වශයෙන් සාර්ථක වූ නිර්මාණ රැසකට දායක වූ අතර ඒවායේ රැඟුම් හා නර්තන අංග බොහෝමයක්ම පැසසුමට පාත්‍රවිය. ඇය බොලිවුඩ්හි විශිෂ්ඨතම රංගන ශිල්පිණියක ලෙස මාධ්‍ය මඟින් පැසසුමට ලක්විය. ඉන්දියානු රජය මඟින් ඉන්දියානු පුරවැසියෙකුට පිරිනමන සිව්වැනියට උසස් "පද්ම ශ්‍රී" සිවිල් සම්මානයෙන් ඇය පිදුම් ලැබීය.

මූලික අවධිය

ඇය, ශංකර් සහ ස්නෙලතා ඩික්සිත් ට දාව මධුරි ශන්කර් ඩික්සිත් ලෙස ඉන්දියාවේ මුම්බායිහි උපත ලැබූවාය. එමෙන්ම ඇය මාරතී චිට්පාවන් බ්‍රාහ්මණ පරම්පරාවකින් පැවත එයි. මධුරි "ඩිවයින්" ළමා උසස් පාසලින් හා මුම්බායි විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර ක්ෂූද්‍ර ජීව විද්‍යාඥයෙකු වීමට සිහින මැවුවාය. මේ අතර ඇය "කතක්" නර්තනය අවුරුදු අටක් පුරා හැදෑරීය.


Madhuri_Dixit

"https://si.wikipedia.org/w/index.php?title=මධුරි_ඩික්සිත්&oldid=469162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි