මද සරුභාවය

විකිපීඩියා වෙතින්

මද සරුභාවය(Subfertility) යනු යම් ශාකයකට හෝ සත්ත්ව කාණ්ඩයකට ස්වාභාවික ප්‍රජනක ක්‍රම මගින් නව අනිතයෙකු ඇති කිරීමේ නොහැකියාවයි. මිනිසා පිලිබඳ සැලකීමේදී මද සරුභාවය යනු උපත් පාලන ක්‍රම වලින් තොරව වසරක් ක්‍රමාණුකූලව ලිංගික සංසර්ගයේ යෙදීම මගින් දරුවන් ලගා ගැනීමට ඇති නොහැකියාවයි. අතීතයේදි මෙය වඳ භාවය(Infertility) ලෙස සැලකුවද වෛද්‍යය විද්‍යාවට අනුව එය මද සරුභාවය ලෙස සලකයි.

මද සරුභාවයට හේතු[සංස්කරණය]

අතීතයේනම් යම් පවුලක දරුවන් නැතිනම් එයට හේතුව කාන්තාවගේ වඳ බව ලෙස සළකන්නට සමාජය නැඹුරු වෙලා තුබුනා. එසේ වූවත් මද සරුභාවය කාන්තාවට පමණක් සීමා වූ කරුණක් නොවේ. කාන්තා හේතු(female factors) නිසා 20 - 35% පමණ මද සරු තත්ත්ව ඇති වෙන අතර , පුරුෂයන් (Male factors) නිසා 20 - 30% පමණ ප්‍රමාඅණයක් ඇති වේ. බොහෝවිට බහුල වන්නේ දෙද්නාගේම හේතු(combined factors) නිසා ඇතිවන තත්ත්වයි. ඒවා 25 - 40% අතර ප්‍රමාණයක් වේ.

මද සරුභාවය සඳහා බලපාණ කරුණු[සංස්කරණය]

මේ සඳහා හේතු බොහොමයක් පවති. සමහර කරුණු ඉහත සඳහන් ලෙස පුරුෂයාගෙන් ඇතිවන් අතර සමහර කරුණු කාන්තාවගෙන් හෝ දෙදෙනාගෙන්ම ඇතිවේ,

1. ජානමය හේතු (Genetic factors)

2. සමාජ රෝග (STI)

3. පතිදේහ නිසා ඇතිවන මඳ සරුභවය (Immune subfertility)

4. වයස හා සම්බන්ධ ගැටලු (Age related issues)

5. ගර්භාශය ආශ්‍රිත රෝග (Problems in uterus)

මද සරුභාවය සඳහා ප්‍රතිකාර (Treatments for Subfertility)[සංස්කරණය]

මේ සඳහා විව්ධ වූ ප්‍රතිකාර ක්‍රම පවති

1. මද සරුභාවය සඳහ වූ සාකචිඡා (Fertility counselling)

2. ගර්භානිතාවය වැඩි කරන ප්‍රතිකාර ක්‍රම (Medical treatments)

3. IUI

4. කළලයක් ඇතුලත් කිරීම (IVF)

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  1. Infertility (Wikipaedia)
  2. How to get pregnant fast : Online Pregnancy Care සංරක්ෂණය කළ පිටපත 2020-07-21 at the Wayback Machine
"https://si.wikipedia.org/w/index.php?title=මද_සරුභාවය&oldid=592794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි