භෘංගාමලක තෛලය

විකිපීඩියා වෙතින්

හින්දි බසින් භෘංගරාජ කියන්නේ කීකිරිඳිය පැළෑටියට, ආමලකී කියන්නේ නෙල්ලිවලට. මේ වචන දෙකින් අරගෙන තමයි භාංගාමලක කියන නම හදලා තියෙන්නේ. කීකිරිඳිය සහ නෙල්ලි තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක, තව ජාති අඩංගුයි. මේක උතුරු ඉන්දියානු ආයූර්වේදයේ එන ප්‍රතිකාරයක් බව ඒකෙන්ම පේනවානේ.

හදන විදිය කියන්න ඉස්සරින් ගුණය ගැන කියලා ඉන්නම්. ඊයේ ලිපිය දිග වැඩිවෙච්ච නිසා ඒ තෙලේ ගුණ කියන්න බැරිවුණා. ඒකත් බලගතු තෙලක්. මේකත් එහෙමයි. දෙකේම ගුණ එකටම කියන්නම්.

හිසේ ඉදිරිපස නළල යට, දකුණු පැත්තේ හිස ඇතුලෙන්, නැත්නම් වම් පැත්තේ හිස ඇතුලෙන් එන වේදනාව, ඇහි බැමි ඉදිමීම, ඇස් යට වේදනාව, දවල් කාලයේ හිස වේදනා දෙන ගතිය, උදේ කාලයේ හිස වේදනාව හැදී දවල් වන විට අුධික වෙන ඉරුවාරදය, හිස ඇතුලේ පුපුරු ගැසීම වැනි වේදනාව, හිස කැක්කුමත් සමග අධික වේගයෙන් සිතිවිලි පහළ වෙනවා වගේ දැනීම, නාසයෙන් අධික දුර්ගන්ධයක් දැනීම, සැරෙන් සැරේට කටට කුණු රසක් වගේ දැනීම, අධික ලෙස කිවිසුම් යාම, නෑමෙන් පසු සෙම බුරුල් වීම, නාසය හිරවෙලා වගේ දැනීම, නිතරම සෙම පැසවීම, නාසය ඇතුළත දැවිල්ලක් දැනීම, නළලේ දෙපැත්ත වේදනාව, නාසයෙන් ලේ වහනය වීම, අධික ලෙස කබ ගැලීම, නිකම් සිටින විටත් කඳුළු ගැලීම, හිස්සොරි, අධික ලෙස හිසකෙස් ගැලවී වැටීම, හිසකෙස් අග පුපුරා අවලක්ෂණ වීම, අකලට හිසකේ ඉදීම, කොණ්ඩය කොට වීම, වැවෙන වේගය බාලවීම, හැම වෙලාවෙම නාසය වේලිලා වගේ දැනීම, නිතර නිතර ඇසේ නගන ඇති වීම, නෑමෙන් පසු අධික ලෙස ඇස් රතු වීම, උදය වරුවේ ඇස් රතුවීම, නිතරම සොටු දියර ගැලීම, නාසය කැසීම, ඇස් කැසීම, ඇස් දැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුව, කටින් හුස්ම ගැනීම වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒ ලක්ෂණ පරම්පරාවෙන් එන රෝගයක් නිසා නොවන විට සියයට සියයක් සුවය ලබා දෙන්න පුළුවන් තෙල් වර්ග දෙකක් හතරවන පාඩමේ දුන් පීනස් තෙල සහ මේ භෘංගාමලක තෙල. පරම්පරාවෙන් එන පීනස් රෝගයක් නම් කරදර ගතිය අඩු වෙන තරමට පාලනය කර ගන්න, නැත්නම් යටපත් කරන්නත් මේ තෙල්වලට පුළුවන්.

භෘංගාමලක තෛලය නස්න කිරීමට ගන්න එපා. නෑමෙන් පසු හිසේ ආලේප කරන්න භාංගාමලක තෛලය ඉතාමත් සුදුසුයි. හිසේ ගාන්න පටන් අරන් සති දෙක තුනක් යන විට ගුණ දැනෙන්න පටන් ගන්නවා. හිස්සොරි සුවවී කොණ්ඩය ඉදෙන එක, වැටෙන එක නැවතී වැවෙන වේගය වැඩිවෙන්න ගන්නවා. හිසකේ ඝන වෙන්න පටන් ගන්නවා. සමහර විට කොණ්ඩය ක්රේල් වෙන්නත් පුළුවනි. කෙස් අග පුපුරන එක නවතිනවා. දැන් බලමු හදා ගන්න හැටි, එතරම් අපහසු දෙයක් නෙවෙයි.

ඕනැ කරන ද්‍රව්‍ය:

අමු නෙල්ලි යුෂ අඬු කෝප්ප 2 යි (පත 2 යි = පලම් 8 යි)

කීකිරිඳිය යුණ අඬු කෝප්ප 2 යි

එළකිරි අඬු කෝප්ප 8 යි

තල තෙල් අඬු කෝප්ප 1 යි

වැල් මී ග්‍රෑම් 30 යි (පලම් ½ යි)

හදන හැටි:

පළමුවෙන් වැල්මී ටික ගලක අඹරා කල්කයක් හදාගන්න, ඕනෑ නම් වතුර චුට්ටක් එකතු කරන්න, නැත්නම් කල්ක කරන්න අමාරුයි. ඊළඟට ලොකු ඇතිලියක් ලිප තබා දියර ඖෂධ ටික ඒකට දමන්න, දැන් කල්කයත් එකතු කරලා දිය කරන්න. දැන් පුළුවනි ගින්දර දාන්න. හැබැයි මද ගින්නේ කකාරන්න ඕනා. කකාරනවා කියන්නේ ද්‍රාවණය ඇතුලේ හෙමිහිට බුබුළු නගින විදියට ගින්දර දාන එක. වතුර හිඳෙන්න රාත්‍රී තුනක් යන්න ඕනා. ගින්දර දාන මට්ටම හිතා ගන්න පුළුවන්නේ. හැම විටම රස්නෙන් තියෙන්න ඕනා. තනියෙන් බෑ කියලා තේරෙනවානේ. විස්වාසවන්ත සහායකයෙක් ඕනා. වතුර හිඳුනාම ඒ කියන්නේ පදම ආවාම ලිපෙන් බාගෙන පෙරා ගන්න. පෙරන්න ගන්න හොඳ පිරිසිඳු කපු රෙදි කඩක්. හොඳ බාජනයක අහුරා ගන්න. වරකට අත්ල පිරෙන්න අරන් හිසේ ගාන්න.

සටහන: පිරිමි, කාන්තා, ළමා කාටත් සුදුසුයි. හදන්න අමාරු නම් වෙළඳපලේ මිලදී ගන්න වුණත් තියෙනවා.

"https://si.wikipedia.org/w/index.php?title=භෘංගාමලක_තෛලය&oldid=469141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි