භූ විෂමතා

විකිපීඩියා වෙතින්
අඟහරු ගවේෂණ රෝවරය මගින් ගන්නා ලද මෙම ඡායාරූපය කේප් වර්ඩ (Cape verde) සිට වික්ටෝරියා ක්‍රාටර් (Victoria Crater) දර්ශන පෙන්වයි. මෙය ඡායාරූප ගත කිරීමට 2006 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 6 දක්වා සති තුනක කාල පරිච්ඡේදයක් ගත වී ඇත.

ජොහැන් හෙන්රිච් මාඩ්ලර් (Johann Heinrich Madlar) හා විල්හෙල්ට් බියර් (Wilhelm Beer) චන්ද්‍රයා සිතියම් ගත කිරීම නිසා ප්‍රසිද්ධ වුවත් මුල්ම එරියෝග්‍රැෆර්ස්ලා (aerographer) වන්නේද ඔවුන් දෙදෙනාය. අඟහරු හි මතුපිට වූ බොහෝමයක් ලක්ෂණ ස්ථිර ඒවා බව ඔවුහු පැවසූහ. තවද ග්‍රහලෝකයේ භ්‍රමණ කාලයද ඔවුන් විසින් නිර්ණය කරන ලදී. 1840 දී මාච්ලර් වසර 10 ක ගවේෂණ එකතු කර අඟහරුහි ප්‍රථම සිතියම අඳිනු ලැබීය. විවිධ නම් වලින් නම් කරනවා වෙනුවට ඒවා අකුරුවලින් හැඳින්වීය. මෙරිඩියන් (Meridian) බේ (සයිනස් මෙරිඩියාන්) “a”අකුරින් හැඳින්විණි.

වර්තමානයේ අඟහරු මත වූ වැදගත් අංග නම් කර ඇත්තේ ප්‍රභව ගණනාවක් යොදා ගනිමිනි. විශාල ඇල්බෙඩෝ (albedo) , පැරණි නම් බොහෝමයකට උරුමකම් කියයි. නමුත් එම නම් නව දැනුම සමග නිතරම යාවත්කාලීන වේ. උදාහරණයක් ලෙස නික්ස් ඔලිම්පියා, (ඔලිම්පස්හි හිම) ඔලිම්පස් මොන්ස් (ඔලිම්පස් කන්ද) බවට පත් වී ඇත.

අඟහරුහි සමකය එහි භ්‍රමණය මගින් අර්ථ දක්වා ඇත. නමුත් එහි ප්‍රධාන මධ්‍යහ්න රේඛාවෙහි පිහිටීම අහඹු ලෙස යම් ස්ථානයක් තෝරා‍ෙගන සලකුණු කර ඇත. 1830 දී මාඩ්ලර් හා බියර් ඔවුන්ගේ ප්‍රථම අඟහරු සිතියම්වලදී රේඛාවක් තෝරා ගනු ලැබීය. 1972 දී මැරිනර් 9 ගගන යානය අඟහරු වඩා විස්තීර්ණ ඡායාරූප ලබාදීමෙන් පසු සයිනස් මෙරිඩියානි (“මිඩ්ල්බේ” හෝ “මෙරිඩියන් බේ”) හි ඇති කුඩා ආවාටයක් (අයිරි - 0 ලෙස පසුව හැඳින් වූ) 0.00 අර්ථ දැක්වීම තෝරා ගැනුනි.

ඔලිම්පස් මොන්ස්

අඟහරුහි සාගර නොමැති නිසා මුහුදු මට්ටමක් ද නැත. එම නිසා උස ශූන්‍ය මට්ටමක් හෝ මධ්‍යන්‍ය ගුරුත්වජ තලයක් තෝරා ගත යුතු විය. උස ශූන්‍ය මට්ටම වායු ගෝලීය පීඩනය 610.5pa (6’105mbar) වන ස්ථාන යොදා ගෙන අර්ථ දක්වන ලදී. මෙම පීඩනය ජලයේ ත්‍රික ලක්ෂ්‍යයට අනුරූපී වෙයි. තවද පෘථිවියේ මුහුදු මට්ටමේ පීඩනයෙන් 0.6% ක් පමණ වේ.

අඟහරු භූ විස්තරයෙහි ද්විධාකරණය දැඩි අවධානයට ලක්වන්නකි. ලාවා ගැලීම නිසා සමතල වූ උත්තර තැනිතලා ආදි කාලීන බලපෑම්වලින් වලවල් හා ආවාට නිර්මාණය වී ඇති දකුණු උස්බිම් සමග අසාමාන්‍යතාවක් පෙන්ණුම් කරයි. පෘථිවියේ සිට නිරීක්ෂණය කළ විට වෙනස් වන ඇල්බෙඩෝ (albedo) සමග ප්‍රදේශ දෙකකට වෙන්වී ඇත. දුවිලි හා වැලිවලින් ආවරණය වී ඇති රතු පැහැති යකඩ ඔක්සයිඩ්වලින් පොහොසත් පාලර් තැනිතලා වරක් මාර්ටියන් “මහද්වීප” ලෙස සලකා ඇරුබියා ටෙරා (අරාබි භූමිය) හෝ ඇමසෝනිස් ප්ලැනිටියා (ඇමසෝනියානු තැනිතලා) යන නම්වලින් හඳුන්වන ලදී. අඳුරු පැහැති අංග මුහුදු ලෙස සැලකූ අතර මාරේ එජිත්‍රියම්, මාරේ සිරේනියම් හා අවුරෝරා සයිනස් වේ. පෘථිවියේ සිට බැලු විට දක්නට ලැබෙන විශාලම අඳුරු කොටස සයි(ර්)ටිස් මේජර් නම් වේ.

26km වූ ඔලිම්පස් මොන්ස් (ඔලිම්පස් කන්ද) යමහළ, සෞරග්‍රහ මණ්ඩලයේ දැනට දන්නා උසම කන්දයි. එය තවත් විශාල යමහල් ගණනක් පිහිටි තාසිස් නැමැති විශාල උස් භූමි ප්‍රදේශයේ වූ අභාවයට ගිය යමහළකි. එය 8.848 km පමණක් උස වූ එවරස්ට් කන්ද මෙන් තුන් ගුණයකටත් වඩා උසය. ගැටුම් නිසා ඇති වූ ආවාට විශාල සංඛ්‍යාවකින් ද අඟහරු සමන්විත වේ. මුළු ආවාට ගණන 43000 පමණ වන අතර විහ්කම්භය 5 km ට වැඩි ආවාට ද හමු වී ඇත. මෙයින් විශාලතම ආවාටය හඳුන්වන්නේ හෙලක්ස් ඉම්පැක්ට් බේසින් ලෙසය. එය පෘථිවියට පැහැදිලිවම පෙනෙන කුඩා ඇල්බෙඩෝ අංගයකි. අඟහරුහි කුඩා ස්කන්ධය නිසා වස්තුවක් එහි ගැටීමේ අවස්ථාව පෘථිවියෙහි මෙන් භාගයක් පමණ වේ. එසේ නමුත් අඟහරු ග්‍රාහක වළල්ලට සමීපයෙන් ඇති නිසා එහි ඇති වස්තු සමග ගැටීමේ ඉඩ කඩ වැඩිවී ඇත. අඟහරු කෙටි කාලීන ධූම කේතු සමග ගැටීමේ ඉඩ කඩ වැඩි වී ඇත. (බ්‍රහස්පති කක්ෂයේ පවතින) මේවා හැරුණු කොට චන්ද්‍රයා සමඟ සැසඳීමේදී අගහරු මත ඇත්තේ වඩා අඩු ආවාට සංඛ්‍යාවකි. එයට හේතුව අඟහරුගේ වායු ගෝලය කුඩා ග්‍රාහකවලට විරුද්ධව ආරක්ෂාව සැපයීමයි. සමහරක් ආවාටවල ග්‍රාහකය පවතින විට අදාල ප්‍රදේශ තෙත්ව තිබූ බව උපකල්පනය කළ හැකි ලකුණු තිබේ.

විශාල කැනියම, චැලස් මැරිනේරිස් (මැරිනර් නිමිතය යන්න ලතින් වලින් පැරණි සිතියම්වල අගනා ඩෑමන් ලෙසද හඳුන්වයි) 4000 km ක දිගකින් යුක්ත වන අතර 7 km පමණ ගැඹුරකින් යුක්ත වේ. එහි දිග යුරෝපයේ දිගට සමාන අතර අඟහරුහි පරිධියෙන් පහෙන් එකක් පුරා විහිදී පවතී. සසඳා බලන කළ, පෘථිවියේ ඇති මහා කැනියම 446km පමණක් දිග අතර 2 km පමණ ගැඹුරු වේ. වැලස් මැරිනේරිස් ඇතිවූයේ තාරිස් ප්‍රදේශයේ වූ ඉදිමීම නිසාය. එමනිසා චැලස් මැරිනේරිස් ප්‍රදේශයේ වූ භූ කබල පිපිරී කඩා වැටුනි. අනෙක් විශාල කැනියම මාඩිම් වැලිස්(මාඩ්ම් යනු හීබ්‍රෑ බසින් අඟහරු හඳුන්වන ආකාරයයි) එය 700 kmදිග අතර එයද මහා කැනියමට වඩා විශාල වේ. 20km පළලකින් යුක්ත වන එහි සමහර ස්ථාන 2 km ගැඹුරකින් යුක්ත වේ. අතීතයේදී මාඩ්ම් වැලිස් ද්‍රව ජලයෙන් පිරී තිබීමේ හැකියාවක් පවතී.

අඟහරුහි ගුහා දොරකඩවල THEMIS ඡායාරූප

නාසා හි අඟහරු ඔඩෙහි ඩ්බිටර් ගේ තාප විමෝචක ඡායාරූප පද්ධති (THEMIS) මගින් ගන්නා ලද ඡායාරූප, ආ(ර්)සියා මොන්ස් යමහලෙහි එක් පැත්තක ගුහා පිවිසුම හතක් ඇති බව හෙළි කළේය. මෙම ලෙන් ඒවා සොයා ගත් අය ආදරය කළ අයගේ නම්වලින් නම් තැබීය. ඒවා නම් ඩේනා, ච්ලෝ, වෙන්ඩි, ඇනී, ආබේ, තිකී හා ‍ෙජඈන් ය. පොදුවේ ඒවා සෙවන් සිස්ටර් (Sever sisters) ලෙස හඳුන්වනු ලැබේ. එම දොරටු 100m සිට 252m දක්වා පළල හා 73m සිට 96m දක්වා වූ ගැඹුරින් යුක්ත වේ. බොහෝමයක් ගුහාවල පතුලට ආලෝකය නොවැටෙන නිසා ඒවා මීටත් වඩා ගැඹුරට විහිදීමේ හැකියාවක් ඇති අතර පහළට යාමේදී පුළුල් වීමට ඉඩ ඇත. එකම විශේෂ ලෙන වන්නේ චේතාය. එහි පතුලට ආලෝකය වැටෙන අතර 130 m ක් ගැඹුරු බවට සොයා ගෙන ඇත. මෙම ගුහාවල අභ්‍යන්තරය අඟහරු මතු පිට බහුලව ඇති ක්ෂුද්‍ර ග්‍රාහක, UV විකිරණ, සූර්ය ගිනිදැල් හා අධි ශක්ති අංශුවලින් ආරක්ෂිත විය හැකිය. සමහරක් පර්යේෂකයන් මෙම ආරක්ෂිත බව නිසා ද්‍රව ජලය හෝ ජීවයේ සලකුණන් සොයා ගැනීමට ගුහා උපකාරී විය හැකි බවට අනාවැකි පළ කරයි.

අඟහරුගේ ස්ථිර ධ්‍රැව අයිස් වැසුම් දෙකක් පවතී. උතුරු වැස්ම ප්ලේනම් බෝරියම් හි ඇති අතර දකුණු වැස්ම ප්ලේනම් ඕස්ට්‍රේලිහි ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=භූ_විෂමතා&oldid=462910" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි