භූ චලනය - භූචලන හා එහි ප්‍රතිඵල

විකිපීඩියා වෙතින්
tiny globe
1755 - ලිස්බන් නගරයේ වු භූචලනයයි. සුනාමි තත්ත්වයක්ද හට ගැනිණි.
  • 1755 - ලිස්බන් නගරයේ වු භූචලනයයි.
  • 1906 - සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර භූ චලනය
  • 1964 - ඇන්කෝරා ඇලෙක්සිකාහි භූ චලනය
  • 1985 - මැක්සිකෝ සිටි හි භූ චලනය සහ එහි සිදුවු ව්‍යසනය
  • 1988 - ආමේනියාහි භූ චලනය
  • 1989 - ලෝමා ප්‍රියෝටා හි භූ චලනය
  • 1994 - නිරිත දිග වැටියෙහි සිදුවු භූ චලනය
  • 1995 - කෝබේ හි භූ චලනය
  • 2004 - වෙළසුඉ හි භූ චලනය


භූ චලන හා ඉරිතැලිම්[සංස්කරණය]

භූමියේ ඇති වන චලනයන් හා ඉරිතැලීම්, භූමිකම්පාවක ප්‍රධාන ලක්ෂණ වේ. එයින් විය හැකි බලපෑම භූමිකම්පාවේ ප්‍රබලතාව, භූ සංඥාව ආරම්භ වු ස්ථානය සිට ඇති දුර, පසේ ස්වභාවය යන කරුණු මත පදනම් වේ. පොළවේ ඇති වන චලනයන් මැනීමට උපකරණ භාවිතා කරයි. එය ඇතිවන වේගය අනුව තීරණය වේ. භූ චලනයක ඇති වේගය අඩු වුවත් ඉන් සිදුවන ව්‍යවසන තත්ත්වය මත භූ කම්පනයේ ප්‍රබලත්ව තීරණය කෙරේ. තවද පොළොව ගර්භය තුළ සිට එන කම්පන රැලි , තද පසේ සිට බුරුල් පස දක්වා ගමන් කිරීමද සිදුවේ.

පොළොවේ ඉරි තැලීම් සිදු වන්නේ භූ චලනය සිදු වු ස්ථානයේ සිට කුඩා දුර ප්‍රමාණයකය. මෙය ඉංජිනේරු කර්මාන්තවලට බලපෑම් ඇති කරයි. වේලි(Dams), පාලම් හා න්‍යෂ්ටික බලාගාර තැනීමේදි, භූ චලන කලාප වලින් තොර ප්‍රදේශ තෝරා ගැනීම වැදගත් වේ.


නායයෑම් සහ හිම කඳු කඩා වැටීම[සංස්කරණය]

නායයෑම් සහ හිම කඳු කඩා වැටීම් නිසා කඳුකර ප්‍රදේශ වලට බලපෑමක් ඇති වේ.


ගිනි[සංස්කරණය]

tiny globe
1906 දී සැන් ෆැරැන්සිස්කොහි භූ චලනයේදි ඇතිවූ ගින්න

භූ චලනයක් සමඟම ගිනි හට ගැනීම සිදුවේ. මෙය ගෑස් මාර්ග හා විදුලි රැහැන් කැඩීම නිසා සිදු වේ. ඒ අවස්ථාවේදී ජලය සොයා ගැනීමද අපහසු නිසා මෙය නැවැත්වීමට අපහසු වේ.


පස් දියවී යාම[සංස්කරණය]

මෙය සිදුවන්නේ, භූ චලනයන් සමඟ ජලය මිශ්‍රිත ද්‍රව්‍යවල (වැලි ගඩොල්) ශක්තිය තාවකාලිකව අඩු වී දියවීයාමට භාජනය වේ. එවිට විශාල ගොඩනැගිලි, පාලම් වැනි දේ ගිලා බැසීම හෝ කඩා වැටීම සිදු වේ.


සුනාමි[සංස්කරණය]

සාගර පත්ලේ සිදුවන භූචලන නිසා විශාල උදම් රළ භූමියට පැමිණීම සුනාමි (Tsunami) වේ. උදා. 2004/12/26 සිදු වු සුනාමිය.


මානව බලපෑම්[සංස්කරණය]

භූ චලන නිසා වසංගත රෝග පැතිරීම, මුලික අවශ්‍යතා හිඟවීම, ජීවිත හානි, දේපල හානි, මහාමාර්ග හානි, ගොඩනැගිලි කඩා වැටීම සිදු වේ.

සටහන[සංස්කරණය]

Earthquake Effects_of_earthquakes