භූකම්පන විශාලත්ව පරිමාණ
Appearance
භූකම්පන විශාලත්ව පරිමාණ භාවිතා කරන්නේ භූමිකම්පාවක සමස්ත ප්‍රබලතාව හෝ "විශාලත්වය" හෝ විස්තර කිරීමටය. භූමිකම්පාවක් හේතුවෙන් කිසියම් ස්ථානයකදී සිදු කෙරෙන පොළොව සෙලවීම් (කම්පාවන්) වල තීව්‍රතාව හෝ උග්‍රතාව හෝ වර්ගකිරීමට භාවිතා වන්නාවූ භූකම්පන තීව්‍රතා පරිමාණ වෙතින් මෙය වෙන් කොට හඳුනාගත යුතුය. භූකම්පන රේඛනයක සටහන් කෙරෙන භුමිකම්පාවක භූකම්පන තරංගයන්හී මිනුම් අනුසාරයෙන් විශාලත්වයන් සාමාන්‍යයෙන් නිර්ණය කෙරෙයි. භූකම්පන තරංගයන්හී කුමන ලක්ෂණයන් මනින්නේද සහ ඒවා මනින්නේ කෙසේද යන්න අනුව විවිධ විශාලත්ව පරිමාණ පවතියි. භූමිකම්පාවන්හී, ඒ්වායෙහි ගැබ්වී ඇති තොරතුරු සහ විශාලත්වයන් භාවිතාවන්නේ කුමන අරමුණු සඳහාද යන්නෙහි විවිධත්වයන් නිසාවෙන් විවිධ විශාලත්ව පරිමාණ අවශ්‍ය වෙයි.
ඝූර්ණ විශාලත්ව සහ ශක්ති විශාලත්ව පරිමාණ
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ඝූර්ණ විශාලත්ව පරිමාණය