භාවස්ඵුට

විකිපීඩියා වෙතින්

නක්ෂත්‍ර කාලය[සංස්කරණය]

මීන රාශිය සහ මේෂ රාශිය වෙන්කරන (මේෂ ) රේඛාව අහසේ මුදුන්වූ ක්ෂණයේ සිට ගතවූ කාලයට නක්ෂත්‍ර කාලය යැයි කියනු ලැබේ. නක්ෂත්‍ර කාලය පහත පෙනෙන සමීකරණයන් භාවිතා කොට ගණනය කර ගැනීමට පිළිවන.

සටහන - පෘථිවියේ ස්ථානයක සිට බලන විට ඉතා ඈතින් පිහිටි තාරුකාවක් පෘථිවයට සාපේක්ෂව නිසලය(මෙය 100%ක් නිවැරදි නොවේ මන්ද නිසල තාරුකා විශ්වයේ නැත)යම් මොහොතකදී(සූර්ය කාලයෙන්) එම නිසල තාරුකාව එම ස්ථානයේ අවසන් වරට හිස් මුදුනට පැමිණි මොහොතේ සිට එම මොහොත දක්වා ගතවූ කාලය එම මොහොතේ එම ස්ථානයට අදාල නක්ෂත්‍ර කාලයයි.මේෂ රාශියේ ආරම්භය දැක්වෙන තරුව මෙහිදී සම්මතයක් ලෙස භාවිතා කෙරේ.(තාරකා විද්‍යාව්දී සහ ජ්‍යොතිෂයේදී)


නක්ෂත්‍ර කාලය ගණනය කිරීම[සංස්කරණය]

ග්‍රිනිච් හිදී මධ්‍යම රාත්‍රී දොළහට නක්ෂත්‍ර කාලය පහත පෙනෙන සමීකරණයෙන් ලබාගත හැකිය.

ST0=0.276919398+100.0021359 T0+0.000001075 T02

T0 = 1900 ජනවාරි 1 වන දින මධ්‍යාහ්න දොළහේ සිට අදාල දිනයේ 0:00:00 දක්වා ගතවූ දින ගණන / 36525

සැ.යු.: මෙහි පිළිතුර ලැබෙන්නේ දින වලිනි.

මාධ්‍ය රාත්‍රී දොළහ පසුවී යම් පැය ගණනක් ගතවූ පසු නක්ෂත්‍ර කාලය ලබා ගැනීම සඳහා පහත පෙනෙන සමීකරණය භාවිතා කළ යුතුය.

STG=ST0+1.002737908 t

t = මධ්‍යම රාත්‍රී දොළහ පසුවී ගතවූ කාලය දිනවලින්

මෙයින් ලැබෙන්නේ ග්‍රිනිච් හි නක්ෂත්‍ර කාලයයි. වෙනයම් ස්ථානයක් සඳහා නක්ෂත්‍ර කාලය ලබාගැනීමට පහත පෙනෙන සමීකරණය භාවිතා කළ යුතුය.

STL=STG+L

L =අදාළ ස්ථානයේ දේශාංශය / 3600 (නැගෙනහිර දේශාංශ: ධන, බටහිර දේශාංශ: ඍණ)

උදාහරණයක්[සංස්කරණය]

2009 ජනවාරි 11 වන දින රාත්‍රී 7:10 ට කොළඹට නක්ෂත්‍ර කාලය සොයමු.


මුලින්ම කළ යුත්තේ මෙම වේලාව ග්‍රිනිච් වෙලාවට හරවා ගැනීමයි. ශ්‍රී ලංකාණ්ඩුවේ සම්මත වේලාව ග්‍රිනිච් වෙලාවෙ සිට පැය 5:30 ක් ඉදිරියෙන් සිටී. එමනිසා මෙම වේලාව ග්‍රිනිච් වේලාවෙන් 2009-1-11 13:40:00 වෙයි.

ඉන් පසුව කළයුත්තේ 2009-1-11 00:00:00 ට ග්‍රිනිච්හිදී නක්ෂත්‍ර කාලය සොයා ගතයුතුය. මේ සඳහා 1900-1-1 12:30:00 සිට 2009-1-11 00:00:00 දක්වා කාලය දිනවලින් ගණනය කරගත යුතුය.

මෙය දින 39822.5 කි. එය 36525 න් බෙදා ගත්විට T_0 හි අගය ලැබේ.

මෙම හි අගය සමීකරණයට ආදේශ කිරීමෙන් 2009-1-11 00:00:00 ට ග්‍රිනිච්හිදී නක්ෂත්‍ර කාලය සොයා ගත හැක.

ST0=0.276919398+100.0021359 T0+0.000001075 T02

ST0=109.3073124

ඉන් පසුව කළ යුත්තේ 2009-1-11 13:40:00 ට ග්‍රිනිච්හිදී නක්ෂත්‍ර කාලය සොයා ගැනීමයි.

STG=ST0+1.002737908 t

මෙහි t=2009-1-11 00:00:00 සිට 2009-1-11 13:40:00 දක්වා කාලය දින වලින්.

t=0.56944 වන බැවින් STG=109.8783159 වෙයි. ඉන්පසු මෙම මොහොතට කොළඹට නක්ෂත්‍ර කාලය සොයා ගත යුතුය.

STL=STG+L

මෙහි, L =අදාළ ස්ථානයේ දේශාංශය / 3600 (නැගෙනහිර දේශාංශ: ධන, බටහිර දේශාංශ: ඍණ) කොළඹ පිහිටා තිබෙන්නේ නැගෙනහිර දේශාංශ 790 51" හි බැවින් L=0.221805556.

එමනිසා

STL=110.1001215

මෙහි පූර්ණ සංඛ්‍යාව අතහැර දශම සංඛ්‍යාව පමණක් සැලකූ විට 2009 ජනවාරි 11 වන දින රාත්‍රී 7:10 ට කොළඹට නක්ෂත්‍ර කාලය දින වලින් ලැබේ.

නක්ෂත්‍ර කාලය පැය විනාඩි වලින් දැක්වීම සාමාන්‍ය ක්‍රමයයි. එමනිසා මෙම නක්ෂත්‍ර කාලය 2:24:10 වශයෙන් පැය විනාඩි තත්පර වලින් දැක්වීමට පිළිවන.

පහත පෙනෙන භාවස්ඵුට ගණනය කිරීම සඳහා නක්ෂත්‍ර කාලය අංශක වලට හරවා ගත යුතුය. නක්ෂත්‍ර කාලය අංශක වලට හරවා ගත් විට RAMC=36.04372680.

භාවස්ඵුට ගණනය කිරීම[සංස්කරණය]

මුලින්ම පෘථිවියේ ආනතිය සොයා ගත යුතුය. පෘථිවියේ ආනතිය ආසන්න වශයෙන් 23.450 කි. මෙම අගය භාවිතා කළත් වරදක් නොමැත. නිවැරදි ආනතිය සොයාගැනීමට නම් පහත පෙනෙන සමීකරණය භාවිතා කරන්න.

e=23.452294-0.0130125 T-0.00000164 T2+0.000000503 T3

T= 1900 ජනවාරි 1 වන දින මධ්‍යාහ්න දොළහේ සිට අදාල වේලාව දක්වා ගතවූ දින ගණන / 36525

Fai=අදාල ස්ථානයේ අක්ෂාංශය (උතුරු අක්ෂාංශ: ධන, දකුණු අක්ෂාංශ: ඍණ)


භාවය දසවැන්න එකොළොස්වැන්න දොළොස්වැන්න ලග්නය දෙවැන්න තුන්වැන්න
H0 0 30 60 90 120 150
F 0 0.33333 0.66667 1 0.66667 0.33333

H=H0+RAMC

D=arcsin(sin(e)*sin(H))

A=F arcsin(tan(Fai) tan(D)) ------------- (1)

M=arctan(sin(A) /(cos(H) tan(R))) ------------- (2)

R=arctan((tan(H)*cos(M))/cos(M+e)) ------------- (3)

D=R ------------- (4)

D වල අගය ආදේශ කර සමීකරණ (1) සිට (4) දක්වා නැවතත් ගණනය කරන්න. දෙවරක් හෝ තුන්වරක් මෙසේ ගණනය කිරිමේන් අනතුරුව ලැබෙන R අගය භාවස්ඵුටය වෙයි. මෙසේ ලැබෙන R අගය H වල අගයට ආසන්න වශයෙන් සමාන අගයක් විය යුතුය. එසේ නොවන අවස්ථා වලදී R අගයට 1800 ක් එකතු කර හෝ අඩු කර R අගය නිවැරදි කරගත යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=භාවස්ඵුට&oldid=469138" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි