Jump to content

භද්දකච්චානා

විකිපීඩියා වෙතින්

ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුගේ සොහොයුරු කෙනෙකු වූ , අමිතෝදන රජුගේ පුතුනුවන් වූයේ පණ්ඩු ශාක්‍ය කුමරුන්ය. ඔහුගේ දියණියයි , භද්දකච්චායනා කුමරිය.

සියළු කාන්තා ලක්ෂණ්‍යෙන් සපිරි මෙම කුමරිය ලබා ගැනීමට රජ දරුවන් සත් දෙනකු පණ්ඩු ශාක්‍ය රජු හට තෑගි භෝග එවූහ. ඉන් එකකුට කුමරිය දුන්නහොත් , අනෙක් අය කිපී රජු 'හා යුද්ධ කරයි'යි සිතා ඔහු උපායක් යෙදුවේය. ඔහු කුමරිය සමඟ කාන්තාවන් තිස් දෙදෙනකු සමඟ නැවක බහා , ගංගා නම් ගඟේ පාකර , සුදුස්සෙක් නැව නවතා කුමරිය ගන්න යැයි කීවේය. නමුත් රජ දරුවන් කිසිවකුටද නැව නවතා ගත නොහැකි වීය.

සීඝ්‍රගාමී නැව ගංගාව දිගේ විත් ලංකාවට ගසා ආවේය ( ගෝණගම් පටුන ). ඔවුන් හඳුනාගත් ඇමතිවරයා ( වරු ) ඔවුන් රජු වෙත ගෙන ගියේය. භද්දාකච්චායනා කුමරිය පඩුවස්දෙව් රජගේ අග මෙහෙසිය බවට පත්විය [1]. ඇය සමඟ ආ පිරිස පණ්ඩු වාසුදේව කුමරුගේ පිරිස සමඟ විවාහ කර දුණි. ඇය දරුවන් එකොළොස් දෙනෙකුගේ මවක් වූ අතර වැඩිමල් දරුවන් දස දෙනාම පුත්‍රයන් වූ අතර , එකොලොස් වැන්නිය උන්මාද චිත්‍රා නම් දියනියක වූවාය. පන්ඩුකාභය රජුගේ මිත්තනිය වන්නේ , භද්දාකච්චායනා රැජින වේ.

පණ්ඩුකාභය රජුගේ ජීවන පුවත අලලා 2008 වර්ශයේ තිරගත වූ "අබා" චිත්‍රපටයේ භද්දාකච්චායනා අග මෙහෙසිය චරිතය රගපානු ලැබුවේ ප්‍රවීන නිලි මාලනී ෆොන්සේකා මහත්මිය වේ.
  1. ↑ මහාවංශය , 8 පරිච්ඡේදය
"https://si.wikipedia.org/w/index.php?title=භද්දකච්චානා&oldid=795959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි