Jump to content

බෞද්ධ පරම විඥානාර්ථ සංගමය

විකිපීඩියා වෙතින්

1880 ජුනි 17 වැනි දින බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ අප රට කෲරතර පාලනයකට යටත්ව තිබිණි. බ්‍රිතාන්‍ය පාලකයන් අප රටේ ආර්ථික සම්පත් රිසි සේ සූරාකෑමට අමතරව අප රටේ ජන ජීවිතය මෙන්ම අපේ අධ්‍යාපන රටාවෙන් පැවැති ස්‌වයංපෝෂිත ආර්ථික රටාවෙන් විශාල වෙනස්‌කම් කළා පමණක්‌ නොව දිගුකාලීනව සිතා බලා මිෂනාරි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලදී.

මෙවැනි පසුබිමක්‌ යටතේ ඇමරිකානු ජාතික හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌තුමා අප රටට පැමිණේ. එතුමා සමඟ අප රටේ නිදහස්‌ අරගලයට කැප වී ක්‍රියා කළ භික්‍ෂූන් හා ගිහි උතුමන් රාශියකි.

බෞද්ධ පුනර්ජීවය පිණිස ඕල්කොට්‌තුමා කටයුතු රාශියක්‌ කළ අතර 'පරම විඥනාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීම එහිදී ප්‍රධානම කරුණක්‌ වේ."

උප වාර්තාකාර ලේකම් දමෝදර් කේ. මවලංකාර් නමින් 1880 මැයි 22 වැනි දින ගාල්ලේදී පරම විඥානාර්ථ සමාගම පිහිටුවා ගැනීමේ රැස්‌වීමේ කුඩා දැන්වීමක්‌ පළ විය. එය මෙසේය.

"සියල්ලන්ගේම දැනගැනීම පිණිසයි. ලබන සඳු දින රාත්‍රි අටට මිනුවන්ගොඩ (නම සඳහන් නොවේ) නිවසේදී රැස්‌වීමක්‌ පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

එම රැස්‌වීමේදී ඕල්කොට්‌ සේනාධිපතිතුමන් විසින් පරම විඥනාර්ථ සමාගමේ බලාපොරොත්තු හා පරමාර්ථ ගැන ලුහුඬින් කරුණු දක්‌වනු ඇත. සමාගමට බැඳීමට කැමති මහතුන්ට ඉන්පසු ඒ සඳහා පිළියෙල වී ඇති පොතෙහි තම නාමයන් ලියාපදිංචි කරවා ගත හැකිය.

බුලත්ගම නායක හිමියන් මුලසුන හෙබවූ මෙම

රැස්‌වීමේදී මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිsමියන් කළ දේශනය කාගේත් ඇඟ කිලිපොලා ගිය දේශනයක්‌ විය. මෙකල බෞද්ධයන් මිෂනාරිවරු අතර පැවති විවිධ විවාද තර්ක විතර්ක හා වාදවලදී උන්වහන්සේ ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළාහ. ඒ අතර "උදම්විට වාදය" "ගම්පල වාදය" පානදුරා වාදය" දැක්‌විය හැකි අතර ගුණානන්ද හිමියන්, ඕල්කොට්‌ තුමා ලංකාවට ගෙන්වා ගැනීමට ද මුල්වී ක්‍රියාකළ හිමිනමක්‌ ලෙස දැක්‌විය හැකිය. එසේම සම්බුද්ධ ශාසනයත් ජාතියත්, රටත් අධිරාජ්‍යවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන ගිය සටනේ වැදගත් අවස්‌ථාවක්‌ ලෙස පරම විඥනාර්ථ සමාගම පිහිටුවීම දැක්‌විය හැකිය.

මෙම රැස්‌වීමේදී හෙන්රි ස්‌ටිල් ඕල්කොට තුමා පැවැත්වූ කෙටි දේශනය කාගේත් සිත් ඇදගත්තේය. මෙම අවස්‌ථාවට රුසියානු ජාතික බ්ලැවැස්‌කි මැතිනිය ද සහභාගි වූවාය. පළමුවන සාමාජිකයන් එකොළොස්‌දෙනා බඳවාගෙන ඔවුන්ගෙන් ගාලු පරම විඥනාර්ථ සමාගමේ ශාඛාව පිහිටුවන ලදී.

එහි සභාපති ලෙස එස්‌. පී. සී. ද සිල්වා, ලේකම් වශයෙන් පී. පී. විජයරත්න ද පත්කර ගන්නා ලදී. බෞද්ධ මුදුන අරමුදලක්‌ මෙහිදී පිහිටුවාගත් අතර ඒ සඳහා පළමු රුපියල් 100 ඕල්කොට්‌තුමා පරිත්‍යාග කරන ලදී.

එදින රාත්‍රි 10 වනතුරුම විවිධ ප්‍රදේශවල සැරිසරමින් ධීවරයන්, ගොවීන් ආදීන් මුණගැසුනි. එතැන් පටන් ගාල්ල, කළුතර, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පරම විඥනාර්ථ සමාගමට සාමාජිකයන් ඒකරාශි කරමින් බෞද්ධ පුනර්ජීවනය පිණිස "පරම විඥනාර්ථ සමාගම" විශාල සේවාවක්‌ ඉටුකළ බව සඳහන් කරනු වටී.