බෞද්ධ නිවාඩු දින

විකිපීඩියා වෙතින්

බෞද්ධ නිවාඩු දින


බෞද්ධ ජනතාව පිළිගන්නා නිවාඩු දිනයන් බොහොමයක් තිබේ. මෙම දින වල බෞද්ධයින් තමන්ගේ ප්‍රදේශයේ පන්සල් වලට ගොස් භික්ෂූණ් උදෙසා දානය පිරිනමති. මෙම දානයෙන් කොටසක් පසුව දුප්පත් අයට බෙදා දෙනු ලැබේ.

බෞද්ධ නව අවුරුද්ද අප්‍රේල් මාසයේ පසලොස්වක දිනයේ සිට දින 3 ක් මෙම දිනය සමරනු ලැබේ. මහායාන රටවල් මෙය ඇරඹෙන්නේ ජනවාරි මාසයේදීය. මෙම දිනය නියමිත ලෙසම පැවැත්වෙන්නේ ජනතාව ජීවත්වන පසුබිම සැළකිල්ලට ගනිමිනි.
වෙසක් බුදුන්වහන්සේ උපන් දිනය වෙසක් ලෙස හඳුන්වන අතර අවුරුද්දේ ප්‍රධාන උත්සවයන්ගෙන් එකකි. මැයි මස පළමු පුර පසලොස්වක දිනයේ එය සමරන අතර අධික අවුරුද්දකදි ජුනි මාසයේ පැවැත්වේ.
මාඝ (Magha) පූජා දිනය මෙය තුන් වැනි චන්ද්‍ර මාසයේ සිදු කරනු ලැබේ. එනම් මාර්තු මාසයේදිය. මෙය බුදුන්ගේ ජීවිතයේ ඉතා වැදගත් සිදු වීමක් ලෙස සලකනු ලැබේ.
ඇසල පූජා දිනය ධම්ම දිනය නමින්ද හැඳින්වේ. මෙයින් සමරනු ලබන්නේ බුදුන් වහන්සේගේ පළමු දේශනයයි. එය සිදු වූයේ අට වැනි චන්ද්‍ර මාසයේ පුර පසලොස්වක දිනයකදීය දළ වශයෙන් ජුලි මාසයේදිය.
උපෝශත මෙම දිනය සිල් සමාදන් වන දිනය ලෙස හැඳින්වේ. ඒවා නව සඳ මුල් කර ගත් පූජනීය දින හතරකි. පසලොස්වක සහ සෑම මාසයකට අටවක දිනයන්වේ.
කඨින උත්සව වස්සාන ඍතුව නිම වීමත් සමග පැවැත්වෙන සිවුරු පූජා කිරීමේ උත්සවයයි. එම කාලසීමාවේ ඕනෑම දිනයක පැවැත්වේ. ගිහියන්ට භික්ෂූණ් වහන්සේලාට අලුත් සිවුරු සහ වෙනත් අවශ්‍ය දෑ පූජා කළ හැක.
අභිධම්ම දිනය බුරුම සම්ප්‍රදායට අනුව මෙය සමරනු ලබන්නේ බුදුන්වහන්සේ තම මෑණීයන්ට ධර්මය දේශනා කිරීම සඳහා තුසිත දෙව් ලොවට වැඩීම සිහිකිරීම පිණිසයි. මෙය සමරනු ලබන්නේ බුරුම ජාතිකයන්ගේ හත් වැනි චන්ද්‍ර මාසයේ පසලොස්වක දිනකදීය. මෙය ඇරඹෙන්නේ අප්‍රේල් මාසයේය.
සොංග්ක්‍රන් මෙම තායි උත්සවය අප්‍රෙල් මාසයේ දින ගණනක් පැවැත්වේ. එහිදි ජනතාව ඔවුන්ගේ නිවෙස්, රෙදි පිළි ඇඳුම් පිරිසිදු කරති. සුවඳ පැන් ගෙන භික්ෂූණ් වහන්සේලාට, සාමනේරවරුන්ට සහ ජනතාවට ඉසිති. මීට අමතරව ඔවුන්ට ග‍ෙඟ් බෝට්ටු පදිමින් විනෝද වීමට පුලුවන.
ලොයි ක්රතොංග් ඇලවල් සහ ගංගාවල් වතුරෙන් පිරී ගිය විට තායිලන්තයේ සියලු ප්‍රදේශවල දොලොස් වැනි චන්ද්‍ර මාසයේ පුර පසලොස්වක දිනයේදි මෙම උත්සවය පැවැත්වේ. කොල වලින් සාදන ලද භාජන, ඉටි පන්දම්, සුවඳ කූරු දියමත තබා අවාසනාව පලවා හැරීම සංකේතවත් කරනු ලැබේ.
සී සෑමේ උත්සවය මැයි මාසයේ අටවක කාලයේ රන් ආලේප කල නගුලක් ගොනුන් දෙදෙනෙකු විසින් අදිනු ලබයි. ඊට පසු වී ඇට ඉසිමින් සුදු හැඳ ගත් ගැහැණු ළමෝ පැමිණෙති. මෙසේ කරනු ලබන්නේ බුදුන් බුද්ධත්වය ලබා ගත් ප්‍රථම මොහොත සිහිපත් කිරීම සඳහාය.
අලි ඇතුන් උත්සවය වල් ඇතෙකු මෙල්ල කිරීම සඳහා හීලෑ ඇතෙකු යොදා ගැනීමේ උපමාව බුදුන් වහන්සේ ප්‍රයෝජනයට ගත්හ. බුද්ධාගම නොදන්නා නවකයෙකු වැඩිහිටියෙකු සමග සබඳතා පැවැත් විය යුතුය.මෙම උත්සවය නොවැම්බරයේ තුන් වැනි සෙනසුරාදා දින පැවැත්වේ.
දන්ත ධාතු උත්සවය ශ්‍රි ලංකාවේ දන්ත ධාතුන් වහන්ෙස් තැන්පත් කර තිබෙන මාළිගයක් තිබේ. එය දැක ගැනීමට හැකි වන්නේ වසරකට වරකි. මේ සඳහා පෙරහැරක් පැවැත්වෙන අතර එය පැවැත්වෙන්නේ අගෝස්තු මස පුර පසලොස්වක දිනයේදිය.
උලම්බන 'පරම්පරා දිනය' මෙම දිනය. අටවැනි චන්ද්‍ර මාසයේ පළමු දිනයේ සිට පහලොස්වැනි දිනය දක්වා සමරනු ලැබේ. මෙහි පළමු දිනයේදි අපායේ දොරවල් විවෘත වෙතැයි විශ්වාසයක් පවතින අතර භූතයින් පිටතට පැමින දින 15 ක් පුරා ලෝකයේ සැරිසරති. ජනතාව මෙම භූතයින් දුකෙන් මිදවීම පිණිස ආහාර පිරිනමති.
අවලෝකිතේශ්වර උපන් දිනය මෙම උත්සවයෙන් බෝධිසත්ව ආදර්ශයක් සමරනු ලැබේ. මාර්තු මාසයේ පසලොස්වක දිනයේ පවත්වනු ලැබේ. මෙයින් චීනයේ සහ ටිබෙටයේ මහායාන සම්ප්‍රදායේ කරැණාකමි ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වයි.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Buddhist_Ceremonies

"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_නිවාඩු_දින&oldid=464161" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි