බුද්ධ චරිතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

1. සිදුහත් කුමරුගේ පරපුර.

සිදුහත් කුමරුගේ පරපුර.JPG

2.ප්‍රතම නියත විවරණය  :බෝසතුන් සුමේධ තාපසව දීපංකර බුදුන් වෙතින් ලබන ලදි.

3.පස්මහ බැලුම්:

  • .කාලය
  • .දේශය
  • .දීපය
  • .කුලය
  • .මව

4. බුද්ධ චරිතයේ කඩඉම්, සිදුහත් කුමරුගේ උපතින්, පළමුදින - අසිත ( කාලදේවල) තවුසාට දැක්වීම හා පියරජුගේ පළමු වැදීම. දෙවන දින - නම් තැබීමේ උළෙල. හත්වන දින- මව වූ මහාමායා දේවිය කළුරිය කිරීම. මාස 05 දී -වප් මඟුල හා පිය රජුගේ දෙවන වැදුම. අවු: 16 දී - ශිල්ප දැක්වීම හා ය‍ශෝධරා දේවිය විවාහ කර ගැනීම. අවු: 29 දී - රාහුල පුත් කුමරු ඉපදීම හා ගිහිගෙයින් නික්මීම. අවු: 35 දී - බුද්ධත්වයට පත්වීම. අවු: 55 දී -ආනන්ද හිමියන් බුදුරඳුන්ගේ ස්ථීර උපස්ථායක තනතුරට පත්වීම. අවු: 80 දි - පරිනිර්වාණය.

5. සිදුහත බෝසතුන් ගිහිගෙය හැර යාමට හේතුව,

  • . සතර පෙර නිමිති දැකීම (මහලලෙක් , ලෙඩෙක්, මලමිනියක්, පැවිදි රුවක්) දැකීම. ( මෙයින් ජරා, ව්‍යාධි , මරන ආදිය අවබෝධ වී කලකිරීමට පත් වු අතර පැවිද්ද පිළිබඳ රුචියක් ඇති වීම.)
  • . රාහුල උපත (සසර බැඳීම පිළිබඳ අවබෝධ විය.)
  • . නිබ්බූත පද ඇසීම (දුක නිවීම පිළිබඳ අවබෝධ විය.)
  • .නිළියන්ගේ විකාර දැකීම ( සසර නිසරු බව අවබෝධ විය.)

6.සුදොවුන් රජු තම පුතුට වැදුම් කළ අවස්ථා:

  • . රජ මාළිගයේ දී අසිත තවුසාට කුමරු පෙන්වීමට සූදානම් වූ අවස්ථාව.
  • . වප් මඟුල් දා කිඹුල්වත් පුර වෙල්යායෙහි දඹ රුක් සෙවනේ කුමරු ආනාපාන සතිය වඩමින් සිටි අවස්ථාව.
  • . කිඹුල්වත් නුවර ශාක්‍යයන්ගේ මානය බිඳීම සඳහා බුදුරඳුන් යමා මහ පෙළහර පෑ අවස්ථාව.
බුදුහාමුදුරුවෝ.gif



7.සිදුහත් තවුස් තුමා දුටු සීන පස:

පළමු වන සීහිනය - බෝසතානන් මහ පොළව යහන ලෙසද , හිමාලය පර්වතය කොට්ටය ලෙසද ගෙන දකුණු මුහුදට දෙපා දිගු ෙකාට බටහිර මුහුදට දකුණතද , නැගෙනහිර මුහුදට වම් අතද දිගුකොට සැතපෙන සේ දැකීම. (මෙය චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධකොට බුදුවන බවට පෙර නිමිත්තකි.) දෙවන සිහිනය - බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතන ගසක් නැගී අහස තෙක් පැතිර සිටින සේ දැකීම. (මෙය ලෝකයාට දහම් දෙසන බවට පෙර නිමිත්තකි) තෙවන සිහිනය - කළු හිස් ඇති සුදු පණුවන් බෝසතුන්ගේ දෙපතුලෙන් නැගී දෙදන තෙක් වසා සිටිනු පෙනීම.(බොහෝ ගිහි ජනතාව බදුන් සරණ යන බවට පෙර නිමිත්තකි.) හතරවැනි සිහිනය -නොයෙක් වර්ණ ඇති ළහිණියන් සිව් දෙනෙකු සිව් දෙසින් පියඹා අවුත් බෝසතුන්ගේ පාමුළ වසා සුදු පැහැ වනු පෙණිනි. (සිව් කුලයට අයත් ජනයා පැවිදි වීම එකම ශ්‍රාවක පිරිසක් බවට පත්වන බවට පෙරනිමිත්තකි.)

08.යමාමහ පෙළහර : ශරීරයෙන් එකවිට එකිනෙකට ප්‍රතිවිරුද්ධ ජලය හා ගින්දර යන දෙකම නිකුත් කිරීමයි. මෙසේ කළ හැකි වන්නේ තේජෝ හා ආපෝ යන කසිණ වලට ‍ෂණිකව සම වැදීමෙනි. මෙය කළ හැකි වන්නේ බුදුරඳුන්ට පමණි.

9.බුදුරඳුන් යමාමහ පෙළහර පෑ අවස්ථා:

  • කිඹුල්වත් පුර වැඩි පළමු දිනයේ ශාක්‍යයන්ගේ මානය බිදීම සදහා නිග්‍රෝධාරාමයේද.
  • බුදු වී පළමු සතිය අවසානයේදී දෙවියන්ගේ සැක දුරු කිරීම සදහා ෙබා්රුක මුලදී
  • තීර්ථකයන්ගේ මානය බිදීම සඳහා සැවැත් නුවර ගණ්ඩබ්බ නම් අඹරුක මුලදී.

10.බුදුවීමට පෙරදා බෝසතුන්ට දන් පළිගැන්වීම: සේනානි නම් නියම් ගමෙහි සුජාතා සිටු දුව විසින්, එය කිරිපිඬු දානයකි.

11.බුදුරඳුන්ට පළමු දානය පිළිගැන්වීම: තපස්සු , භල්ලුක වෙළඳ දෙබෑයන් විසිනි. එය විලඳ හා මී පිඩුය.

12.බුදුරඳුන්ට අන්තිම දානය පිළිගැන්වීම: චුන්ද කර්මාර පුත්‍රයා විසිනි. එය සූකර මද්දවයයි .

13.සත් සතිය :
"පඨමං බෝධි පල්ලංකං- දුතියංච අනිම්මිසං
තතියං චංකමණං සෙට්ඨං- චතුත්ථං රතනාඝරං
පඤ්චමං අජපාලංච - මුචලින්දේන ජට්ඨමං
සත්තමං රාජායතනං - වන්දේතං මුනි සේවිතං"

පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් නුග රුක මුල හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල

14.පළමු ද්වේවාචික උපාසක පිරිස : තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්, ඒවන වට සංඝ රත්නය බිහිවී නොමැති හෙයින් ඔවූහු බුදුන් දහම් පමණක් සරණ ගියහ.

15.බුදුරඳුන්ගේ පළමු ශ්‍රාවකයා : දම්සක් දෙසුම අසා පළමුවෙන් සෝවාන් වූ අඤ්ඤා කොණඩඤ්ඤ තෙරණු.

16.ප්‍රථම බුද්ධ වචනය  : " අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිම්මිසං ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනංපුන ගහකාරක දිට්‍ඨෝසි - පුනගේහං නකාහසී සබ්බාතේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං විසංඛාරා ගතං චිත්තං - තණ්හානං ඛය මජ්ජගා "

තේරුම : සසර නැවත නැවත ඉපදීම දුකක් නිසා ඒ ඉපදීම නැමති ගෙය සාදන තණ්හාව නැමති වඩුවා ‍ සොයමින් නොයෙක් ජාති වල දිව්වෙමි. වඩුව තා මවිසින් දක්නා ලද්දෙහිය. යළි ගෙය නොකළ හැක්කෙහිය. තාගේ කෙළෙස් නැමති පරාල කඩා දමන ලදි. අවිද්‍යාව නැමති කැණිමඩල ගලවා දමන ලදි . සිත සංස්කාරයන්ගෙන් තොර විය. තණහාව නිමා විය.

17.අන්තිම බුද්ධ වචනය :  " භ්නදදානී භික්ඛවේ ආමන්තයාමී වෝ - වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" (මහණෙනි , දැන් මා ඔබ අමතමි. සංස්කාරයෝ නැසෙන සුළුය නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න. )

18.බුදුරදුන්ගේ අනුශාසනය : බුදුරඳුන් හතලිස් පස් වසරක් තිස්සේ ලෝක සත්ත්වයාට දුකින් මිදීම පිණිස නොයෙක් අයුරින් අනුශාසනා කළහ. ඒ සියල්ල එක් කොට සාරාංශ කළ විට මෙසේය , " සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්ත පරි‍යෝදපනං - ඒතං බුද්ධානුසාසනං" (සියළු පව් නොකිරීමත්, කුසල් රැස් කිරීමත්, සිත පිරිසිදු කිරීමත්, බුදුන්ගේ අනුශාසනයයි.)

19.බුදුවරුන්ගේ චාරිකා ක්‍රම දෙක:

  • තුරිකා - පුද්ගලයෙකු අරමුණු කරගෙන කෙලින්ම ඔහු වෙත යාම.
  • අතුරිත චාරිකා- ගම් නියම් ගම් පිළිවෙලින් සංචාරය කිරීම.

20.බුදුරදුන්ට එල්ල වූ විරෝධතා :

  • දව්දත් තෙරුන් සංඝයා භේද කිරීම, දුනුවායන් යෙදවීම , ගල් පෙරලීම වැනි දෑ
  • තීර්ථකයන්ගේ කුමන්ත්‍රණ හා සුන්දරී පිරිවැජිය මැරවීම
    *චිඤ්චි මානවිකාවගේ අභූත චෝදනා
  • මාගන්දියා දාමරිකයන් යොදවා අපහාස කරවීම
  • සොරුන් ලවා මුගලන් තෙරුන්ට පහරදෙවීම
  • සුප්‍රබුද්ධ ශාක්‍ය රජු රා බී මත්ව බුදුන් වැඩි මග අවුරා නින්දා කිරීම.

21. බුදුගුණ නවයකි. එනම් :

  • අරහං - බුදුරඳුන් අරහං නම් වීමට හේතුව, - සියළු පූජාවන්ට සුදුසු වීම , රහසින්වත් පව් ෙනාකිරීම. , කෙලෙස් සතුරන් නසාලීම නිසා.
  • සම්මා සම්බුද්ධ - බුදුරඳුන් සම්මා සම්බුද්ධ වීමට හේතුව,- අනෙකුගේ උපදෙස් රහිතව, ලොව දතයුතු සියල්ලම තමා විසින්ම මැනවින් අවබෝධ කරගත් නිසා.
  • විජ්ජාචරණ සම්පන්න - බුදුරඳුන් විජ්ජාචරණ සම්පන්න වීමට හේතුව, - අෂ්ඨ විද්‍යා හා පසළොස් වරණයන්ගෙන් යුක්ත වීම නිසා.
  • සුගත - බුදුරඳුන් සුගත නම් වීමට හේතුව,- යහපත් ගති වලින් යුක්තවීම, යහපත් ගමන් ඇතිවීම හා නිවන් අවබෝධ කිරීම නිසා.
  • ලෝක විදූ - බුදුරඳුන් ලෝක විදු නම් වීමට හේතුව , -කාම, රූප , අරූප යන ලෝකත්‍රයේ ඇතිවීම , පැවැත්ම, නැතිවීම , යන මෙය මැනවින් දැනගැනීම නිසා .
  • අනුත්තර පුරිස ධම්ම සාරථී - බුදුරඳුන් අනුත්තර පුරිස ධම්ම සාරථී  වීමට හේතුව, - හික්මවීම ඉතා අපහසු නාලාගිරි , අංගුලිමාල , රාහු අසුරිඳු , සච්චක පණ්ඩිත වැනි අය හික්ම වීමට බුදුන් වැනි වෙනත් සමතෙකු නොවීම නිසා.
    සත්ථා - බුදුරඳුන් සත්ථා නම් වීමට හේතුව,- ලෞකික, ලෝකෝත්තර දියුණුව සඳහා දෙව් මිනිසුන්ට අනුශාසනා කරන එකම ගුරුවරයා වීම නිසා.
  • බුද්ධ - බුදුරඳුන් බුද්ධ නම් වීමට හේතුව ,- එතෙක් කිසිවකු අවබෝධ නොකළ අර්‍ය්‍ය සත්‍ය හතරක් අවබෝධ කිරීම නිසා.
  • භගවා - බුදුරඳුන් භගවා නම් වීමට හේතුව,-‍ මහත් සේ භාග්‍ය සම්පන්න වීම, මහා පුණ්‍ය වන්තයකු වීම නිසා.

22.බුදුරඳුන්ගේ මහා කරුණාව  : සතු‍රාටත් මිතුරාටත් එකසේ දක්වන ක‍රුණාව මහා කරුණාව නම් වේ.

"http://si.wikipedia.org/w/index.php?title=බුද්ධ_චරිතය&oldid=16955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි