බුද්ධිමය දේපළ නීතිය අරමුණ

විකිපීඩියා වෙතින්
  • බුද්ධිමය දේපළ නීතිය අරමුණ

බුද්ධිමය දේපළ හිමිකම නිර්මාණකරුවන්ට සිය නිර්මාණයන් සම්බන්ධයෙන් පරම හිමිකමක් ලබාදීම තුලින් කතුවරයා හෝ නව නිර්මාණකරුවාට සිය නිර්මාණය පිලිබඳ තොරතුරු රහසක් ලෙස තබාගන්නවා වෙනුවට එය වැඩිදියුණු කිරීම හා ඒ පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීම කෙරෙහි පෙළඹවීමක් ඇති කරවයි. බුද්ධිමය දේපළ නීති මඟින් සහතිකකොට ඇති නෛතික රැකවරනය එකී නිර්මාණය මඟින් ආර්ථික සංවර්ධනය වෙත වන සැලකියයුතු දායකත්වය විසින් සමතුලිත කරවනු ලබයි.

ආර්ථික විද්‍යාඥයින් දක්වා සිටින්නේ එක්සත් ජනපදයේ විශාල ව්‍යාපාරයන් සතු දේපළ වලින් තුනෙන් දෙකක්ම ස්පර්ශ කළ නොහැකි දේපළ වන බවයි. මේ ආකාරයට බුද්ධිමය දේපළ රැකවරනය මත යැපෙන කර්මාන්තයන් විසින් බුද්ධිමය දේපළ නොවන කර්මාන්තයන්ට වඩා එක් සේවකයකුට 72 % ක වටිනාකමක් එක්කරයි.

මීට අමතරව ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද හවුල් පර්යේෂණ ව්‍යාපෘතියක් මඟින් ආසියාතික රටවල් හයක බුද්ධිමය දේපළ පද්ධතිවල බලපෑම මැනීමට කටයුතු කරන ලද අතර එහිදී පෙනීගියේ බුද්ධිමය දේපළ පද්ධතීන් ශක්තිමත් කිරීම සහ ආර්ථික වර්ධනය අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතින බවයි. කෙසේවෙතත් මෙම සම්බන්ධතාවය හේතුඵල වශයෙන් තහවුරු කළ නොහැක්කකි.