බුද්ධිමය දේපළ නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඉතිහාසය[සංස්කරණය]

බුද්ධිමය දේපළ යන යෙදුමේ වඩාත් පැරණිතම භාවිතය හඳුනාගත හැකිවන්නේ 1845 ඔක්තෝබර් මාසයෙනි. ඬේවොල් එ. බ‍්‍රවුන් හිදී මැසචුසෙට්ස් සංචාරක අධිකරණය පේටන්ට් අයිතිය පිලිබඳව විභාග කරමින් චාර්ල්ස් එල්. වුඞ්බරි විනිසුරුවරයා කියා සිටියේ ‘අපට බුද්ධිමය දේපළ ආරක්‍ෂා කළහැකි වන්නේ මේ ක‍්‍රමයෙන් පමණකි. කෙනෙකුගේ මානසික ශ‍්‍රමය, නිෂ්පාදන හා අභිරුචීන් ඔහු වගා කරන තිරිඟු හෝ ඔහු ඇති කරන සතුන් වැනිය’. ‘සොයාගැනීම් දේපළ වේ’ යන ප‍්‍රකාශය ඊටත් බොහෝ ඈතට යන්නකි. 1791 ප‍්‍රංශ නීතියේ පළවැනි වගන්තිය කියා සිටියේ ‘සෑම නව සොයාගැනීමක්ම එසේ කළ අයගේ දේපළ වේ. එම අයිතිය සුරක්‍ෂිත කිරීම සඳහා එකී සොයාගැනීම තාවකාලිකව භූක්ති විඳිම සඳහා එම තැනැත්තාට වසර පහකට දහයකට හෝ පහළොවකට පේටන්ට් අයිතිය ලබාදිය යුතුය’ යනුවෙනි.

බුද්ධිමය දේපළ යන යෙදුමේ පැතිරුනු ජනපි‍්‍රයභාවය වඩා නූතන සංසිද්ධියකි. 1967 දී මෙකී යෙදුම ප‍්‍රවර්ධනය කිරීමට සකී‍්‍රයව උත්සාහ කළ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ස්ථාපිත කරන තුරුම එය එතරම සාමාන්‍ය එකක් නොවුනි. කෙසේවෙතත් 1980 පමණ වනතුරුම උදෘත ලකුණුවලින් තොරව එය යෙදුනේ කලාතුරකිනි.

මෙම සංකල්පයේ සමභවය ඊටත් එහාට සොයා යා හැක. යුදෙව් නීතිය තුල බලබෑම අතින් වර්තමාන බුද්ධිමය දේපළ නීතියට සමාන ප‍්‍රතිෂ්ඨාවන් කිහිපයක් අන්තර්ගත වේ. කෙසේවෙතත් බුද්ධිමය නිර්මාණයන් ‘දේපළ’ වන්නේය යන සංකල්පය මෙකල නොපැවතින. කෙසේවෙතත් බොහෝ බටහිර රටවල නීති පද්ධතීන් තුල බුද්ධිමය දේපළ සම්බන්ධ ප‍්‍රතිපාදනයන් නොතිබූ අතර මෙම යෙදුම විසින් ආවරනය කරනු ලබන නීතීන් සාධාරණීකරණය කෙරුනේ බලහත්කාරයෙනි. මෙම යෙදුම සමහර පනත් කෙටුම්පත්වල පාද සටහන් තුල හැරෙන්නට එක්සත් ජනපදයේ ප‍්‍රකාශන හිමිකම් පිලිබඳ නීති සම්පාදනයන් තුල අන්තර්ගත නොවුනි. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ හා ව්‍යවස්ථාපිත නීතීන් තුල යොදාගනු ලැබූ යෙදුම වූයේ ‘පරම හිමිකම්’ යන්නයි.

අරමුණ[සංස්කරණය]

බුද්ධිමය දේපළ හිමිකම නිර්මාණකරුවන්ට සිය නිර්මාණයන් සම්බන්ධයෙන් පරම හිමිකමක් ලබාදීම තුලින් කතුවරයා හෝ නව නිර්මාණකරුවාට සිය නිර්මාණය පිලිබඳ තොරතුරු රහසක් ලෙස තබාගන්නවා වෙනුවට එය වැඩිදියුණු කිරීම හා ඒ පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීම කෙරෙහි පෙළඹවීමක් ඇති කරවයි. බුද්ධිමය දේපළ නීති මඟින් සහතිකකොට ඇති නෛතික රැකවරනය එකී නිර්මාණය මඟින් ආර්ථික සංවර්ධනය වෙත වන සැලකියයුතු දායකත්වය විසින් සමතුලිත කරවනු ලබයි.

ආර්ථික විද්‍යාඥයින් දක්වා සිටින්නේ එක්සත් ජනපදයේ විශාල ව්‍යාපාරයන් සතු දේපළ වලින් තුනෙන් දෙකක්ම ස්පර්ශ කළ නොහැකි දේපළ වන බවයි. මේ ආකාරයට බුද්ධිමය දේපළ රැකවරනය මත යැපෙන කර්මාන්තයන් විසින් බුද්ධිමය දේපළ නොවන කර්මාන්තයන්ට වඩා එක් සේවකයකුට 72 % ක වටිනාකමක් එක්කරයි.

මීට අමතරව ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද හවුල් පර්යේෂණ ව්‍යාපෘතියක් මඟින් ආසියාතික රටවල් හයක බුද්ධිමය දේපළ පද්ධතිවල බලපෑම මැනීමට කටයුතු කරන ලද අතර එහිදී පෙනීගියේ බුද්ධිමය දේපළ පද්ධතීන් ශක්තිමත් කිරීම සහ ආර්ථික වර්ධනය අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතින බවයි. කෙසේවෙතත් මෙම සම්බන්ධතාවය හේතුඵල වශයෙන් තහවුරු කළ නොහැක්කකි.

විවේචන[සංස්කරණය]

බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන නිදහස් සංස්කෘතික ව්‍යාපාරයේ සිටින්නන් එය බුද්ධිමය ආරක්‍ෂණවාදයක් නොඑසේනම් බුද්ධිමය ඒකාධිකාරයක් ලෙසින් හඳුන්වන අතර ප‍්‍රකාශන හිමිකම් දීර්ඝ කිරීම, මෘදුකාංග, පේටන්ට් සහ ව්‍යාපාර ක‍්‍රමවෙදයන්ගේ පේටන්ට් ආදිය සම්බන්ධ නීතීන් හේතුකොටගෙන මහජන ශුභසිද්ධියට හානිවී ඇති බව කියා සිටිති. පුළුල් අර්ථයෙන් යෙදීමේදී සමහරු බුද්ධිමය දේපළ යන යෙදුම පවා ප‍්‍රතික්ෂේප කරසිටිති. රිචඞ් ස්ටෝල්මන් තර්ක කර සිටින්නේ ‘මෙය ක‍්‍රමෝපායික ලෙස විකෘතිවීම් සහිත හා ගැටලූකාරී එකක් වන අතර එම තත්වය වඩා උග‍්‍රකොට ඇත්තේ ඉන් ප‍්‍රතිලාභ ලබන්නන් විසින්ම’ බවය. ඔහු කියා සිටින්නේ එකී යෙදුම යොදාගෙන ඇත්තේ වෙන වෙනම සම්භවය වූ, වෙනස් ආකාරයෙන් පරිණාමය වූ, විවිධ කි‍්‍රයාකාරකම් ආවරනය කරන, වෙනස් රීතීන් යටතේ කි‍්‍රයාත්මක වන සහ වෙනස් මහජන ප‍්‍රතිපත්තිමය කාරණාවන්ට අදාල වන්නාවූ විෂම නීතීන් රාශියක් කැටිකර දැක්වීමට බවයි. මෙම විවේචකයෝ ප‍්‍රකාශන හිමිකම්, පේටන්ට් සහ වෙළඳ ලකුණු සම්බන්ධයෙන් මූලික වශයෙන් ඉදිරිපත් වන අතර විෂම නීතීන් රැසක් එයට ඇතුලත් කරගැනීම සම්බන්ධයෙන් නොසතුට පළකර සිටිති.

"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධිමය_දේපළ_නීතිය&oldid=266442" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි