බුද්ධදාස රජු

විකිපීඩියා වෙතින්
  • බුද්ධදාස රජතුමා.-(‍Y.W.B).
===========[සංස්කරණය]
  • ආගමික කටයුතු සහ ශුභසාධන සේවාවන් මැනවින් ඉටුකළ බුද්ධදාස රජතුමා කිත්සිරිමෙවන් රජුගේ කණිටු සොහොයුරු දෙවන ජෙට්ටතිස්ස රජුගේ පුත්‍රයාය.
  • ගුණාත්මක බව,ත්‍යාගශීලී බව,ශ්‍රද්ධාව මෙන්ම කරුණාව ආදි ගුණාංගයන්ගෙන් පිරිපුන් මේ නරපතියාට සිංහල රාජවංසයේ අද්විතීය ස්ථානයක් හිමි වේ.
  • මෙතුමා වඩාත් ප්‍රකට වූයේ කෘතහස්ත වෛද්‍යවරයෙකු වශයෙනි තිරිසන් සතුන්ට පවා ඉතා කරුණාවෙන් ප්‍රතිකාර කළ බව මහාවංසයෙහි දක්වා ඇති පුවතකින් පැහැදිලි වේ.
  • දිනක් රජතුමා මඟුලැතු පිට නැඟී නෑම සඳහා තිසාවැවට යමින් සිටියේය.එබඳු ගමනක් යන විට පවා බෙහෙත් හා වෙදකමට අවශ්‍ය සැන් ආදිය සිරිතක් වශයෙන් ගෙන ගියේය.මෙසේ යන අතරමඟ පුත්තභාග නම් විහාරය පසෙක තුඹසක් මත කුස රෝගයකින් පෙළෙන මහානාගයෙක් දුටුවේය.මේ නාගයා රජතුමා එනු දැක තම කුසෙහි හටගත් ගෙඩිය දැක්වීමට මෙන් උඩුකුරුව සිටියේය. රජතුමා නාගයාගේ අදහස දැන ඇතු පිටින් බැස කුසෙහි හටගෙන තිබුණු ගෙඩිය ඉවත් කොට බෙහෙත් ගල්වා සුවපත් කළේය.සැත්කම් කරන අතරේ නාගයා තුඹසේ බිලට හිස දමා සිටි බව කියැවේ.රජතුමා සැතෙන් නාගයාගේ කුසෙහි තිබුණු ගෙඩිය සැත්කමකින් ඉවත් කොට බෙහෙත් දමා සුවපත් කළේය.එයින් තුටු වූ නාගයා තම නාග මාණාක්‍ය රජුට පරිත්‍යාග කළ බවත් රජු එම නාග මාණික්‍ය ගෙන අභයගිරි විහාරයෙහි සල පිළිමයෙහි නේත්‍ර කළ බවත් මහාවංසයේ දැක්වේ.
  • බුද්ධදාස රජතුමා නොයෙකුත් රෝගවලින් පීඩා විදින ලද රෝගීන් සුවපත් කළ අයුරු මහාවංසයේ දැක්වේ
  • රට වැස්සන්ගේ හිත පිණිස ගමක් ගමක් පාසා වෙදහල් කරවා එහි වෛද්‍යවරුන් සේවය පිණිස යෙදවීය සියලු වෛද්‍ය ශාස්ත්‍රීයන්හි සාරය එක්තැන් කොට එතුමා විසින් සංස්කෘත බසින් රචිත මාහැගි වෛද්‍ය ග්‍රන්ථ අද ද සිංහල වෛද්‍යවරු ඉමහත් ගෞරවයෙන් පරිහරණය කරති.
  • එසේම රටවැසියන්ගේ සෞඛ්‍ය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ගම් දහයකට එක එක වෛද්‍යවරයා බැගින් පත්කළේය.කෙත් වලින් ලබාගන්නා අයබදු වලින් විස්සෙන් අඩක් යොදවන ලද්දේ එම වෛද්‍යවරුන්ගේ වැටුප් සඳහාය.
  • ඇතුන්,අසුන් සහ යුද සේනාවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාද වෛද්‍යවරුන් පත්කර කිබිණ.
  • සමාජ ශුභසාධනයට බෙහෙවින් අගය කළ රජතුමා ගොළුවන් හා අන්ධයන් සඳහා මහාමාර්ගයෙහි තැනින් තැන ශාලා ඉදිකරවූ අතර ඔවුන්ට මුදල්ද වැටුප් වශයෙන් දුන්නේය.
  • නිරන්තරයෙන් ධර් ශ්‍රවනයට ඇලුම් ගළ එතුමා ධර්ම දේශකයන්ට සිවු පසයෙන් සංග්‍රහ කළේය.මහා විහාරයෙහි පස්විසි රියන් පහකින් හොබවා මොනර පිරිවෙන කරවා ඊට සමණය කොළපාණුව යන ගම් දෙකද පිදීය.
  • මහාධර්මකථික නම් වූ භික්ෂූන් වහන්සේ බෞද්ධ ත්‍රිපිටකය සිංහල බසට පෙරළුවේත් බුද්ධදාස රජුගේ පාලන සමයේදීය.
  • බුද්ධදාස රජුට පුත් කුමාරවරුන් අසූ දෙනෙක් සිටි බව වංසකථාවෙහි සඳහන් වෙයි ඔවුන්ට යොදා තිබුණේ අසූ මහා ශ්‍රාවකයන්ගේ නම්ය.-(‍Y.W.B).
"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධදාස_රජු&oldid=469107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි