බිලිඳකුගේ රෝගයන් නොවන සමේ වෙනස්කම්

විකිපීඩියා වෙතින්

අලුත උපන් බිලිඳකුගේ බොහෝ සමේ වෙනස් කම් දැකිය හැකිය. නමුත් මෙසේ දැකිය හැකි වෙනස්කම් වලින් ඇතැම් ඒවා රෝගී තත්වයන් නොවේ. ඒවා කාලයත් සමග ක්‍රමයෙන් නැතිවී යයි.

01.  VERNIX CASEOSA[සංස්කරණය]

ගර්භණී සමයේ අවසන් ත්‍රෛයි මාසිකය වන විට ආරක්ෂාකාරී පටලයක් මේ අයුරින් සෑදීම ඇරබේයි. එය සමහර විට මුලු ඇගම හෝ කොටස් පමණක් ආවරණය විය හැක.

02.  CUTIS MARMORATA[සංස්කරණය]

මෙය අලුත උපන් දරුවාගේ ඇග සීතල වීමට එරෙහිව රුධිරවාහිණී දක්වන ප්‍රතිචාරයන් ලෙස හඳුන්වා දිය හැකිය. මෙහිදී රුධිර වාහිණී විශාල වීමක් සිදුවේ. මෙය සමමිතිකය. එනම් ඇගේ දෙපස ඒකාකාරව දැකිය හැකිය.

03.  ACROCYANOSIS AND ERYTHEMA NEONATORUM[සංස්කරණය]

මෙය සමමිතිකව දෙපා සහ දෙඅත් වල නිල් පැහැයට හුරු ගැන්වීමකි. මෙය විටින් විට ඇතිවිය හැකිය. පලමු සතිය තුලදී නැතිවී යයි. නමුත් මෙය රුධිර වාහිනී හෝ ස්වසන රෝගී තත්වයන්ගෙන් ඇතිවන Cayanosis තත්වයෙන් වෙනස් කර හදුනා ගැනීම වැදගත්ය.