බැබිලො‍්නියා හා අෂ්‍රියා සමාජ ජීවිතය

විකිපීඩියා වෙතින්
පුරාණ ඇසිරියන්වරුන් ඇදුම්, court official, and nobleman.

අෂ්‍රියානු සාමාන්‍ය වැසියෙක්, උසාවි නිලධාරියෙක් සහ වංශවතෙක් වශයෙන් බැබිලෝනියාවේ පුජක පදවිය පන්ති ගණනකට බෙදුණු එකක් විය. රෝග සුව කළ හැකි අයවලුන්ගේ පන්තිය ඉන් එකකි. අෂ්‍රියාවේ මිලිටෙරි වංශවතෙක්ගේ ප්‍රතිරූපය තිබුණි. හමුදාවට බලෙන් බදවා ගැනීමෙන් එහි බලය වැඩි වී තිබුණි. දෙවන ආසියානු අධිරාජ්‍යයා විසින් ඒ දේවල් සාර්ථක ලෙස දියුණු කරවන ලදී. තුරඟ සේනාවට රථ යොදන ලදී. ටිග්ලත් - IV පයිල්සර් අශ්වාරෝහකයන්, සෑදල සහ උස බූට් සපත්තු ද සෙන්නචෙරිබ් යුධ සේනාංකද තැනුවේය. ආචාර පෙළපාලිය ගමන් කරන විට කූඩාරම්, යුධ ආම්පන්න රථ සහ ප්‍රාකාර බිදින යුද්ධෝපකරණ ද ගෙන යන ලද අතර ටාටන් හෙවත් ප්‍රධාන අණ දෙන නිළධාරියා රජුට පමණක් දෙවැනි විය.

මෙම රටවල් දෙකෙහිම වහල්ලු බොහෝ සිටියහ. ඔවුන්ට ඉහළින් සිටියේ ආෂ්‍රියාවේ සාමාන්‍යයෙන් දුබලව සිටි වෙළෙද හා කෘෂි කර්මාන්තයේ නියුක්ත වූවන් ය . බැබිලෝනියාවට වඩා අෂ්‍රියාවේ වැදගත් වු කොටසක් ලෙස ලේඛකයන් හැදින්විය හැකිය. කම්කරුවන්, මුදල් ණයට දෙන්නන්, කවියන් හා සංගීතඥයන් රටවල් දෙකේම සිටියහ.

මිනිසුන්ගේ නිවාස වල වුයේ ඉතා කුඩා ලී බඩු ප්‍රමාණයකි. ඒවා අතර පුටු, මේස හා කවිච්චි විය. අෂර්බානිපල් තම කවිච්චියේ හාන්සි වී ආහාර ගත් අතර ඔහුගේ බිරිද ඔහුට පසෙකින් තිබු පුටුවක වාඩි වී සිටි බව කියවේ.

මරණයක් අවස්ථාවේදි මිනිය සුළු වශයෙන් අදාහනය කිරීම සිදුවුණු අතර ඊට මරණකරුට අයත්ව තිබු දේවල් ද එක් කරන ලදී. ආදාහනාගාරය තිබුණේ නගරයට යාබදවයි. එය පිරිසිදු දිය දහරා ගලා යන කුඩ දිය පාරවල් සහිත මාර්ග වලින් සකස් වී ඇත. බොහෝ සොහොන් කොත් තනා තිබුණේ අමු ‍ගඩොලෙනි. මළ ගිය තැනැත්තාට කරන උපහාරයක් ලෙස අල්තාරද නිමවා තිබුණි. පුරාණ සොහොන් කොත් දිරා යන විට ඒ මතින් නැවත නව සොහොන්කොත් නිමවුණි. පුදුමයකට මෙන් තවමත් අෂ්‍රියාවේ සෙලියුසීඩ් හෝ පාතියන් යුග වලට වඩා පැරණි ආදාහනාගාරයක් තවම සොයා ගෙන නැත.


සටහන්[සංස්කරණය]

Social_life_in_Babylonia_and_Assyria