බැං කි-මූන්

විකිපීඩියා වෙතින්
බැං කි-මූන්

බැං කි-මූන් (උපත ජුනි 13 1944) යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු 8 වන මහලේකම් වරයාය. මොහු 2007 වර්ෂයේ කොෆි අන්නන් මහලේකම් ධුරයෙන් ඉවත්වීමෙන් පසු මහලේකම් ධුරයට පත් විය. වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන මුන් දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු කරන ලදී. විශ්ව විද්‍යාලයෙන් පිට වීමත් සමග විදේශ සේවයට එක වූ මුන් තම පළමු ධුරය ඉන්දියාවේ නව දිල්ලි වල හොබවන ලදී.

මුන් දකුණු කොරියාවේ විදේශ කටයුතු ඇමති ලෙස 2004 ජනවාරි සිට 2006 නොවැම්බර් දක්වා කටයුතු කරන ලදී. 2006 පෙබරවාරි මාසයේ ඔහු එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරයට තරග කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී. මුලදී ඔහු මෙම ධුරයට තේරී පත්වීමට ඉඩකඩ සිමා සහිත බව සිතුවද දකුණු කොරියාවේ විදේශ ඇමති ලෙස විවිධ රට වල සංචාරය කිරීමට ලැබුණු ඉඩකඩ නිසා ඔහුට වාසිදායී තත්වයක් ඇති විය.

"https://si.wikipedia.org/w/index.php?title=බැං_කි-මූන්&oldid=471002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි