බාලවයස්කරුවන් (නීතිය)

විකිපීඩියා වෙතින්

නීත්‍යානුකූල අන්දමට වැඩිහිටියෙක් ලෙස පිළිගැනීමත් සමාජයේ වැඩිහිටියෙක් සතු අයිතිවාසිකම් ප්‍රදානය කිරීමේ වයස් මට්ටමට වඩා පහළ පුද්ගලයන් හැඳින්වීමට භාවිතා කරනු ලබන යෙදුම බාලවයස්කරුවන් යන්නයි. මෙම වයස් සීමාව විවිධ අධිකරණ ප්‍රදේශයන් සහ භාවිතයන් මත වෙනස් වන මුත් බොහෝ විට 18 හෝ 21 යන දෙකෙන් එකක් වේ. බාලවයස්කරුවන්ගේ තත්ත්වය පූර්ණ වයස පණතෙහි අර්ථ දක්වා ඇත.

බ්‍රසීලය, ක්‍රොඒෂියාව, ඉන්දියාව, එක්සත් රාජ්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය ඇතුළු බොහෝ රටවල බාලවයස්කරුවෙක් යනු වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන් ලෙස අර්ථ දක්වා ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ණ වයස ජනපදයන් විසින් තීරණය කරනු ලබන අතර බොහෝ විට අවුරුදු 18 ට අඩු පුද්ගලයන් බාලවයස්කරුවන් ලෙස හඳුන්වන අතරම සමහර ප්‍රදේශයන හි අවුරුදු 21 ට අඩු පුද්ගලයින් බාලවයස්කරුවන් ලෙස හඳුන්වා ඇත.

අපරාධ යුක්ති ක්‍රියාපිළිවෙලේ සමහර අවස්ථාවල දී බාලවයස්කරුවන් යන යෙදුම අපරාධයක් සම්බන්ධ විභාගයක දී බාලවයස්කරුවෙකු හැටියටත් (දඬුවම් දිය හැකි) සහ යෞවනයකු හෝ වැඩිහිටියෙකු ලෙස සලකනු ලබන නිසා ඉහතින් දැක්වු ආකාරය සමඟ පූර්ණ වශයෙන් සමාන නොවේ (බොහෝ විට මිනීමැරීම වැනි බරපතල ගනයේ අපරාධ සඳහා පමණක්).


භාවිතය[සංස්කරණය]

ළදරුවා, දරුවා, ගැටවර, නව යෞවන, යෞවන සහ තරුණයා යන යෙදුම් භාවිත කළත් සමහර අධිකරණයන් විසින් මෙම යෙදුම් නීතිමය වශයෙන් වෙනස් ලෙස සලකනු ලබයි. වැඩිහිටියන් සඳහා අදාළ නොවන විශේෂ සීමාවන්, දඬුවම් සහ රැකවරණයන් බාලවයස්කරුවන් සඳහා වලංගු වේ. එක්සත් ජනපදය සහ සෝමාලියාව හැරෙන්නට එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ස්ථීර කොට ඇත.

බාලවයස්කරුවන් සඳහා පනවනු ලැබූ සීමාවන් ට උදාහරණයන් ලෙස ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ නීති, මත්පැන් සහ දුම්වැටි භාවිතය තහනම, අනිවාර්ය වේ. තවද පාසල් යාම, නෛතික ලියකියවිලි සඳහා වැඩිහිටියෙකු විසින් සම අත්සන් කිරීමේ අවශ්‍යතාවය (ගිවිසුම්වලදී) රියදුරු බලපත්‍ර අවශ්‍යතාවයන්, වෙනම නඩු විභාග සහ දඬුවම් ක්‍රම (ළමා අධිකරණ) ළමා කම්කරු නීති, නිසැරිය නීති, වයස් සීමාවන් පනවනු ලැබූ චිත්‍රපට බැලීමේ තහනම සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ තහනම දැක් විය හැකිය. මෙම නීති පවරනු ලබන්නේ බාලවයස්කරුවන්ගේ ආරක්ෂාවට වුවත් ඔවුන්ගේ නිදහස දැඩි ලෙස සීමා කරනු ලබයි.

බාලවයස්කරුවන් සඳහා පනවනු ලැබූ සීමාවන් අඩු මානසික හැකියාව යන උපකල්පනය මඟින් සාධාරණීයකරණය කළ හැකිය. සමහර අධිකරණ බාලක මුක්තිය සඳහා අවසර ලබාදෙන අතර තවත් අධිකරණ මඟින් බාලවයස්කරූවන්ට වැඩිහිටියන් සඳහා වූ සමහර අයිතිවාසිකම් වලට සුදුසුකම් අති බව පෙන්විය හැකිය. වයස සහ සම්බන්ධ සියලුම සිමා කිරීම් එම වයස සමඟ බැඳී තිබීම අනිවාර්ය නොවේ. කෙසේ වෙතත් බාලවයස්කරුවෙක් ව සිට වැඩිහිටියෙක් බවට පත්වීමේ දී කෙනෙකු ස්වාධීනව ගිවිසුම් චලට එළඹීමට හැකිවන වයස නියම චශයෙන් විස්තර කොට ඇත. 20 වැනි සියවස අවසානයේ දී ආසියාවෙන් පිටත බොහෝ රටවල් අවුරුදු 18 දී සියලුම වයස සම්බන්ධ තත්ත්ව මාරුවිම් සඳහා අවසර ලබාදෙන ලදී. එකිනෙකා වයස් පදනම මත සිමා කිරීම් සහ තත්ත්වය මාරුවන වයස තෝරා ගැනීම සඳහා මුල් තැන ලබා දීම, වයස් විශේෂිත තීරණ ගැනීමේ හැකියාව යනාදි ගැටලු දිගින් දිගටම ප්‍රශ්න කිරීමට ලක්වීම නිසා විවාදය සඳහා විවෘතව පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=බාලවයස්කරුවන්_(නීතිය)&oldid=471423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි