බාර්සිලෝනාවෙහි දිස්ත්‍රික්ක

විකිපීඩියා වෙතින්
නගරයෙහි දිස්ත්‍රික්ක දහය.

ස්පාඤ්ඤයෙහි, කැටලෝනියාවෙහි, බාර්සිලෝනා නගරය, නියමාකාරයෙන් දිස්ත්‍රික්ක 10 කට බෙදා වෙන් කර ඇත. ප්‍රධාන නගර සභාව, විසින් නියමකෙරෙන සභිකයෙක් විසින් එක් එක් දිස්ත්‍රික්කය පරිපාලනය කෙරෙන අතර, ඔවුන්ගේ ප්‍රදේශයෙහි නාගරිකත්වය හෝ යටිතලපහසුකම් වැනි කටයුතු සම්බන්ධයෙන් තරමක බලාධිකාරියන් එක් එක් අය සතු වෙයි. විවිධ දිස්ත්‍රික්ක වලට නගරය බෙදීමට වර්තමානයෙහි භාවිතා වන පිළිවෙල අනුමත කරන ලද්දේ 1984 වසරෙහිදීය.[1] යාබද ප්‍රදේශ 73 කට බාර්සිලෝනාව බෙදා වෙන් කිරීමෙහි නව ක්‍රමයක් 2009 වසරෙහිදී ඇරඹුවේ (දිස්ත්‍රික්ක 10 තවමත් භාවිතයෙහි පවතියි), නගර සභාව වෙතින් වඩාත් හොඳ සේවාවක් ලබා දෙනු රිසියෙනි.[1]

මෙම දිස්ත්‍රික්ක වලින් සමහරක්, පුරාතන ඉතිහාසයෙහිදී සරියා, ලස් කෝර්ට්ස්, සන්ත් අන්ද්‍රියු ද පලෝමාර්, ග්‍රාසියා හෝ සන් මර්තී ද ප්‍රොවොන්සල් ලෙසින් ස්වාධීන නාගරික බලප්‍රදේශ වශයෙන් තිබී 19වන සියවසෙහි අග භාගයෙහිදී සහ 20වන සියවසෙහි මුල් අඩෙහිදී බාර්සිලෝනා නගරය වෙත එක් වී තිබෙයි.

  1. 1.0 1.1 "ප්ලා දල් ෆුතූර් දෙල් බාරී දෙ වෙර්දාන්" (PDF) (කැටලාන් බසින්). බාර්සිලෝනා නගර සභාව. දෙසැම්බර් 2010. p. 3. 2016-03-30 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: unrecognized language (link)