බ්‍රේකිං බෑඩ්

විකිපීඩියා වෙතින්
(බ්‍රේකින් බෑඩ් වෙතින් යළි-යොමු කරන ලදි)
බ්‍රේකිං බෑඩ්
"බ්‍රේකිං බෑඩ්" ටෙලිනාට්‍ය මාලාවේ මාතෘකා තිර දර්ශනය. මෙය නිර්මාණය කර ඇත්තේ බ්‍රෝමීන් (Br) සහ බේරියම් (Ba) යන රසායනික මුලද්‍රව්‍ය වල සංකේත යොදාගනිමිනි.
ප්‍රභේදයඅපරාධ
ත්‍රාසජනක
Contemporary Western
Black comedy
තැනුවේවින්ස් ගිලිගන්
රඟපෑම
ඇරඹුම් තේමාව"Breaking Bad Theme"
Composer(s)Dave Porter
සම්භව රටඇමරිකා එක්සත් ජනපදය
භාෂාව(න්)ඉංග්‍රීසි
කථාවාර සංඛ්‍යාව5
කථාංග ගණන62 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
නිෂ්පාදක(යෝ)
ස්ථානය(න්)ඇල්බකර්කිව්, නිව් මෙක්සිකෝ, ඇමරිකා එක්සත් ජනපදය.
සිනෙමාරූපණය
ධාවන කාලය47–58 minutes
නිෂ්පාදන සමාගම
ප්‍රචාරණය
මුල් නාලිකාවඒ එම් සී (රුපවාහිනී නාලිකාව)
රූප ආකෘතිය16:9 අධි-විභේදන රූපවාහිනිය
මුල් ධාවනයජනවාරි 20, 2008 (2008-01-20) – සැප්තැම්බර් 29, 2013 (2013-09-29)
කාලානුක්‍රමය
සබැඳි දර්ශනBetter Call Saul
Metástasis
බාහිර සබැඳි
වෙබ් අඩවිය

බ්‍රේකිං බෑඩ් (ඉංග්‍රීසි:Breaking Bad) යනු වින්ස් ගිලිගන් විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරනු ලැබූ, අපරාධ ගණයේ ඇමරිකානු රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. මෙම ටෙලිනාට්‍ය මාලාව පළමු වරට විකාශය වූයේ 2008 ජනවාරි 20 සිට 2013 සැප්තැම්බර් 29 දක්වා AMC ( ඒ එම් සී (රූපවාහිනී නාලිකාව) ) කේබල් නාලිකාවේය. එය කතාමාලා 5ක් වශයෙන් විකාශය විය. මෙහි ප්‍රධාන චරිතය වන වෝල්ටර් වයිට් (බ්‍රයන් ක්‍රැන්ස්ටන්) යනු කතාව ආරම්භයේදීම තමාට පෙනහළු පිළිකාවක් ඇති බව දැනගන්නා, ඇමරිකානු උසස් පාසල් රසායන විද්‍යා ගුරුවරයෙකි. මොහු තම මරණයට පෙර තමාගේ පවුල ආර්ථිකව ශක්තිමත් කිරීම අරමුණු කරගෙන අපරාධකරුවෙකු බවට පත්වී මෙතම්ෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයටත්, ඒවා විකිණීමටත් යොමුවෙයි. ඔහු මේ සඳහා ඔහුගේම පෙර ශිෂ්‍යයෙකුව සිටි ජෙසී පින්ක්මන් (ආරන් පෝල්) තම හවුල්කරුවා ලෙස සම්බන්ධ කරගනී. මෙම ටෙලිනාට්‍ය මාලාවට පාදක වී තිබෙන්නේද, එය නිර්මාණය කර තිබෙන්නේද, ඇමරිකා එක්සත් ජනපදයේ, නිව් මෙක්සිකෝ ජනපදයේ, ඇල්බකර්කිව් නම් නගරයයි.

වෝල්ටර්ගේ පවුලේ සාමාජිකයන් වන්නේ ඔහුගේ බිරිඳ ස්කයිලර් වයිට් (ඇනා ගන්), ඔහුගේ පුතු වන ෆ්ලින් ලෙසද හඳුන්වන වෝල්ටර් වයිට් කනිෂ්ඨ (ආර් ජේ මයිට්) සහ හොලී වයිට් (එලනෝ ඈන් වෙන්රිච්) වේ. එමෙන්ම ස්කයිලර් ගේ නැගණිය වන මාරි ස්ක්‍රේඩර් (බෙට්සි බ්‍රැන්ඩිට්) සහ ඇගේ සැමියා වන පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරී හෑන්ක් ස්ක්‍රේඩර්ද (ඩීන් නොරිස්) මෙහි චරිත වේ.

ලොව ඕනෑම කාලයක නිකුත් වූ විශිෂ්ඨතම රුපවාහිනී ටෙලිනාට්‍ය මාලාවලින් එකක් ලෙස මෙම බ්‍රේකිං බෑඩ් ටෙලිනාට්‍ය මාලාව පුළුල්ව පිළිගැනේ. මෙහි අවසාන කොටස විකාශය වන විට එය ඇමරිකාවේ වැඩියෙන්ම නැරඹු කේබල් රුපවාහිනී වැඩසටහන් වලින් එකක් බවට පත්ව තිබිණි. බ්‍රේකිං බෑඩ් ටෙලිනාට්‍ය මාලාව ප්‍රයිම්ටයිම් එමී සම්මාන 16ක්, සැටලයිට් සම්මාන 8ක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක්, පීබෝයි සම්මාන 2ක්, සහ එක් පීපල්ස් චොයිස් සම්මානයක් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ටෙලිනාට්‍ය මාලාවකි. 2014 වසරේදී මෙම ටෙලිනාට්‍ය මාලාව, ලොව ඕනෑම කාලයකදී වැඩිම ප්‍රේක්ෂක ඇගැයුමකට (ratings) පාත්‍ර වූ ටෙලිනාට්‍ය මාලාව වශයෙන් ගිනස් ලෝක වාර්තා අතරට එක්විය.


නිෂ්පාදනය[සංස්කරණය]

සංකල්පය[සංස්කරණය]

Fox නාලිකාව සඳහා The X-Files වැනි ටේලිවෘතාන්ත නිර්මාණය කරන වින්ස් ගිලිගන් විසින් නිර්මාණය කරනු ලබන තවත් එක් කෘතියකි බ්‍රේකිං බෑඩ් (ඉංග්‍රීසි:Breaking Bad).

වින්ස් ගිලිගන්ට අනුව Breaking Bad යන පදයෙහි අර්ථය "නිරය නැංවීමට" යන්නයි. නමුත් ලිලී රෝත්මන්ට අනුව මෙහි අර්ථය "නිරය නැංවීමට" යන්නට වඩා ගැඹුරට නොයන බවයි. තවදුරටත් මෙය විග්‍රහ කරන ඔහු පවසන්නේ මෙහි අර්ථය 'නරක අතට හැරීම', 'වල් වැදීම' හෝ 'අධිකාරිය නොතැකීම' යන්න අර්ථවත් කල හැකි බවයි.

මෙමෙ කතාවට අදාල සංකල්පය වින්ස් ගිලිගන් හට පහල වී ඇත්තේ, ඔහුගේ සහෝදර රචකයෙකු වන Thomas Schnauz සමග ඔවුන්ගේ රැකියාව සම්බන්දව කරන විහිළුවක් වන "රථයක පිටුපස මත්ද්‍රවය නිෂ්පාදනය කරමින් රට වටා යෑම" යන්න තේමාකොට ගෙනයි.

ටේලිවෘතාන්තය අවසන් කිරීමට ප්‍රථම වින්ස් ගිලිගන් විසින් ප්‍රකාශ කර ඇත්තේ වෝල්ටර් වයිට් ගේ චරිතය ලිවීමට ඉතාම අපහසුවුයේ එම චරිතයේ පවතින ගුප්ත බව නිසා බවයි. පසුව ඔහු පවසා ඇත්තේ "මට මෙම ටේලිවෘතාන්තය හැමදාම මතක් වේවි. ඒ උනත් හොදින් හිත බලන විට වෝල්ටර් වයිට්ව මගේ හිසෙන් ඉවත් කිරීමත් මට එක අතකින් සැනසීමක්" කියාය.

සංවර්ධන ඉතිහාසය[සංස්කරණය]

මෙම නිර්මාණයෙහි මුල් පිටපතේ සදහන් වන පරිදි රූගත කිරීම් පැවැත්වීමට තීරණය කර ඇත්තේ 'රිවර් සයිඩ්' සහ 'කැලිෆෝනියා' යන ප්‍රදේශ වලයි. නමුත් සෝනි ආයතනයේ යෝජනාවකට අනුව 'නිව් මෙක්සිකෝ' වලද රූගත කිරීම් සිදුකර තිබේ. මෙම රුගත කිරීම් වලදී මූලික වශයෙන් 35mm වර්ගයේ කැමරාවක් භාවිත කරන ලදී. සාමාන්‍යයෙන් මෙහි එක පරිච්චේදයක් සදහා අමෙරුකානු ඩොලර් මිලියන 3 (ශ්‍රී ලංකානු රුපියල් මිලියන 400ක් පමණ) පමණ වියදම් කර ඇති බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රේකිං_බෑඩ්&oldid=348529" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි