Jump to content

බ්‍රිතාන්‍ය සමග යුද්ධය හා බුරුමයේ බිඳවැටීම

විකිපීඩියා වෙතින්

වර්ෂ 1752 දී ඒවා රාජධානිය බිද වැටීමත් සමගම ශිවිබෝහි නව පාලන පරපුරක් හන්තාවඩ්ඩිගේ බලයට එරෙහිව නැගී සිටියේය. මීලග වසර 70 පුරාම මැනවින් මිලිටරීකරණය (සන්නද්ධ) වූ කොන්බවුන්ග් පාලනය බයින්නවුන්ගේ අධිරාජ්‍යට පමණක් විශාලත්වයෙන් දෙවැනි බුරැම අධිරාජ්‍යයක් සෑදිමට යත්න දරමින් සිටියේයත වර්ෂ 1758 දී ඇල්වුන්ග්භයා රජුගේ කොන්බවුන්ගේ හමුදා මුලු බුරැමයම එක්සත් කරමින් මොන් ලෙඩ් හන්තාවඩ්ඩිගේ පාලනය නැවත ඇති නොවන්නට සහ ඔහුව ඔහුට අත දුන් යුරෝපීයන් වෙත එනම් ප්‍රංශයේ කාන්ලයින් හා ඉංග්‍රීසි ජාතික නෙග්රෙයිස් වෙත පලවා හැරිමට කටයුතු කරමින් සිටියහ.

වර්ෂ 1759 සිට 1776 දක්වා බුරැමට හා සියම නොකඩවා යුද්ධයේ යෙදී සිටියහ. වර්ෂ 1760 දී ඇල්වුන්ගායා ටෙනාස්සෙජිම් වෙරළ තීරයේ පාලනය නතුකරගත්තේය. වර්ෂ 1767 දී සින්බයුෂින් ආයුත්තය ආක්‍රමණය කල අතර 1765 හා 1770 අතර සමයේ දී චීන ආක්‍රමණයන්ට සාර්ථකව මුහුණ දුන්නේය. බුරැම ජාතිකයන් හා චීන ජාතිකයන් අතර තිබු එදිරිවාදිකම් ප්‍රයෝජන ගත් සියම් ජාතිකයන් ඔවුන් අහිමි වු බල ප්‍රදේශ නැවත ලබාගැනිමට - 1776 දී ලැන් හා ආක්‍රමණය කිරිමට දශක දෙකක කාලයේ බුරැම 1987 දක්වාත්, 1792 දී, 1793 දී, 1804 දී, 1808 දී හා 1852 සිට 1854 දක්වාත් එකිනෙකාට එරෙහිව යුධ වැදි අතර ඒ සියල්ල රටවල් දෙක කිනමින් ටොස්සොරිම් හා ලන් හා නගර හුවමාරැ කරගන්නාලදි.

ප්‍රබල චීනය ඊසාන දිගින් හා ශක්තිමත් සියම ගිණිකොණ දෙසින් බලපෑම් කරද්දි බොදවිපබා රාජධානිය බටහිර දෙසට ව්‍යාප්ත කරන ලදි. වර්ෂ 1784 දි ඔහු අරාකන් නගරය ආක්‍රමණය කල අතර ඉන්පසු 1813 දී මණාපුර් නගරය ඔහුගේ රාජ්‍යයට ඇදා ගන්නා ලද අතර වර්ෂ 1817, හා 1819 අතර කාලයේ දී ඇසෑමය අත්පත් කරගන්නා ලදි. ඉන්පසු බ්‍රිතාන්‍ය ඉන්දු දේශ සීමාවෙ දක්වා ගමන් කරන ලදි. බෝදවිපයා තම යුවරජු වන භාග්‍යාදව් 1819 දී මණිපුර් වෙතත් 1821 දී සිට 1822 දක්වා ඇයැම් වෙතත් බ්‍රිතාන්‍ය හැකි විප්ලවකරැවන් යටත් කර ගැනීමට පිටත් කරන ලදි. විප්ලවවාදින් බ්‍රිතාන්‍ය ප්‍රදේශවල සිට බුරැම සීමාව දක්වාත් බුරැම ජාතිකයන් බ්‍රිතාන්‍ය ඉන්දු දේශ සීමාව වෙතත් ගමන් කිරිම නිසා පළමු ඉංග්‍රීසි - බුරැම යුද්ධය ආරම්භ විය. (1824 - 1826)

බ්‍රිතාන්‍යයට නතු වූඉන්දියාව තුල පැවති දීර්ඝකාලීන මෙන්ම වියදම් අයිතම යුද්ධය බ්‍රිතාන්‍යයන්ට ජය අත්කර දෙමින් නිමා විය. බුරැමය සතුවු බොදවූණ විසින් නතු කරගත් නගර (අරකන්, මනිපුර් හා ඇයැම්) සහ ටෙනාස්සෙරිම් ඔවුන්ට අහිමි විය. පවුම් මිලියන පමණ යුද වන්දියක් ගෙවීම නිසා බුරැමය වසර ගණනාවක් තිස්සේ පීඩනයට පත්විය. වර්ෂ 1852 දී ඇති වු දෙවන බුරැම ඉංග්‍රීසි යුද්ධයේ දී බ්‍රිතාන්‍ය තනිව හා පහසුවෙන් පේගු ප්‍රාන්තය යටත් කරගන්නා ලදි. යුද්ධයෙන් පසු මින්ඩොන් රජු බුරැමයේ තත්වය හා ආර්ථිකය නවීකරණය කිරිමට උත්සාහ දරණ ලද අතර 1875 දි කිරන්නි ප්‍රාන්තය අතහැරීම ඇතුඵව බ්‍රිතාන්‍ය අත පෙවීම් වැලැක්වීමට වෙලද හා ප්‍රාදේශිය ප්‍රතිපත්ති සකසන ලදි. කෙසේ වෙතත් ප්‍රංශ ඉන්දු, චීන ජාතිකයන්ගෙන් ඇතිවන අනතුරැ වටහාගත් බ්‍රිතාන්‍ය තුන්වන ඉංග්‍රීසි - බුරැම යුද්ධයේ දී බුරැමයේ ඉතුරැ කොටස තම අධිරාජ්‍යට ඇදැගැනිමට සමත් වු අතර අවසන් බුරැම රජු වු තිබෝ ෆා ඔහුගේ පවුල ඉන්දියාවට නෙරපීමට කටයුතු කරන ලදි.