බ්‍රැඩ්මන් වීරකෝන්

විකිපීඩියා වෙතින්

බ්‍රැඩ්මන් වීරකෝන් නමැති මේ යුග පුද්ගලයා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා, ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ දිවිතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබේ. විශ්ව විද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජවිද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඔහු ‘ෆුල්බ්‍රයිට්’ (Fulbright) ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ ලබා තිබේ.  

1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002  වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම් වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ. (අගමැතිවරු හත් දෙනෙක් හා ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබීය )

ඔහුගේ ‘Rendering Unto Caesar:  A Fascinating Story of One Man's Tenure under Nine Prime Ministers and Presidents of Sri Lanka’ නම් පොතෙහි රාජ්‍ය නායකයින් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ කාලයේ සත්‍ය තොරතරු ඉතා රසවත් ලෙස පාඨකයා හමුවේ තබා ඇත.

එසේම 'Kalutara – An Odyssey' නම් පොතේ කළුතර ප්‍රදේශයේ යටගියාව සහ නවීන සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව අගනා විස්තරයක් කියවිය හැකිය.

අගමැතිවරු හත් දෙනෙක් හා ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ ලේකම්වරයා ලෙස කටයුතු කරන වකවානුවේ ඔහු ලැබූ අත්දැකීම් අළලා අරලිය ගහ මැදුරේ ස්පන්දනය නම් කෘතිය රචනා කර ඇත.

පියා පොලිස් පරීක්ෂක එඩ්මන් වීරකෝන් වූ අතර මව ඊඩින් වීරකෝන් චිත්‍ර ගුරුවරියක් වූවාය.

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රැඩ්මන්_වීරකෝන්&oldid=469074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි