බ්‍රහ්ම කුමාරි රාජයෝග මධ්‍යස්ථානය

විකිපීඩියා වෙතින්

බ්‍රහ්ම කුමාරීන්ගේ (Brahma Kumaris) දැක්ම වූ කලී, යහගුණ පදනම් වූ ජීවන රටාවක් අනුගමනය කරමින් සාමය, පාරිශුද්ධත්වය සහ සතුට පිරි පරිසරයක් නිර්මාණය කර යහපත් ලොවක් සඳහා ආධ්‍යාත්මික පිබිදීමක් සිදු කිරීමයි.

සෑම මනුෂ්‍යයෙක් තුළම ඇති මුල් ගුණාංග හඳුනා ගනිමින් ඒවා නිරන්තර පුරුදු පුහුණු කිරීමේ රාජයෝගා වැඩපිළි‍වෙල මඟින් සාමකාමී ප්‍රතිපත්ති වර්ධනය කිරීම කර ඇත. මෙම සේවය පසුගිය අවුරුදු 30 ක් පුරා දිගටම ක්‍රියාත්මක වේ. ශ්‍රි ලංකාවේ දහස් ගණනක් ජනතාව‍ගේ ජීවිත අත්දැකීම් ලෙස පාරිශුද්ධිය, සාමය, සෙනෙහස හා සතුට පවත්වා ගැනීම ඉන් අදහස් කෙරේ. මේ උත්සාහයට ගරු කිරීමක් වශයෙන් අප ආයතනය 1998 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් අංක 37/98 සංරක්ෂණය කළ පිටපත 2021-08-28 at the Wayback Machine දරණ පනතින් සංස්ථාපිත කර ඇත.

ඉදිරියෙන් ම සිටින ආධ්‍යාත්මික ආයතනයක් ලෙස බ්‍රහ්ම කුමාරීන් මඟින් සියළු පසුබිම් ඇති ජනතාවට තම තමාගේ ගැඹුරු රහස් ගවේශනය කිරීමට විවිධ පුහුණු පාඨමාලා වලට සහභාගී වී අභ්‍යන්තර ගුණාංගයන් සහ බලයන් වර්ධනය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසයි.

දැන් දිවයින පුරා පිහිටුවා ඇති පංති, උප මධ්‍යස්ථාන හා මධ්‍යස්ථාන 75 කට වඩා වැඩි ගණනක සාමාජිකයින් 5000 කට වැඩි ගණනක් සහිතව මෙම වෘක්ෂය වැඩි වර්ධනය වී ඇත.

රාජයෝග පදනම් පාඨමාලාව[සංස්කරණය]

රාජයෝගාවෙහි පදනම් පාඨමාලාවට මෙම මූලික තේමාවන් හෙවත් පාඩම් අන්තර්ගත වේ:

  • විඥානය සහ ස්ව-අවබෝධය
  • අපගේ නිහඬ නිවහන
  • දෙවියන් හා සම්බන්ධතාවය
  • කර්ම පුණරාවර්ථන න්‍යාය
  • ජීව වෘක්ෂය
  • ආධ්‍යාත්මික ජීවන රටාව

රාජයෝග පාඨමාලාවෙන් සිදුවන යහපත[සංස්කරණය]

තමා පිළිබඳ, තම නිසඟ සාධනීය ගුණාංග සහ තම සහජ සාරධර්ම පිළිබඳ වැටහීමක් මෙම පාඨමාලාවෙහි තේමාවන් ආවරණය කරයි. නියම වේලාවට මෙම වැටහීම ඔබේ දෛනික අවධානය තුළ ස්වභාවික අංගයක් බවට පත් වේ. ඔබ තමා දෙස බලන ආකාරයේ සහ ඔබේ ලොව හා සම්බන්ධ වන ආකාරයේ සංවර්ධනාත්මක බලපෑමක් ඇතිකරවාලයි.

රාජයෝග පාඨමාලාවට ලියාපදිංචි වීම[සංස්කරණය]

රාජයෝගාවේ පදනම් පාඨමාලාව බ්‍රහ්ම කුමාරී රාජයෝග මධ්‍යස්ථානයන් වලදීම නොමිලේ ලබාදෙනු ලැබේ. සාමාන්‍ය ලෙසින් සතියක පාඨමාලාවේදී සෑම පාඩම් පෙළම පවත්වනු ලබන අතර මෙම පාඨමාලාව පුද්ගලිකව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් උගන්වනු ලැබේ. වැඩි විස්තර සඳහා ඔබට ආසන්නව පිහිටා ඇති මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.

මෙම වෙබ් අඩවි බලන්න[සංස්කරණය]