බ්රේල් ඔරලෝසුව

විකිපීඩියා වෙතින්
බ්රේල් ඔරලෝසුවක්

බ්රේල් ඔරලෝසුවක් යනු දෘශ්‍යාබාධිත බවට පත් අයවළුන් විසින් වේලාව කියවීම සඳහා භාවිතා කෙරෙන තැන තැන ගෙන යෑ හැකි අත් ඔරලෝසුවකි. එය භාවිතා කෙරෙනුයේ ඔරලෝසු මුහුණත ස්පර්ශ කිරීමෙන් පිටත නෙරා ඇති කොටස් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙනි. ඇනලොග් හා ඩිජිටල් යන දෙයාකාරයෙහිම ඔරලෝසු පවතිති. ඇනලොග් ආකාරයෙහි ඔරලෝසුව ආවරණය වන පරිදී වීදුරු හෝ ක්‍රිස්ටල් හෝ සුරක්ෂිත වැස්මක් ඇති අතර වේලාව කියවීම අවශ්‍ය වූ විටෙක මෙය ඉහළට එසවීම කරනු ලැබේ. ඔරලෝසු-කටු නිර්මාණය කර ඇත්තේ අන්ධ තැනැත්තා විසින් ඒවායේ පිහිටීම නිරික්ෂණය කිරීමට ස්පර්ශ කල විට ඒවායේ චලනයට බාධා ඇති නොවන පරිදීය.

ඩිජිටල් ආකාරයේදී, වේලාව වෙනස් වන විට ( බ්රේල් අක්ෂර මෙන්) තිත් වල පිහිටීම වෙනස් වෙයි. මෙම ආකාරයේදී, මෙවැනි අත් ඔරලෝසු භාවිතා තිරීමට යමෙකු බ්රේල් හෝඩිය දැන සිටිය යුතුයි.

වර්තමානයෙහි, බොත්තමක් එබූ පමණින් වේලාව පවසන, ඉලෙක්ට්‍රොනික් කථන අත් ඔරලෝසු, අන්ධ ජනයා අතර බෙහෙවින් ජනප්‍රියව පවතියි.

"https://si.wikipedia.org/w/index.php?title=බ්රේල්_ඔරලෝසුව&oldid=251672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි