බ්රියතාන්ය යන් හා උඩරැටියන්-පසුබිම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

පසුබිම - බ්‍රිතාන්‍යයන් හා උඩරැටියන්

නෙදර්ලන්තයේ බලය ප්‍රංශයට නතු වීමෙන් කලබලයට පත්වු බ්‍රිතාන්‍ය , යුධමය වශයෙන් ඉතා වැදගත් වරායක් වුද , ලන්දේසීන්ට අයත්ව තිබු ත්‍රිකුණාමලය වරාය අත්පත් කරගත් හ. එමෙන්ම මඩකලපුව , ගාල්ල හා යාපනය මෙන්ම ලංකවේ මුහුදුබඩ පහත් බිම්ද එසේ අත්පත් කර ගත්හ. මුලු ශ්‍රී ලංකවේම පාලනය තමන් නතු කර ගැනීම දක්වා බලය ව්‍යාප්ත කළ යුතු යයි කල්පනා කළ ඔවුහු රාජකාරිය සහ කුල ක්‍රමය වැනි සමාජයේ ස්ථාපිතව තිබු අංගද වෙනස් කළහ. මෙම ක්‍රියාවලිය මහනුවර රාජධානිය හා ඔවුන් අතර තිබු අවුල් තත්වය තවදුරටත් වර්ධනය වීමට බලපෑවේය.

ශ්‍රී ලංකාවේ මධ්‍ය කදුකරය නායක්කාර් රජුන් ගේ පාලනය යටතේ ස්වාධීනව පැවතියේය. කන්ද උඩරට රාජධානිය සමග ගිවිසුමක් අත්සන් කිරීමට ඉන් පෙර ගන්නා ලද උත්සාහයන් ප්‍රතික්ෂේප විය. සිංහල රදළවරු නිරන්තයෙන් රජුට එරෙහිව කුමන්ත්‍රණය කිරීමත් , යටි උගුල් ඇටවීමත් හේතුවෙන් උඩරට රාජධානියේ සුරක්ෂිතභාවය අස්ථාවර විය. ඒ වන විට බ්‍රිතාන්‍ය පාලන ‍ප්‍රදේශයට පලා ගොස් සිටි රාජාධිරාජසිංහ රජුගේ මස්සිනා වු මුත්තුසාමි රාජ්‍ය බලය උදුරා ගැනීමට කරන උත්සාහයට මුහුණ පෑමටද රජුට සිදුවිය. මෙම මුත්තුසාමි 1800 වර්ෂයේ මුල බ්‍රිතාන්‍ය ය‍ටත් ප්‍රදේශයට ගොස් උඩරට රජුට එරෙහිව කටයුතු කරමින් සිටියේය.

අලුතෙන් බදවා ගත් ඉන්දියානු භටයන්ද සමග 6000ක් පමණ බ්‍රිතාන්‍ය හමුදා ඇණියද , අධිරාජ්‍ය හමුදාව තව දුරටත් මුහුදු බලයේ තනි අයිතිය භුක්ති වින්දාහ.

එම කරුණ එසේ සිදුවන විට මහනුවර රාජධානිය දුෂ්කර ගිරි දුර්ග මධ්‍යයේ පිහිටා තිබීමේ වාසිය එම රාජධානියට හිමි විය. එසේම ශත වර්ෂ හතරම මුළුල්ලේ යටත් විජිත වාදීන්ට යටත් නොවී සිටීමේ අත්දැකීම්ද තිබුණේය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Kandian_Wars#Background_-_the_British_and_the_Kandyans