බහු නිරාවරණය

විකිපීඩියා වෙතින්

නිකෝන් D2h කැමරාවෙහි වූ පැය 4 ක් දිග අනාවරණය මඟින් බහු ඡායාරූපගත කිරීම් අනාවරණය භාවිතා කිරීමට ඉඩ සලස්වා දී ඇත. (C.E.M.E.N.T. ඇල්ගොරිතම යොදා ගෙන)

ඡායාරූපකරණයේ දී බහු අනාවරණය යනු ආලෝකයට වූ සංවේදී බව අඩු කර මුළු අනාවරණ කාලය තුළ එක් වරක් වත් එය නැවත වැඩි කරන අනාවරණයකි.

2004 දී හේවර්ඩ්, කැලිෆෝනියාවලට ඉහළින් ගත් චන්ද්‍ර කක්ෂවල බහු අනාවරණ සංයුක්ත ඡායාරූපයකි.

සාම්ප්‍රදායික කැමරාවලට කාලයේ ශ්‍රිතයක් වන ආලෝකයට වූ සංවේදී බවක් ඇත. උදාරහණ ලෙස තත්පර 1ක අනාවරණයක් යනු කැමරා ඡායාරූපය, තත්පර 1ක අනාවරණ කාලය තුළ වූ ආලෝකයට සමානව අනුකූලතාවයක් දක්වන අනාවරණයකි. යමක් ද්විත්ව අනාවරණය යැයි තීරණය කිරීම සඳහා වූ ක්‍රියා පිළිවෙල වන්නේ සංවේදීතාව ඉහළ ගොස් නැවත පහළට ඒමයි. බහු අනාවරණයට සරලම උදාහරණයක් වන්නේ සැනෙලිවලින් තොර ද්විත්ව අනාවරණයයි. සම්පූර්ණ අනාවරණය තුළ දී කැමරා ඡායාරූපය ආලෝකයට දෙවරක් අනාකූලතාවය දක්වයි.

“‍ෆ්ලෑෂ් ඇන්ඩ් බ්ලර්” ආදි ඇතැම් ඒක අනාවරණවලදී ඉලෙක්ට්‍රොනික සැනෙලි හා හාත්පස පැතිරුණු අනාවරණයක සංයුතියක් යොදා ගනී. මෙම ආචරණය ඩයිරැක් ඩෙල්ටා මිනුම (සැනෙලි) හා නියත පරිමිත සෘජුකෝණාස්‍රාකාර කවුළුවක් සංයුක්තව යොදා ගැනීමෙන් සරල කළ හැකිය . උදාහරණ ලෙස ඩයිරැක් පනාවක් අඩංගු සෘජුකෝණාස්‍රාකාර ස්පන්ද සමඟ සම්බන්ධිත සංවේදී කවුළුවක් බහු අනාවරණයක් ලෙස සැලකේ. කෙසේ නමුත් අනාවරණය අතරතුර සංවේදීතාව කිසිවිටකත් ශුන්‍ය කරා නොඑළඹේ.

ද්විත්ව නිරාවරණය[සංස්කරණය]

Apollo 8 දියත් කිරීම. ඡායාරූපය ද්විත්ව නිරාවරණයවී ඇත. යානය දියත් කරන මොහොතේ හඳ දක්නට නොලැබුණි.

ප්‍රතිසම[සංස්කරණය]

ඡායාරූපකරණයේදි ද්විත්ව නිරාවරණය ලෙස හඳුන්වන්නේ සේයා පටලයේ කොටස් දෙවතාවකදී වස්තු දෙකකට නිරාවරණය කිරීමයි. එවිට ලැබෙන ඡායාරූපය පළවෙනි රූපය මත දෙවෙනි රූපය අනුපාතනය වීමෙන් ලැබේ. මෙම තාක්ෂණය හොල්මන් ඡායාරූප සෑදීමට හෝ සැබෑ ලෙස එම ස්ථානයේ නොසිටි පුද්ගලයෙක්ව ඡායාරූපයට අන්තර්ගත කිරීම සඳහා යොදා ගත හැකිය. ඡායාරූප මායාවන් වල මෙය බහුලව භාවිතවේ. ඇතැම් විට කලාත්මක අලංකරණයක් ලෙසද මෙය භාවිත කෙරේ.

ද්විත්ව නිරාවරණය සඳහා සේයා පටලය අතින් පසුපසට ගැනිමට හැකි කැමරාවක් තිබීම වඩා පහසු වේ. ස්වයංක්‍රීය කැමරාවකින් එක් රූපයක් රූපගත කළ විගස සේයා පටලය අනෙක් රාමුව කරා යොමු වේ. ඇතැම් දියුණු කැමරා වල ද්විත්ව නිරාවරණය සඳහා පහසුකම් සලසා ඇතත්, ඡායාරූප ගැනීමට ප්‍රථම එය සකස් කිරීම අවශ්‍ය ‍වේ. නමුත් අතින් ක්‍රියාකරවන කැමරාවල පළමු ඡායාරූපය ගැනීමෙන් පසුව වුවද ද්විත්ව නිරාවරණය භාවිතා කළ හැකිය.

මෙහිදී සේයා පටලය කිහිප වරක්ම ආලෝකයට නිරාවරණ වන බැවින්, එය පමණ ඉක්මවා නිරාවරණය වීම වළක්වා ගත යුතුය. මධ්‍යම සහ අඩු ආලෝක තත්ත්ව ද්විත්ව නිරාවරණය සඳහා වඩා යෝග්‍ය වේ. එහෙත් අවස්ථා දෙකක් එකට සම්බන්ධ කරන අවස්ථාවක ත්‍රිපාදයක් භාවිතය අත්‍යාවශ්‍ය නොවේ. නමුත් චන්ද්‍රයා සිය වළයේ ගමන් කිරීම වැනි සිද්ධියක් එකම රූපයක් මත ඡායාරූප ගත කිරීම සඳහා ත්‍රිපාදයක් භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ.

සංඛ්‍යාංක[සංස්කරණය]

Adobe Photoshop වැනි මෘදුකාංගයක් භාවිතයෙන් සංඛ්‍යාංක ඡායාරූපයක් අනුපාත කිරීම සිදුකළ හැකිය. ඡායාරූප දෙකෙහි පාරාන්ධතාව මාරුකිරීමෙන් මෙය පහසුවෙන් සිදු කළ හැකිවේ.

"https://si.wikipedia.org/w/index.php?title=බහු_නිරාවරණය&oldid=470416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි