බහු අවයවීකරණය

විකිපීඩියා වෙතින්

ඇල්කීන බහු අවයවීකරණයට උදාහරණයක් වන්නේ පොලිස්ටයිරීන් සෑදීමයි.

බහු අවයවික රසායනයේ දී බහු අවයවීකරණය නම් ත්‍රිමාණ ජාලයක් සැදීමයි. නැතහොත් බහු අවයව දාම සෑදීමට ඒක අවයවයක ඇති අණු එකිනෙක සමඟ රසායනිකව ප්‍රතික්‍රියා කරවීමේ ක්‍රියාවලියයි. බහු අවයවීකරණයේ විවිධ ආකාර තිබෙන අතර ඒවා කාණ්ඩවලට වෙන් කිරීමට විවිධ පද්ධති ඇත.

ප්‍රධාන කාණ්ඩ වන්නේ,

  • ආකලන බහු අවයවීකරණය
  • සංගනන බහු අවයවීකරණය


හැඳින්වීම[සංස්කරණය]

තනි ඒක අවයවක මඟින් සෑදුණු බහු අවයවික සහ අවයව කිහිපයකින් සැදි බහු අවයවික


රසායනික සංයෝගවල දී බහු අවයවීකරණය, සංකීර්ණ නාමයෙන් වෙනස් විවිධ ප්‍රතික්‍රියා යාන්ත්‍රණ හරහා සිදුවේ. එයට හේතුව ප්‍රතික්‍රියාකරන සංයෝගවල වූ ක්‍රියාකාරී කාණ්ඩ හා VSEPR සිද්ධාන්තය මඟින් විස්තර කර ඇති පරිදි ඊට ආවේණික ත්‍රිමාණ බලපෑම්ය. වඩා සරල බහු අවයවීකරණයේ දී, කාබන් පරමාණු අතර σ බන්ධන නිසා සාපේක්ෂව ස්ථායී ඇල්කීන සාපේක්ෂව සරල ඛණ්ඩක ප්‍රතික්‍රියා හරහා බහු අවයවක සාදයි. ප්‍රතිවිරුද්ධ ලෙස කාබොනයිල් පරමාණුවෙහි ආදේශ ඇතුළත් වඩා සංකීර්ණ ප්‍රතික්‍රියාවලට ප්‍රතික්‍රියා කරන අණු බහු අවයවීකරණය වන ආකාරයට අනුව වඩා සංකීර්ණ සංශ්ලේෂණයක් අවශ්‍ය වේ.

ඇල්කීන යම්තාක් දුරකට සරල ප්‍රතික්‍රියා යාන්ත්‍රණ තුළින් සාදා ගත හැකිය. එමනිසා ඒවා ඛණ්ඩක ප්‍රතික්‍රියාවලට ලක්වීමේ දී නල එලීම, පරිවරණය කිරීම හා හැසිරීම වැනි වාණිජ ද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිවල දී ප්‍රයෝජනවත්වේ. වසරකට ටොන් ගණනක් නිපදවෙන පොලිඑතිලීන් හා පොලිවයනයිල් ක්ලෝරයිඩ් (PVC) වැනි සංයෝග සෑදිය හැකිය. එම PVC වැනි බහු අවයවික, ඒවා පුනරාවර්තිත දිගු දාම හෝ ව්‍යුහවලින් සමන්විත නිසා ඒක බහු අවයවික ලෙස හඳුන්වන අතර එක් අණුවකට වඩා අඩංගු බහු අවයවික සහ බහු අවයවික ලෙස හඳුන්වනු ලැබේ.

ෆෝමැල්ඩිහයිඩ් හයිඩ්‍රේට් හෝ සරල ඇල්ඩිහයිඩ වැනි අනෙකුත් ඒක අවයවවලට වඩා අඩු උෂ්ණත්ව (> -8000C) වල දී බහු අවයවීකරණය වී ට්‍රිමර්ස් සෑදේ. එනම් වළලු චක්‍රීය ව්‍යුහ තැනීමට චක්‍රීය විය හැකි හෝ තවදුරටත් ප්‍රතික්‍රියා වී ටෙට්‍රා මාර්ස් සාදන එක අවයව 3 කින් යුත් අණු හෝ එක අවයව 4 කින් යුත් සංයෝගය හෝ අනෙක් අතිරේක සංයෝග හෝ කුඩා අණුවලදී පොලිගොමර්ස් ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් ෆෝමැල්ඩිහයිඩ් අතිශයින් ක්‍රියාකාරී ඉලෙක්ට්‍රොෆයිලයක් නිසා එය අර්ධ ආම්ලික අතරමැදිවලට නියුක්ලියෝෆිලික ආකලනයට ඉඩ සලස්වයි. අර්ධ ආම්ලික අතරමැදි සාමාන්‍යයෙන් සාපේක්ෂව අඩු ස්ථායීතාවයක් පෙන්වන මධ්‍ය තත්වයේ අඩු ආයු කාලයක් සහිත සංයෝග වන අතර අවට ඇති අනෙකුත් අණු සමඟ ප්‍රතික්‍රියා කර වඩා ස්ථායී බහු අවයවක සංයෝග සාදයි.

අවශ්‍ය තරම් නවීකරණය නොවූ හා අනවශ්‍ය තරම් සීඝ්‍රතාවකින් සිදුවන බහු අවයවීකරණ අතිශය අන්තරාදායක විය හැක. මෙම සංසිද්ධිය අන්තරාදායක බහු අවයවීකරණය ලෙස හඳුන්වන අතර එමඟින් ගිනි ගැනීම් හා පිපිරීම් ඇති විය හැකිය.

බලන්න[සංස්කරණය]

බහු අවයවික

Polymerization
"https://si.wikipedia.org/w/index.php?title=බහු_අවයවීකරණය&oldid=469065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි