බහුභාෂකත්වය

විකිපීඩියා වෙතින්

බහුභාෂකත්වය (ඉංග්‍රීසි:  Multilingualism) යනු තනි කථිකයකු හෝ කථිකයන් කණ්ඩායමක් විසින් එක් භාෂාවකට වඩා වැඩි භාෂා සංඛ්‍යාවත් කතා කිරීමයි. ලෝක ජනගහනයෙන් එක් භාෂාවක් කතා කරන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් භාෂා කිහිපයක් කතා කරයි. යුරෝපීයයන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් තමන්ගේ මව් භාෂාවට වඩා අවම වශයෙන් එක් භාෂාවක් හෝ කතා කළ ද, ඔවුන්ගෙන් බොහොමයක් එක් භාෂාවකින් ලිවීම සහ කියවීම සිදු කරයි. ව්‍යාපාරිකයන්ට බහුභාෂකත්වය සෑම විට ම වැදගත් වන අතර, ගෝලීයකරණයට සහ සංස්කෘතික විවෘතභාවයට නැඹුරුවන්නන්ට බහුභාෂකත්වය ඉතා වැදගත් වේ. බහුභාෂකත්වය අන්තර්ජාලය මඟින් සපයන තොරතුරුවලට පහසුවෙන් යොමුවීමට අවස්ථාව සැලසීම, පුද්ගලයන්ට විවිධ භාෂාවලට නිරාවරණයවීමේ හැකියාව වැඩි කරයි. භාෂා කිහිපයක් කතා කරන මිනිසුන් බහුභාෂකයන් ලෙස හඳුන්වනු ලැබේ.

බහුභාෂා කථිකයන් පළමු භාෂාව (සමහර අවස්ථාවලදී, මව් භාෂාව ලෙස හඳුන්වන) ලෙස හඳුන්වන, අවම වශයෙන් එක් භාෂාවක් හෝ විද්වතුන් අනුමත නොකරන, යන්ත්‍රණයක් තුළින් විධිමත් අධ්‍යාපනයක් නොමැති ව ඔවුන්ගේ කුඩා කාලයේ දී, ළගා කරගෙන තිබේ. තරුණ සමකාලීන ද්වීභාෂකයන් අතර එක් භාෂාවකට වඩා භාෂා කිහිපයක් දැන සිටීමේ ප්‍රවීණතාව ජනප්‍රිය වී තිබේ.

භාෂා එකකට වඩා දන්නා පුද්ගලයින් තවත් භාෂා ඉගෙන ගැනීමට යොමු වන බව වාර්තා වී තිබේ.

පර්ගණකකරණයේ බහුභාෂකත්වය, අන්තර්ජාතිකකරණය සහ දේශීයකරණය අතර, අඛණ්ඩතාවයේ කොටසක් ලෙස සැලකිය හැකි ය. වැඩි වශයෙන් භාවිත කරන පරිගණක ක්ෂේත්‍රයේ, මෘදුකාංග සංවර්ධන ක්ෂේත්‍රයේ ඉංග්‍රීසි භාෂාවේ තත්ත්වය නිසා සැම විටම එය භාවිත කරයි. (නමුත් ඉංග්‍රීසි නොවන ක්‍රම ලේඛන ද සොයා බලන්න.) සමහර වාණිජ මෘදුකාංග මුලින් ම ඉංග්‍රීසි අනුවාදයකින් සහ බහුභාෂා අනුවාදයන්ගෙන් යුක්ත වූ අතර අවශ්‍ය නම්, එය ඉංග්‍රීසි මුල් පිටපත පදනම් කරගත් ආදේශිත විකල්පයක් ලෙස සකස් කරගත හැකි ය.

බහුභාෂකත්වය අර්ථ දැක්වීම[සංස්කරණය]

බහුභාෂකත්වයේ අර්ථ දැක්වීම භාෂා ප්‍රවීණතාවට සමාන ආකාරයකින් ම විවාදයට තුඩු දෙන මාතෘකාවකි. වාග් විද්‍යා ක්ෂේත්‍රයේ උගතකු බහුභාෂාකත්වය, වෙනත් භාෂාවක සම්පූර්ණ නිපුණතාවය සහ ප්‍රවීණත්වය ලෙස අර්ථ දැක්විය හැකි ය. පුද්ගලයෙකුට ස්වදේශීය භාෂාව පිළිබඳ සම්පූර්ණ දැනුමක් සහ භාෂාව පාලනය සම්බන්ධ ව දැනුමක් තිබිය හැකි ය. ප්‍රතිවිරුද්ධ කෙළවරේ සිටින්නන් විදේශිකයෙකු ලෙස විකල්ප භාෂාව භාවිත කිරීමට ප්‍රමාණවත් වාක්‍ය ඛණ්ඩ දන්නා අය විය හැක. 1992 සිට, විවියන් කුක් තර්ක කළේ බොහෝ බහුභාෂා කථිකයන් අවම සහ උපරිම අර්ථ දැක්වීම් අතර කොහේ හෝ ස්ථානයකට අයත් වන බවයි. කුක් මේ මිනිසුන් බහුශ්‍රැතයෙකු ලෙස හඳුන්වයි. ඊට අමතරව, පැහැදිලි භාෂාවක් යනු කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැත. නිදසුනක් වශයෙන්, ස්කොට්ස් භාෂාව, ස්වකීය භාෂාවක් ද නැතිනම් ඉංග්‍රීසි භාෂාවේ උපභාෂාවක් ද යන්න පිළිබඳ ව විද්වත්හු බොහෝ විට තර්ක කරති.

මිථ්‍යාවන්[සංස්කරණය]

බහුභාෂකත්වය සම්මතයක් වන සමහර බටහිර රටවල්වල, ද්වී සහ බහුභාෂා යන සංකල්ප වටා බොහෝ මිථ්‍යාවන් සහ අගතීන් වර්ධනය වී තිබේ. එක්සත් රාජධානියේ සහ පෝලන්තයේ පර්යේෂකයන් වඩාත් සමීප පොදු වැරදි වැටහීම් ලැයිස්තුගත කර ඇත.

  • ද්වී/ බහු භාෂා යනු පැහැදිලිව ම ඒක භාෂා සම්මතයට ව්‍යතිරේඛයක් වන බව (ඇත්ත වශයෙන්ම, ලෝක ජනගහනයේ බොහොමයක් බහුභාෂකයන් වේ.)
  • ද්වී/ බහුභාෂකයන් වීමට නම්, කෙනෙකු දන්නා සියළු ම භාෂාවලින් හෝ භාෂා දෙකෙන් ම ස්වදේශික භාෂාවට සමාන ව විධාන ලබාදීමේ පරිපූර්ණ දැනුමක් තිබිය යුතුය.
  • දරුවන්ට භාෂා දෙක ම ඉගෙන ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් ඔවුන් මව් භාෂාව පමණක් ඉගෙන ගැනීම වඩා හිතකර ය.
  • භාෂා එකකට වඩා කතා කිරීමේ හැකියාව නිසා ළමයින් ව්‍යාකූල වන බව
  • දැනටමත් දුර්වලතා ඇති දරුවන් සඳහා භාෂා දෙකක් අනවශ්‍ය පීඩනයක් සහ උත්සාහයක් වන බව

මේවා සියල්ල බොහෝ දෙමාපියන් අතර දිගු කලක් තිස්සේ පැවත තවමත් පවතින හානිකර විශ්වාසයන් වේ.

භාෂාව අත්පත් කර ගැනීම[සංස්කරණය]

වාග් විද්‍යාඥයකු වන නෝම් චොම්ස්කි පවසන ආකාරයට, ඉගෙනුම්කරුවා වටා ඇති, කථිකයන් විසින් භාවිත කරන ලද භාෂාවේ නීති සහ අනෙක් නිශ්චිත ලක්ෂණ නිවැරදි ව ප්‍රතිනිර්මාණය කිරීමට පුද්ගලයෙකුට හැකියාවක් ඇති කරවන යාන්ත්‍රණය ලෙස මානව භාෂාව ළඟාකර ගැනීම, භාෂාව ළඟා කරගැනීමේ එක් ආකාරයකි. චොම්ස්කි පවසන පරිදි , කාලයත් සමඟ මෙය සැකසෙන අතර, සාමාන්‍යයෙන් එය වැඩිවිය පැමිණීමෙන් ලබාගත නොහැකි බව පැහැදිලි කිරීමට ඔහු, දෙවන භාෂාවක් ඉගෙනගැනීමේ දී, සමහර යෞවනයන් හා වැඩිහිටියන්ගේ දුර්වල ප්‍රතිඵල ද භාවිතා කරයි.

බොහෝ භාෂාවන් ඉගෙන ගන්නා පුද්ගලයන්ට, නව භාෂාවේ ව්‍යාකරණ හෝ වචන මාලාව දැනටමත් කථා කරන භාෂාවන්ට සමාන නම්, අමතර භාෂා ඉගෙනීමට එය පහසුවක් සලසන සුපුරුදු හුවමාරු ක්‍රියාවලියක අත්දැකීම ද ලැබෙනු ඇත. අනෙක් අතට, ජීවිතයේ පසු කාලීන ව නව භාෂාවක් ඉගෙන ගන්නා විට සංවර්ධනයේ මුල් අවධියේ දී ඉගෙන ගත් භාෂාවලින් අපගමනය වූ හුවමාරුවක අත්දැකීම සිසුන්ට ලැබෙනු ඇත.

පිළිගන්නා ද්වීභාෂකයන්[සංස්කරණය]

ද්වීභාෂා පිළිගන්නන් යනු දෙවන භාෂාවක් තේරුම් ගත හැකි නමුත් එය කථා කළ නොහැකි හෝ මානසික බාධක මගින් කථා කිරීමේ හැකියාවන් වළක්වනු ලබන අයයි.

ළඟා කරගන්නා පිළිවෙළ[සංස්කරණය]

අනුක්‍රමික ද්විභාෂකත්වයේ දී, ඔවුන් සාක්ෂරතාවේ මනා තත්ත්වයක් ළඟාකරගන්නා තුරු ඉගෙන ගන්නන්ට ඔවුන්ගේ මව් බසින් සාක්ෂරතා උපදෙස් ලැබෙයි. සමහර පර්යේෂකයෝ දරුවෙකු ඔවුන්ගේ පළමු භාෂාවෙන් මූලික සන්නිවේදන හැකියාව ලබන වයස අවුරුදු 3 ලෙස හඳුන්වති. (“එළිපත්ත” සාක්ෂරතා ප්‍රවීණතාවයක් ලබා ගැනීම.) (කෙස්ලර්, 1984) ඔවුන් තරුණ වියේදී වෙනත් භාෂාවක් කථා කරන රටකට සංක්‍රමණය වුවහොත් හෝ නිවසෙන් බැහැර ව වෙනත් භාෂාවලින් උපදෙස් ලබාදෙන පාසලකට ඔහු/ ඇය ඇතුළත් කිරීමෙන් ඔහුට හෝ ඇයට උරුම නොවු භාෂාවක් පමණක් කථා කරයි නම් අනුක්‍රමික අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් හරහා යාමට ඵම ළමයින්ට සිදු වනු ඇත.

එකවර සිදු වන ද්වීභාෂකත්වය තුළ දී, ස්වදේශීය භාෂාව සහ ප්‍රජා භාෂාව එකවර උගන්වනු ලැබේ. ප්‍රතිඵල ලෙස භාෂා දෙකක සාක්ෂරතාවය ලබා ගැනීම වාසිදායක වේ. කෙසේ වුවත්, දෙවන භාෂාවක්ඉගැන්වීම සඳහා ගුරුවරුන්ට මනා දැනුමක් තිබිය යුතු ය.

ප්‍රතිඵල[සංස්කරණය]

දෙවන භාෂාවට පරිවර්තනය කළ හැකි ප්‍රවීණතාවයේ පදනමක් ලෙස මව් භාෂාවේ නිපුණතාවයේ වර්ධනය දායක වන බව කරන ලද පර්යේෂනයක දී, වැදගත් පොදු උපකල්පනයක් මඟින් සොයා ගෙන ඇත. උපකල්පනය වූයේ, භාෂා දෙක ම නොදන්නා බව සහ දෙවන භාෂාව ඉගෙනීමට, දෙවන භාෂාවේ අවශ්‍ය අංග සහ වෙනස්කම් ඉගෙන නොගන්නා බවයි(Hakuta, 1990). බටහිර නොවන රොමෑන්ස් වර්සස් වැනි භාෂාවේ විවිධ ස්වරූප යටතට තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ උපකල්පනයන් ගන්නේ කෙසේ ද?ද්වීභාෂා සාක්ෂරතාවය ලඟා කරගැනීම සඳහා කාලයක් අවශ්‍ය ද යන වග වාග් විද්‍යාත්මක තර්කයට බලපෑම් කළ තවත් නව වර්ධනයකි. දරුවන්ට වසරක් ඇතුළත භාෂාවක් ඉගෙනීමේ හැකියාව ඇතැයි පෙර විශ්වාස කළ ද, අද පර්යේෂකයෝ විශ්වාස කරනුයේ අධ්‍යයන පසුබිම තුළ එම කාල සීමාව අවුරුදු පහකට ආසන්න වන බවයි.(Collier, 1992; Ramirez,1992).

කෙසේ වෙතත්, 1990 දශකයේ මුල් භාගයේ අධ්‍යයනවල රසවත් ප්‍රතිඵලවලින් තහවුරු වූයේ ශාස්ත්‍රීය වශයෙන් වඩා හොඳ ඉදිරිපත් කිරීම් සිදු කරන ද්විභාෂා උපදෙස් ඉටු කරන ශිෂ්‍යයන් කවුරුන්ද යන්නයි.(Collier, 1992; Ramirez,1992). මෙම සිසුහු විශ්ලේෂණය කිරීමට මනා දෘෂ්ඨි කෝණයන් ඇතුළු ව වඩා හොඳ හැකියාවක් සහිත වඩාත් ශක්තිමත් සංජානන ප්‍රත්‍යාස්ථතාව ද ප්‍රදර්ශනය කරති. භාෂා දෙකෙන් ම සමාන ප්‍රවීණතාවක් ඇති ද්වීපාර්ශ්වික ද්වීභාෂා උපදෙස් ලබා ගන්නා සිසුන් ට වඩා ඉහළ මට්ටමකින් ක්‍රියා කිරීමක් අවශ්‍ය වේ. ජාත්‍යන්තර හා බහුජාතික අධ්‍යාපන පාසල් එවැනි උදාහරණ වැඩසටහන් ලෙස ඇතුළත් වේ.

පුද්ගලයන් තුළ[සංස්කරණය]

බහුභාෂකත්ව පුද්ගලයකු යනු තම සෘජු සහභාගීත්වයෙන් (කතා කිරීම, ලිවීම, ගායනය තුළින්) හෝ වක්‍ර සහභාගීත්වයෙන් (සවන්දීම, කියවීම, තේරුම් ගැනීම තුළින්) එක් භාෂාවක් හෝ ඊට වැඩි භාෂා ගනණක් කතා කරන පුද්ගලයෙක් ය. භාෂා රැසක් කතා කරන පුද්ගලයා බහුභාෂකයා යන නමින් හඳුන්වන අතර, එය විනෝදාංශයක් ලෙස භාෂාවන් රැසක් ඉගෙන ගන්නා පුද්ගලයන් හැඳින්වීමට ද භාවිත කරන වචනයකි. බහුභාෂකත්ව කථිකයන් පළමු භාෂාව ලෙස හඳුන්වන ලද අඩු තරමේ එක් භාෂාවක් හෝ ළමා කාලය තුළ දී, ළඟා කරගෙන පවත්වා ගෙන ගොස් තිබේ. පළමු භාෂාව (සමහර අවස්ථාවලදී මව් බස ලෙස හඳුන්වනු ලබන) විශාල වශයෙන් මතභේදයකට තුඩු දුන්, විධිමත් අධ්‍යපනයක් නොමැති ව ළඟා කර ගනී. මේ ආකාරයෙන් භාෂා දෙකක් ළඟා කරගන්නා දරුවන්, එකවර බහුභාෂකත්වය ළඟා කරගන්නා ද්වීභාෂකයන් ලෙස හැඳින්වේ. මේ ආකාරයට එකවර ද්වීභාෂකත්වය ළඟා කරගන්නා පුද්ගලයන් පවා එක් භාෂාවකට වඩා අනෙක් භාෂාව නිරන්තරයෙන් භාවිත කරයි. වාග් විද්‍යාවේ දී, පළමු භාෂාව ළඟ කර ගැනීම, ස්ව භාෂා කථිකයකුගේ සංකල්පයට බෙහෙවින් සමීප වේ.

සංජානන හැකියාව[සංස්කරණය]

එක් භාෂාවක් කතා කළ හැකි පුද්ගලයන් හා සසඳන කල, එක් භාෂාවකට වඩා වැඩි භාෂා ප්‍රමාණයක් දන්නා පුද්ගලයන් තවත් භාෂා ඉගෙන ගැනීමට නැඹුරුවක් දක්වන බව වාර්තා වී ඇත.

ආර්ථිකමය වාසි[සංස්කරණය]

ද්වීභාෂකයන්ට, සුළු භාෂා පමණක් කතාකරන පුද්ගලයන් සමඟ කටයුතු කිරීම වැනි, ඒකභාෂකයන්ට කළ නොහැකි කාර්යයන් සිදු කළ හැකි බැවින්, වෙළඳපොලේ ද්වීභාෂකයන්ට, ඒකභාෂකයන්ට වඩා වැඩි වාසියක් ලබා ගැනීමට එය වැදගත් විය හැකි ය.

මනෝ විද්‍යාව[සංස්කරණය]

2012 වසරේ දී, කරන ලද අධ්‍යනයක් විදේශ භාෂාවක් ඉගෙන ගැනීම, තීරණගැනීමේ දී එක් පක්ෂයකට පක්ෂපාතීවීම අඩු කරන බව පෙන්වා දී ඇත.

පෞර්ෂත්වය[සංස්කරණය]

පුථමයෙන් ම, ඔබ කතා කරන භාෂාව අයත් ප්‍රදේශයේ සංස්කෘතිය සහ ඉතිහාසය අවබෝධ කරගැනීමෙන් තොර ව, අනෙක් භාෂාවන්ට අයත් අංගයන් (භාෂාවේ ආප්තෝපදේශ සහ ගෞර්වාර්ථ නාමවලට පමණක් සීමා නොවී සියල්ල ඇතුළත් ව) පිළිබඳ මනා දැනුමක් ළඟා කරගැනීමට දුෂ්කර හෝ නො හැකි වන බැවින්, වෙනත් සංස්කෘතීන් සමඟ මනා හුරුපුරුදුකාවක් ඇති කරගැනීම, ප්‍රායෝගික කරුණක් ලෙස, බහුභාෂකත්වය සඳහා පූර්ව සුදුසකමක් වේ. සංස්කෘතික දැනුම පුද්ගල වශයෙන් සහ සංසන්දනාත්මක ව, සංස්කෘතිකමය දැනුම, විවෘතභාවය සහ සමාජ දැනුම වැනි පුද්ගලයන්ගේ පෞර්ෂත්වය මැනිය හැකි වඩා උසස් මිනුමක් ලබා දෙන බව සමහර අධ්‍යනවලින් සොයා ගෙන තිබේ.

ප්‍රජාවන් තුළ[සංස්කරණය]

පුළුල් ව පතිරුණු බහුභාෂකත්වය යනු භාෂා සම්බන්ධතාවයේ එක් ආකාරයකි. වෙළඳාම සඳහා හෝ නගරයෙන් හෝ ගමෙන් පිටත මිනිසුන් සමඟ කටයුතු කිරීම සඳහා එක් භාෂාවකට වඩා දැන සිටීම අවශ්‍ය වූ අතර, මිනිසුන් කුඩා භාෂක ප්‍රජාවන් හි සාමාජිකයන් වීම නිසා අතීතයේ දී බහුභාෂකත්වය පොදු කරුණක් වූවා මෙන් ම, මේ තත්වයන් අදට ද විශාල වාග් විද්‍යාත්මක විවිධත්වයක් ඇති උප සහාරා ප්‍රදේශවල, අප්‍රිකාවේ සහ ඉන්දියාවේ පවතී. බහුභාෂකත්ව සමාජවල, සියළු සාමාජිකයන් බහුභාෂකයන් විය යුතු නැත. කැනඩාව (ඉංග්‍රීසි සහ ප්‍රංශ) වැනි සමහර රටවල, බහුභාෂා ප්‍රතිපත්ති ඇති අතර, රාජ්‍ය භාෂා කිහිපයක් ද හඳුනා ගෙන තිබේ.

භාෂාද්වීරුපතාව: භාෂාවේ ව්‍යුහාත්මක ව සහ ක්‍රියාකාරීත්වයේ වෙනසක් පවතී නම්, එවැනි භාෂාවක් භාෂාද්වීරුපතාව ඇති භාෂාවක් ලෙස හැඳින්වේ.

විවිධ භාෂා කතා කරන්නන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය[සංස්කරණය]

දෙදෙනකු හමුවන සෑම අවස්ථාවක ම, සාකච්ඡා කරනු ඇත. ඔවුන්ට පක්ෂපාතිත්වය, අනුකම්පාව දැක්වීමට අවශ්‍ය නම්, ඔවුන් ඔවුන්ගේ හැසිරීමේ පොදු ලක්ෂණ සෙවීමට එකිනෙකා නැඹුරු වේ. ඔවුන් කතා කිරිමට කැමති පුද්ගලයකු නම් ඉදිරියට යාම සහ අකමැති නම් ආපසු එන බව සත්‍යයකි. මේ යාන්ත්‍රණය සන්නිවේදන සබඳතා න්‍යායට අනුව විස්තර කරන පරිදි භාෂාවට ද එසේම ය. සමහර බහුභාෂකයන් භාෂා අතර මාරුවෙමින් කේත මාරු කිරීම භාවිත කරයි. කේත මාරු කිරීම විවිධාකාරයෙන් සිදු වේ. භාෂා දෙක කෙරෙහි සහ කේත මාරු කිරීම කෙරෙහි කථිකයා තුළ ධනාත්මක ආකල්පයක් පවතී නම්, එක ම වාක්‍යයක පවා මාරුකිරීම් රැසක් සොයා ගත හැකි ය.

පරිගණකකරණය[සංස්කරණය]

නැගී එන වෙළඳපොළවල් සහ ව්‍යාප්ත වන ජාත්‍යන්තර සහයෝගීතා සමඟ, ව්‍යාපාර පරිශීලකයෝ ඔවුන්ගේ මව් භාෂාවෙන් මෘදුකාංග සහ යෙදුම් භාවිත කිරීමට හැකි වෙතැ යි අපේක්ෂා කරති.

ගෝලීයකරණය[සංස්කරණය]

ගෝලීයකරණය වඩාත් ගැඹුරින් එකිනෙකට සම්බන්ධ කිරීමට ඉඩ හසර සලසා තිබේ. බහු ජාතික සමාගම්වල සේවකයන් ද ඒ කටයුතුවල දී, බහුභාෂකත්වයට මුහුණ දී ඇති අතර සන්නිවේදනය කිරීම සඳහා වාග් විද්‍යාත්මක සහ අවාචික සන්නිවේදන උපක්‍රම භාවිත කරයි.

රටවල් අනුව බහුභාෂකත්වය[සංස්කරණය]

ජපානය ලොව රටවල් අතරින් බහුභාෂකත්වය අඩුම රටක් ලෙස සැලකේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස (1996). ද්වීභාෂකත්වය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. ISBN 955-9399-02-0.
"https://si.wikipedia.org/w/index.php?title=බහුභාෂකත්වය&oldid=576205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි