බලි රජු

විකිපීඩියා වෙතින්

බලි රජ

වාමන පුරාණය

බලි නම් රජු මහා තපසකින් අති සුවිශේශී සෘධි බලයක් උපදවා ගන්නට සමත් වෙනවා , මේ අසමසම බලය නිසා මහත්සේ උදම් වන බලි සිතූ මනාපයට අධර්මවාදී වන්නට වනවා , දෙවියන්ට පවා බලි මේ ලබලා තිබුණු අසීමිත බලය මහත් ගැහැටක් වෙනවා නමුත් බලි ලබලා තිබුණු අසීමිත බලය හේතුවෙන් ඔහුට එරෙහිව සටන් වදින්න දෙවියන් පවා බිය වනවා , කොහොම වුනත් මීට කදිම උපායක් භාවිතා කරන ශ්‍රී විෂ්ණු දෙවිදුන් ඉතාමත්ම මිටි පුද්ගලයෙකුගේ නොහොත් වාමනයෙක් වන් ස්වරූපයකින් ලෝකයේ පහල වෙනවා , ඉන් පසු ඔහු බලි රජුව හමුවීමට යනවා , බලි රජු ඒ කාලයේ එක්තරා යාගයක් පුරමින් හුන්නේ, ඔහු ලගට පැමිණ යමෙක් යමක් ඉල්ලයිද , බලි රජු නිසැකයෙන්ම එය ඔහුට ලබා දෙනවා... මේ කියන වාමනාවතාරයෙන් පහල වුණු විශ්නු දෙවිදුනුත් බලි හමුවට යනවා, ඔහු ඉල්ලනවා තමන්ගේ අඩි තුනක් වැසෙන පරිදි බිම් කඩක් ඔහුට ලබලා දෙන්න කියලා, ඒ අහලා සිනහවෙන බලි රජු ඔහුට ඕනෑම තමන් කැමති තැනකින් අඩි තුනක් වැසෙන බිම් ඉඩක් ලබා දෙන්න පොරොන්දු වෙනවා... එසැනින් මේ කුරු වාමනයා මහා යෝධයෙක් වන්න ගන්නවා , අහසත් පොලොවත් වාතස්කන්ධයත් තම තුන් පියවරින් වසාලන වාමන අවසානයේ බලි රජුට පාතාලය හැරුණු කොට යන්නට වෙන තැනක් නොමැති කරනවා.

විශ්ණු පුරාණයේ සහ භග්‍යවත පුරාණයේ සදහන්ව ඇත්තේ බලිනම් අසුර රජ පැරදවීමට වාමන විශ්ණු දෙවියන්ගේ අවතාරයක් පැමිණි බවය. බලි තුන් ලෝකයම අත්පත් කර ගැනීමට සටන් වැදුන අතර හෙතෙම පරාජයට පත් කරන වාමනයන් බලිව පරාජයට පත් කර පාතාල ලොකයට පලවාහැරි බවත්ය.

හෙළ ප්‍රවාදය

නමුත් බලි පිළිබද හෙළ ප්‍රවාදය වන්නේ බලි යනු අසුර ගෝත්‍රයට අයත් හෙළ රජෙක් බවය. ආර්යන්ගේ ආක්‍රමනයත් සමග හැකිලී ගිය ඉංදු හෙළයේ ප්‍රෙද්ශයන් ආර්ය ග්‍රහණයෙන් මුදවා ගැනීමට  සාර්ථකව සටන් මෙහෙය වූ පුද්ගලයෙක් ලෙසය. මෙසේ පැරණි හෙලයින්ගේ ආධාරයද ලබමින් ආර්යන් පරාජයට පත්කරමින් උතුරු ඉංදු හෙළයේ ආර්‍යයාගමනයට හා ඔවුන් ගේ වහවන් වූ ද්‍රාවිඩයන් සමග සටන්වැදි මෙහුගේ හෙළ සේනා මුලදී ආර්‍යයන් භීතියට පත් කරමින් සටන් වැදි නමුත් වාමනගේ ආගමනයත් සමග ආර්‍යාවෘතය හා බ්‍රහ්මාවෘතය අතරහැර විද්‍යා කදුවැටියෙන් දකුණටත්, ලංකාවටත් පසුබැසීමට සිදුවූ බවත්ය.

බාලි දූපත

උතුරු ඉංදු හෙළය අහිමිවීමත් සමග නැගෙන හිර දෙසට අවධානය යොමුකළ බලි රජ ඉන්දුනීසියාවේ කොටසක් අල්ලා ගත්තේය. විශේෂයෙන් බාලි දූපත් ආශීතව ජනපද කරනය කළ නිසා එම දූපත් බාලි රජුගේ නාමයෙන් හැදින්වීමට යෙදින.

බලිතොවිල්

බලි නම් යාග විශේෂය මෙම රජතුමන්ගේ සමයේ ආරම්භවූ බව පුරාවෘතවල සදහන්ය. මෙම රජුගේ රුවට සමාන රූපක් අඹා යාග තොවිලය සිදුකරන අතර මෙම සම්ප්‍රදාය හෙළ යක් දහමට එකතුවූයේ මෙතුමාගේ සමයේ බව කියැවේ. නවග්‍රහයන්ගෙන් සිදුවෙන්නාවූ අපල උපද්‍රව වලට පිළියමක් ලෙස මෙම බලියාග සිදුකරනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=බලි_රජු&oldid=469060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි