බයියුරෙට් පරීක්‍ෂාව

විකිපීඩියා වෙතින්
(බයියුරේට් පරීක්‍ෂාව වෙතින් යළි-යොමු කරන ලදි)
පැහැදිලි දම් ද්‍රාවණය අඩංගු පරීක්ෂණ නලයක්
ධනාත්මක බයියුරෙට් පරීක්ෂාවක ලාක්ෂණික වර්ණය

බයියුරෙට් පරීක්ෂාව යනු පෙප්ටයිඩ බන්ධන ඇති බව සොයාගැනුමට සිදුකෙරෙන රසායනික පරීක්ෂාවකි. පෙප්ටයිඩ තිබේනම්, ක්ෂාරීය ද්‍රාවණයකදී, කොපර්(II) අයනයක් දම්-පැහැති සංකීර්ණ අයනයක් තනයි. [1] පරීක්ෂාවෙහි ප්‍රභේදයන් කිහිපයක් විකාශනය කර ඇත.

ප්‍රෝටීන සාන්ද්‍රණය නිශ්චනය කෙරුමට බයියුරෙට් පරීක්ෂාව භාවිතා කළ හැක්කේ පෙප්ටයිඩ වල ඇමයිනෝ අම්ල පවතින වාර ගණනට සමානව පෙප්ටයිඩ බන්ධන ද පවතින බැවිනි. බියර්-ලැම්බට් නියමය ප්‍රකාර, වර්ණයෙහි තීව්‍රතාවය හා, එම නිසා ම 540 නැමී තරංග ආයාමය අවශෝෂණය කිරීමේ හැකියාව, ප්‍රෝටීන් සාන්‍ද්‍රණයට අනුලෝමව සමානුපාතික වෙයි.

එලෙසින් නම් කෙරුන ද, ප්‍රතිකාරකයෙහි ඇත්ත වශයෙන් ම බයියුරෙට් ((H2N-CO-)2NH) අඩංගු නොවේ. පරීක්ෂාව එලෙසින් නම් කර ඇත්තේ බයියුරෙට් අණුවෙහි පෙප්ටයිඩ බන්ධන සඳහා ද ධනාත්මක ප්‍රතික්‍රියාවක් එය විසින් සපයන බැවිනි.

ක්‍රියා පටිපාටිය[සංස්කරණය]

ජලීය නියැදියකට 1% ප්‍රබල භෂ්ම (බොහෝ විට සෝඩියම් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්) සමාන පරිමාවක් එක් කොට ඉන් පසුව ජලීය කොපර් (II) සල්ෆේට් බින්දු කිහිපයක් එක් කෙරෙයි. ද්‍රාවණය දම් පැහැයට හැරෙයි නම්, ප්‍රෝටීන් පවතියි. 5–160 මිග්‍රෑ/මිලී ප්‍රමාණයක පැවතීමක් නිශ්චය කල හැක.

බයියුරෙට් ප්‍රතිකාරකය[සංස්කරණය]

බයියුරෙට් ප්‍රතිකාරකය තැනෙනුයේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් (KOH) සහ සජල කොපර් (II) සල්ෆේට්, සමගින් පොටෑසියම් සෝඩියම් ටාටරේට් භාවිතා කිරීමෙනි. ප්‍රෝටීන පවතින විටෙක ප්‍රතිකාරකය නිල් පැහැයේ සිට දම් පැහැයට හැරෙන අතර, කෙටි-දාම පොලිපෙප්ටයිඩ හා සමග එක්වූ කලෙක නිල් පැහැයේ සිට රෝස පැහැයට හැරෙයි.[2]

සියළු බයියුරෙට් පරීක්ෂාවන් සඳහා බයියුරෙට් ප්‍රතිකාරකය අවශ්‍ය නොවේ. ප්‍රෝටීන සාන්ද්‍රණය නිර්ණය කෙරුමට භාවිතා කෙරෙන තාපමිතික නිශ්චයක් —540 නැමී (Cu2+ අයන අනාවරණය කෙරුමට) තරංග ආයාමයකදී UV-VIS වැනි — වන බයියුරෙට් ප්‍රෝටීන නිශ්චයකදී ප්‍රතිකාරකය සාමාන්‍යයෙන්භාවිතා වෙයි.

බයියුරෙට් පරීක්ෂාවක සංවේදීතාව ඉහළ දැමීම[සංස්කරණය]

Cu+ යනු ප්‍රබල ඔක්සිහාරකයෙක් වන අතර නිදසුනක් ලෙසින් ෆොලින්-සියොකැල්ටෝගේ ප්‍රතිකාරකයෙහි Mo(VI) හා සමගින් ප්‍රතික්‍රියා කොට මොලිබ්ඩෙනම් නිල් තැනීමට හැකියාවක් එය සතුව ඇත. මේ අයුරින්, 0.005 සහ 2 මිග්‍රෑ/මිලී අතර සාන්ද්‍රණයක පවතින ප්‍රෝටීන වුව අනාවරණය කළ හැක.[3] මීට වැඩිමනත් වශයෙන් මොලිබ්ඩෙනම් නිල් විසින් සමහරක් කාබනික රංජක (මැලචයිට් කොළ, ඇවුරාමින් O) ආබද්ධකරණය කළ හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් අනාවරණය තවදුරටත් තීව්‍ර ලෙසින් පැහැදිලි වෙයි.[4]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ප්‍රතික්‍රියාව පළමුවෙන් නිරික්ෂණය කරන ලද්දේ 1833දී ෆර්ඩිනැන්ඩ් රෝස් විසිනි: ෆර්ඩ්නැන්ඩ් රෝස් (1833) "Über die Verbindungen des Eiweiss mit Metalloxyden" (ලෝහ ඔක්සයිඩ සමග ඇල්බියුමන් තනන සංයෝග පිළිබඳව), Poggendorfs Annalen der Physik und Chemie, වෙළුම. 28, පිටු 132-142. 1857දී පියට්‍රොවිස්කි විසින් එය ස්වාධීන වශයෙන් යළි-සොයාගන්නා ලදි: ජී. වොන් පියට්‍රොවිස්කි (1857) "Eine neue Reaction auf Eiweisskörper und ihre näheren Abkömmlinge" (ප්‍රෝටීන හා ඒවායේ ව්‍යුත්පන්නයන්හී නව ප්‍රතික්‍රියාවක්) Sitzungsberichte der Kaiserliche Akademie der Wissenschaften in Wien, mathematisch-naturwissenschaftliche Classe (චින්තනයන් පිළිබඳ වියනාහී රාජකීය ඇකඩමියෙහි වාර්තා සටහන්, ගණිතමය-ස්වභාවික විද්‍යා කොටස), වෙළුම. 24, පිටු 335-337.
  2. රසායනික ප්‍රතිකාරක, http://faculty.mansfield.edu/bganong/biochemistry/reagents.htm, ප්‍රතිෂ්ඨාපනය 2011-09-17 
  3. ඕ.එච්. ලොව්රි, එන්.ජේ. රෝස්බ්‍රෝ, ඒ.එල්. ෆාර්, ආර්.ජේ. රැන්ඩෝල්: ප්‍රෝටීන් මෙෂමන්ට් විත් ස ෆොලින් ෆීනෝල් රියෙජන්ට්, J. Biol. Chem. 193 (1951) 265 - 275.
  4. සාර්ජන්ට්, එම්.ජී.: ෆිෆ්ටිෆොල්ඩ් ඇම්ප්ලිෆිකේෂන් ඔෆ් ද ලෝරි ප්‍රෝටීන් ඇසේ. Anal. Biochem. 163 (1987) 476-481.

බාහිර සබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බයියුරෙට්_පරීක්‍ෂාව&oldid=592662" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි