බයිබලයේ ජෝහාන් ධර්ම දූතයා

විකිපීඩියා වෙතින්

ශාන්ත ජෝහාන් ධර්ම දූතයා, සෙබිඩිගේ පුත් වු අතර සාන්තුවර මහා ජාකොබ්ගේ සහෝදරයා විය. ඔහු‍ගේ මව සලෝමි නමි විය. උපතින්ම මොවුන් ධීවරයන් විය. මෙම සහෝදරයන් දෙදෙනා තම පියා සමඟ ජෙන‍සරතේ වැවෙහි මාලු ඇල්ලුහ. පළමුව ස්නාවක ජුවාම්තුමාගේ ශ්‍රාවකයෙකු ව සිටි මොහු පසුව ජේසුස් වහන්සේගේ ධර්ම දූතවරුන් දෙළොස් දෙනා අතරට පැමිණියේය.


ශාන්ත ජෝහාන්, ධර්ම දූත පදනමේ ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. ජයිරස්ගේ දුවව මරණයෙන් නැගිටවීම (මාක් 5:37), ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයින් තිදෙනා ඉදිරියේ ශ්‍රි විභූතියෙන් බැබළෙමින් පෙනි සිටීම (‍මතොව් 17:1) හා ගෙත්සමෙහි අරගලය (මාතෙව් 26;27) යන අවස්ථාවල සාක්ෂිකරුවන් වශයෙන් ලෙනී සිටීම ඒ අතර වේ.එහිදී සාක්ෂි කරුවන් ලෙස පේදුරුතුමන්, ‍ජාකොබ්තුමන් හා ජොහාන්තුමන් පෙනී සිටියහ. ජොහාන්තුමන්, පේදුරුතුමන් පමණක් අවසාන යුදෙව් වසන්ත උත්සවය පිළියෙල කිරීමට නගරයට යැවුහ. භෝජනය අවස්ථාවේදී ශාන්ත ජෝහාන් ජේසුස්ගේ අසළම අසුන්ගත් අයෙකි. ජේසුස් වහන්සේව අල්ලාගෙන මාලිගාව වෙත ගෙන ගිය විට උන්වහන්සේ පිටුපස මොහුද, පේදුරුතුමන්ද ගියහ. මොහු කල්වාරියෙහිදී කුරුසයේ ඇණ ගැසු ‍ජේසුස් වහන්සේගේ පාද අසළ ජේසුස්ගේ මව වු මරියතුමියන් හා අනිකුත් සැදැහැවත් ගැහැණුන් සමඟ හුදෙකලාව සිටියේය. පසුව ජේසුගේ අවසාන උරුමයේ සංකේතයක් ලෙස මරියතුමියව තමන්ගේ රැකවරණයට බාර ගත්තේය. (ජො‍හාන් 19;25-27).



උත්ථානයෙන් පසු සොහොන් ගැබ වෙත ගිය පළමු ශ්‍රාවකයින් දෙදෙනා වුයේ ‍ජෝහාන් හා පේදුරුය. ජේසුස් වහන්සේ සත්‍ය වශයෙන් උත්ථානය වු බවට පළමුව පිළිගත්තේ ද ජෝහාන්ය. ජෝහාන් ශුභාරංචියේ කර්තෘ සෑමවිටම ඔහු ජේසුස් වහන්සේ වැඩි වශයෙන් ආදරය දක්වනු ලැබූ ධර්ම දූතවරයා ලෙස පෙන්නුම් කිරීමට උනන්දු විය. ජේසුස් වහන්සේගේ අහස් නැගීමේ මංගල්‍යයට පසු හා පෙනන්තකොස්ත දිනයේ ශුද්ධාත්මයාණන් බැසීම යන සිද්ධි දෙකට පසුව ජොහාන් පේදුරු සමඟ එක්ව ක්‍රිස්තු සභාව ස්ථාපිත කර එය මඟ පෙන්වීම ප්‍රමුඛත්වයක් දැරුවේය. සිතගෝනයේ ආබාධිත මිනිසා සුවකිරීමේදී ද පීතර් සමඟ ජොන් පැමිණ සිටියේය. (ක්‍රියා. 3;1). පේදුරුව සිරගෙදරට දැමු අවස්ථාවේදි ඔහුත් සමඟ ජොහාන්ද සිටියේය (ක්‍රිය. 4:3). සමාරියාවේ අළුතින් සංවර්තනය වු පිරිස හමුවීමට පේදුරු සමග ජෝහාන් ද ගියේය.


බයිබලයේ ජොහාන් පිළිබඳව සුවිශේෂ කොටස් පෙළ මාලාව[සංස්කරණය]

ජුදෙයා‍වේ ක්‍රියා සම්බන්ධව හෝ එම කාල සීමාව පිළිබදව නිශ්චිත තොරතුරු නොමැත. අනිත් ධර්ම දූතවරු සමඟ පොදුවේ ජොහාන් ද, පළමු කම්කරුවන් අතරෙහි අවුරුදු 12 ක කාලයක් ගත කළේය. ඉන්පසුව හෙරොද්ගේ හිංසා නිසා, රෝමන් අධිරාජ්‍යයාගේ සෑම ප්‍රදේශයක් වෙතම ධර්ම දූතවරු වෙන්ව ගියහ. (ක්‍රියා. 12;1-17) කුඩා ආසියාව, තුළට ගොස් විවිධ ප්‍රදේශවල පදවි පවත්වාගෙන ගිය බව සත්‍ය ලෙස පිළිගත හැකිය. එපිසස්හි පාවුළුගේ කම්කරුවන්ට පෙර ගැලවුම්කරුගේ ප්‍රජාව එහිද පවත්වාගෙන ගියේය (ක්‍රියා 18:27). මෙම ප්‍රදේශයන්හි ජෝහාන්ගේ තාවකාලික නවාතැන් සම්බන්ධීකරණය කරන්නට ඉතා ලේසි පහසු විය. දෙවන මිෂනාරි ගමන සඳහා පාවුළු ශුභාරංචිය දේශනා කිරීමට මයිසියා හා බිතිනියා යන ආසියා නගර දෙකට ගියේය (ක්‍රියා 16;6). අනිත් ශ්‍රාවකයෝ සමඟ පාවුළු ජෙරුසලම‍ අපොස්තලික සභාව වෙත නැවත පැමිණියේය.


නව ගිවිසුමේ අනිත් ලේඛන අතරින් ජොහාන් පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගත හැක්කේ ජොහාන්ගේ ලියවිලි තුනෙන් සහ හෙළිදරව් පොතෙනි. මෙහි ලියවිලි දෙකක හා හෙලිදරව් පොතේ සඳහන්ව ඇත්තේ ජොහාන් ජේසුස් වහන්සේගේ ක්‍රියාවන් පිළිබදව පුද්ගලික සාක්ෂිකරුවා වු බවයි. ජොහාන් කුඩා ආසියාවේ දිගු කාලයක් ජීවත් වු බවත්, විවිධ ධර්ම දූත සභාවන්හි කොන්දේසි හඳුනාගත් බවත්, ධර්ම දූත සභාවේ නායකයෙකු සැටියට බලයක්ද ලද බවත් මෙහි සඳහන් වේ. තවද හෙළිදරව් පොතට අනුව හෙළිදරව්වේ දර්ශනය තම කතුවරයා වෙත පිදුම් ලැබුයේ පැටිමස් දුපතේදී බවද කිව හැකිය.


ජොහාන්ගේ ශුභාරංචිය ඇතුළලත් නව ගිවිසුමේ, ජො‍හාන්ගේ පොත් පහේ කතෘවරයා වුයේ ශාන්ත ජොහාන්ය. කෙසේ වුවත් නව විවේචනාත්මක වියතුන් ජොහාන්ගේ අවසාන සංස්කරණය, පළවන සියවසේ අග හෝ දෙවන ‍සියවස ආරම්භයේ සිදු කළහ.