බඹරගම දෙළුන්ගහකොටුව පුරාණ විහාරය

විකිපීඩියා වෙතින්

බඹරගම දෙළුන්ගහකොටුව පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඹරගම ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත.

පිහිටුම[සංස්කරණය]

රිකිල්ලගස්කඩ නගර මධ්‍යයේ තුන්මංසලින් හේවාහැට මාර්ගයේ කි.මි.1.5 පමණ ගිය විට හමු වන පොරමඩුල්ල හන්දියෙන් පහළට ඇති පොරමඩුල්ල මාර්ගයේ අකිරිය කිතුල්පේ ඔස්සේ කි.මි.10 පමණ දුරින් මෙම විහාරයට පිහිටා ඇත.

විහාරය[සංස්කරණය]

විහාරයේ දැනට පැරණි විහාර ගෙයක් ඉතිරිව ඇති අතර එහි මහනුවර යුගයට අයත් කුඩා චිත්‍ර ප්‍රමාණයක් ඉතිරිව ඇත. අනෙක් විහාරයෙහි ඇති සියලුම චිත්‍ර ඇඳ නවීකරණය කොට ඇත. එහෙත් විහාර ගෙයි ඇති හිඳි පිළිමයන් දෙපස ඇති හිටි පිළිම දෙක මහනුවර යුගයට අයත් බව දැකගත හැකි වේ. මීට අමතරව මෙම ස්ථානයේ පැරණි දිවුරුම් බෝධියක් වූ බවට විශ්වාස කෙරේ. නමුත් එම දිවුරුම් බෝධිය පිහිටා තිබූ ස්ථානයේ මෑතකදී චෛත්‍යයක් ඉදි කොට ඇත.

චෛත්‍යය අසල අත්තානි ලිපියක් දක්නට ලැබේ. අඟල් 9*9 ප්‍රමාණයේ කළුගල් කුලුණක් වන මෙහි උස 3 B" පමණ වේ‍. කුලුනේ ඉහළ ශ්‍රී අක්ෂරය හා ඉර හඳ කොටා ඇති අතර පහළම කපුටා සහ බල්ලාගේ සලකුණු කොටා තිබීමෙන් මෙය අත්තානි ලිපියක් යැයි බොහෝ දුරට අනුමාන කළ හැකිවේ. කණුවේ‍ සිව් පැත්තෙන්ම අකුරු කොටා තිබෙනු දක්නට ඇති අතර ඉහළ කොටසේ කෙටූ අකුරු කියවීමට අපහසු බවක් පෙන්වයි. පහළ කොටසේ අකුරු කියවීමට හැකි ආකාරයක් පෙන්වයි. 1886 ඔක්තෝබර් 20 වන දින ලිපිය නැරඹූ සී.ජේ.ආර්.ලැමෂර් මෙය බෝගමුවට කුඹුරක් දීම පිළිබඳ සටහන් බව ප්‍රකාශ කොට ඇත. ම්‍ෙ පිළිබඳව Ceylon Journal of Science (Section 02) දෙවන කලාපයේ ඇතුළත් කොට ඇති බවත් එය 11 වන සියවසට අයත් බවත් ප්‍රකාශ කරයි.