බදු දිරිගැන්වීම්

විකිපීඩියා වෙතින්


බද්දක් යනු, මහජන අරමුණු සඳහා රජයේ අවයවයක් ‍ලෙස පනවනු ලබන අනිවාර්ය අය කර ගැනීමක් බද්දක් ලෙස හඳුන්වයි.

බද්දක තිබිය යුතු ලක්ෂණ[සංස්කරණය]

1776 දී ප්‍රකාශයට පත් කළ ඇඩම් ස්මිත්ගේ 'ජාතීන්ගේ ධනය' නැමැති කෘතියේ බදු සම්බන්ධව තිබිය යුතු වැදගත් කරුණු 4 ක් දක්වයි.

1.මිනිසුන් උපයන ආදායමට හා ධනයට සරිලන ‍සේ ඔවුන්ගෙන් බදු අය කළ යුතුය.

2.අභිමතානුසාරි නොවිය යුතුය.

3.බදු අය කරන ක්‍රමය සරල විය යුතුය.

4.බදු අය කරගන්නට යොදන ක්‍රමවේදයේ පිරිවැය අවම විය යුතුය.


ඉහත ලක්ෂණවලට අමතරව බදු ක්‍රමයක් නම්‍ය විය යුතු අතර සාර්විකතාවයෙන් හා සමානාත්මතාවයෙන් යුක්ත විය යුතුය. බදු දිරිගැන්වීමකින් කරනුයේ බදු අය කරගැනීමේ ක්‍රියාවලියේදී බදු ගෙවීමට නිර්දේශිත පුද්ගලයින් බදු ගෙවීම ‍ කෙරෙහි යොමු කිරීමට යම් යම් ක්‍රියා


බදු දිරිගැන්වීමේ ස්වරූප[සංස්කරණය]

ඉපැයීම් හා බදු

1.බදු සහන

2.බදු විරාම

3.බදු ව්‍යතිරේක

4.බදු ප්‍රතිශත අවම කිරීම

. මෙලෙස බදු දිරිගැන්වීම් ලබා දෙන්නේ බොහෝ විට රටේ ආර්ථික දියුණුව අරමුණු කරගෙනය.රට තුලම සඟවාගෙන ඇති කළු මුදල් ආර්ථිකය වෙත ග්‍රහණය කරගෙන ආදායම් ව්‍යාප්තියේ විෂමතා අවම කිරීමද මෙහි තවත් අරමුණකි. බදු විරාම හෝ අවම බදු ප්‍රතිශත නිර්දේශ කරනුයේ බොහෝ විට රට තුලට ඇදී එන ආයෝජන දිරි ගැන්වීමටයි.බදු ව්‍යතිරේක යටතේ බදු සමාවක් ලබා දෙන්නේ බදු ගෙවීම සම්බන්ධව නීතියෙන ස්ථාපිත ක්‍රමවේදයට අනුව කටයුතු කිරීම යම් බදු ගෙවන්නෙකු විසින් පැහැර හැර ඇති විටෙකදීය .මේ සියලු බදු දිරිගැන්වීම් ලබා දීමේදී සමානාත්මතාවය නැමැති නෛතික සංකල්පය වෙත වන බලපෑම පිළිබඳව සමාජය තුළ ආන්දෝලනාත්මක තත්වයක් හට ගන්නා අවස්ථා පවතී.

බදු සමා පනත හා ඉන් සිදුවූ බලපෑම[සංස්කරණය]

2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධිවිධාන පනත) හෙවත් බදු සමා පනත තුළින් නීතිගත කළ මෙම බදු දිරිගැන්වීම් සඳහා යොදා ගත් 'බදු සමාව' නැමැති ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජයේ බොහෝ විවේචන මතුවිය.රටේ ස්ථාපිත ආදායම් බදු නීතියට ගරු කරමින් නිසි කලට බදු ‍ගෙවූ අවංක අයෙකු මෙම බදු සමා පනත මගින් කිසිදු සහනයක් හෝ දිරිගැන්වීමක් නොලත් අතර බදු නොගෙවමින් නීතිය නොසළකාහරිමින් සිටි වංක අයෙකු සහන ලැබී‍ය. එසේමබදු ගෙවීම පැහැර හැරි පුද්ගලයින්ගෙන් බදු නොගෙවා සිටි කාලය සඳහා අය වීමට තිබූ හිඟ මුදල්ද ‍නොසළකා පවතින තත්වයේ සිට බදු ගෙවීමට ඉඩ සලසා දෙන ලදී. ජනාධිපතිනිය මෙම බදු සමා පනත පිළිබඳව ‍ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ විට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව තීරණය කළේ මෙම බදු සමා පනත මහජන මුදල් වංචාවට ලක් කළ මහජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ නීතියක් බවත් මෙමගින් සමාජය මෙහෙයවන ශිෂ්ට සම්පන්න නීති ක්‍රමය බිඳ දැමෙන පොදු දේපළ වංචා කෙරෙන තත්වයක් ගොඩනැගී ඇති බවත්ය.


නූතන බදු පනත හා බදු දිරිගැන්වීම්[සංස්කරණය]

බදු ව්‍යතිරේක යටතේ යම් රජයක් පිළිගත් මට්ටමකින් සමහර පුද්ගලයින් හා ආයතන බදු ගෙවීම් වලින් නිදහස් වන අවස්ථා පවතී.

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ වගන්තිවල මේ සම්බන්ධ විධිවිධාන දක්වා ඇත.

බදු හා ජනතාව
පොළී ආදායම්
ගොනුව:8503.jpg
වාසික ආගන්තුක ආදායම්
කෘෂීකාර්මික ව්‍යවසායන්
යටිතල පහසුකම්


07 වගන්තිය - ඇතැම් තැනැත්තන්(පුද්ගලයන් හැර) ඔවුන් ලබන ලාභ හා ආදායම් ප්‍රමාණය හෝ ඉන් යම් කොටසක් මත ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


නිදඃ ලෝක සංචාරක සංවිධානයේ ලාභ හා ආදායම.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාභ හා ආදායම.


08 වගන්තිය - ඇතැම් නිලධාරීන්ගේ හා සේවා නියුක්තිකයන්ගේ ඇතැම් ලාභ හා ආදායම බද්දෙන් නිදහස් කිරීම. නිදඃ ජනපති ධුරයෙන් යමෙකු ලබන වැටුප් ප්‍රතිලාභ


09 වගන්තිය - ලැබුණ ඇතැම් පොළී ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


10 වගන්තිය - ඇතැම් ලාභාංශ බද්දෙන් නිදහස් කිරීම.


11 වගන්තිය - ඉඩම් හා ඒවායේ වැඩිදියුණුකිරීම් ‍වලින් ලැබෙන ඇතැම් ලාභ හා ආදායම් ආදායම බද්දෙන් නිදහස් කිරීම.


12වගන්තිය - ඇතැම් සහනාධාර ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


13වගන්තිය - ආදායම් බද්දෙන් විවිධ නිදහස් කිරීම්.


14වගන්තිය - යම් වාසික ආගන්තුකයෙකුගේ ඇතැම් ලාභ හා ආදායම ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


15වගන්තිය - ලංකාවෙන් පිටතදී උපයන ලද ලාභ හා ආදායම නිදහස් කිරීම.


16වගන්තිය - කෘෂිකාර්මික ව්‍යවසා‍යකින් ලැබෙන ලාභ හා ආදායම ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


17වගන්තිය - යම් නිශ්චිත ව්‍යවසායකින් යම් සමාගමකට ලැබෙන ලාභ හා ආදායම ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


18වගන්තිය - යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ ඇතැම් ව්‍යවසාය ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


19වගන්තිය - සුළු පරිමාණ යටිතල පහසුකම් ව්‍යවසායන් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


20වගන්තිය - යම් නව කාර්මික ව්‍යවසායක ලාභ හා ආදායම නිදහස් කිරීම.


21වගන්තිය - නැවත ස්ථානගත කරන ලද යම් ව්‍යවසායක ලාභ හා ආදායම නිදහස් කිරීම.


22වගන්තිය - පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල නියුක්ත යම් සමාගමක් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


23වගන්තිය - යම් අවදානම් ප්‍රාග්ධන සමාගමක් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


24වගන්තිය - සංචාරකයින් සඳහා වලව් නිවාස හෝ විශේෂ සං‍වර්ධිත බංගලා සැපයීමේ ව්‍යාපාරවල නියුතු යමෙකු ආදායම් බද්දෙන් නිදහස් කිරීම.


මේ අනුව පෙනී යන්නේ රටක ආදායම් නැංවීම, ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම ඒ ඔස්සේ රටේ සමස්ත සංවර්ධනය නැංවීම බදු පැනවිම තුළ මෙන්ම බදු දි‍රි ගැන්වීම තුළද අරමුණු කරන බවයි.

අප නීතියේ ස්ථාපිත බදු දිරිගැන්වීම් සමඟ ඉන්දීය නීති තත්වය සසඳන කල එහි Rebates එනම් බදු ලෙස ගෙවූ මුදලින් කොටසක් ආපසු දීම යන තත්වය ක්‍රියාත්මක වේ.එසේම ප්‍රාදේශීය බදු දිරිගැන්වීම් යටතේ දුෂ්‍කර ප්‍රදේශවල ස්ථාපිත කර ඇති කාර්මික ඒකක සඳහා ප්‍රවාහන සහනාධාර (Tansport Subsidy)ලබා දේ.


බදු ගෙවීම සම්බන්ධව යම් යම් සහන ලබා දෙමින් ආර්ථිකයේ බදු අය කර ගැනීමේ යන්ත්‍රණය ශක්තිමත් කිරීමට බදු දිරිගැන්වීම් යන්න සාර්ථක ප්‍රයෝගයක් වීමට නම් එය පැහැදිලි, සරල,සම්පූර්ණ මෙන්ම විනිවිද ස්වභාවයෙන් යුක්ත වීම වැදගත් වේ.එවිට එය ආර්ථික සංවර්ධනයට වැදගත් රුකුලක් වේ.

ගොනුව:3205.jpg
සමානාත්මතාවය
සාධාරණත්වය


















ආශ්‍රිත මූලාශ්‍ර[සංස්කරණය]

2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධිවිධාන)පනත.

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත.

මේ වෙබ් අඩවිත් බලන්න[සංස්කරණය]

ආදායම් බද්දේ අතීතය

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

බදු සහන හා ආයෝජන දිරිගැන්වීම්[permanent dead link]


පස් අවුරුදු බදු විරාම

"https://si.wikipedia.org/w/index.php?title=බදු_දිරිගැන්වීම්&oldid=592655" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි