බදු ආදායම
මිනිසුන් හෝ අයතන වලින් ගේ බදු අය කර ගැනීම නිසා රජයක් විසින් උපයාගන්නා ආදායම බදු ආදායමයි.
විවිධාකාරයේ බදු වර්ග ඇති නිසා, බදු ආදායම එකතු කර ගන්නා ක්‍රමවේදයන් ද විවිධාකාරය. තවදුරටත්, බදු එකතු කරන්නා වූ ආයතනය මධ්‍යම රජයේ කොටසක් නොවිය හැකිය. නමුත් එය, බදු අදායම් ඔවුන් විසින්ම ප්‍රයෝජනයට ගන්නා වෙනත් තෙවන පාර්ශවයක් විය හැකිය. උදාහරණයක් ලෙස එක්සත් රාජධානීන්ගේ DVLA ආයතනය මාර්ග බදු එකතු කොට මහා භාණ්ඩාගාරයට යවයි. මිළ දී ගැනීම් මත සිදුකරන බදු අය කිරීම දෙයාකාරයකින් දක්නට හැකිය. භාණ්ඩවල මිළටම එක් කරනු ලබන එම මිළෙහි යම් ප්‍රතිශතයක් ලෙස එකතු වන බද්ද (එක්සත් ජනපදයේ විකුණුම් බද්ද හෝ එක්සත් ජනපදයේ වැට් බද්ද වැනි) සහ මිළදී ගැනීමේ දී ගෙවන මිළට, නිශ්චිත මුදලක් ලෙස එකතු වන තීරු බද්ද (සිගරට් සඳහා බොහෝ විට අය කරනු ලබන බද්ද වැනි) මෙවැනි විකුණුම්වලින් එකතුවන මුළු බද්ද ගනණය කිරීම සඳහා සඵලදායී බදු අනුපාතය සපයා ඇති භාණ්ඩ ප්‍රමානයෙන් ගුණ කළ යුතුය.
බදුකරණ මට්ටම්වල වෙනස්කම්
[සංස්කරණය]බදුකරණ මට්ටමේ වෙනස් වීමක් සමස්ත බදු ආදායමට බලපාන ආකාරය පරීක්ෂණයට බඳුන් කෙරෙන භාණ්ඩය මත සහ විශේෂයෙන්ම එම භාණ්ඩයේ ඉල්ලුම් මිළ නම්‍යතාවය මත රඳා පවතී. පහල ඉල්ලුම් මිළ නම්‍යතාවයක් ඇති භාණ්වල (එබැවින් මිළ අවශ්‍ය යයි) බදු හෝ තීරු බදුවල වැඩිවීමක් ඉල්ලුමේ කුඩා පහල යාමකට හේතු විය හැකිය. එහෙත් එය සෑම ඒකකයකින්ම ඉහල දැමූ බද්දට හිලව් කිරීම ප්‍රමාණවත් නොවේ. එහෙයින් සමස්ථ බදු ආදායම වැඩි වේ. අනෙක් අතට මිළ නම්‍යතාවයක් සහිත භාණ්ඩවල බදු ඉහල දැමීම බදු ආදායම් කඩා වැටීමට මඟ පෑදුමක් විය හැකිය.
මිලියන 20 ක පමණ ජනගහනයක් සිටියද, ශ්‍රී ලංකාවේ ඇත්තේ ආදායම් බදු ගෙවන්නන් 694,000 ක් පමණි(2016)
සෘජු බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මිලියන 1.2