බණකතා සාහිත්‍ය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

බණකතා සාහිත්‍ය හැදින්වීම.[සංස්කරණය]

මිහිදු මාහිමියන්ගේ ලංකාගමනය නිසා ලක් වැසියන්ට ප්රමධාන වශයෙන් බෞද්ධාගමත් ඒ හැරුණු කොට ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පයත් ලැබුණා මෙන් ම බෞද්ධ සිංහල සාහිත්යක් ද දායාදයක් සේ ලැබිණි. ඈත අතීතයේ දී සිංහල සාහිත්ය්කරණයෙහි වැඩි වශයෙන් කටයුතු කරන ලද්දේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසිනි. උන්වහන්සේලා අතින් ආගමික සේවාවන් ඉටුවන අතරවාරයේ අධ්‍යපනික හා සාහිත්‍යට ද අනුපමේය සේවාවක් ඉටුවිණි. ගස්ගල්, ඉරහද දේවත්වයෙන් අදහමින් සිටි යුගයක මිහිදු මාහිමියන්ගේ ලංකාගමනයෙන් අනතුරුව බුදු දහමට අනතුරුව බුදු දහමට අනුව යමින් ජීවත් වන පිරිසක් ලක් දිව වෙසෙන කාලයකදී බෞද්ධ භික්ෂූන් වහන්සේ සිය ධර්ම දූත සේවය සදහා ලියන ලද ග්‍රන්ථයන්ට බුදු සමය පදනම් කර ගැනීම පුදුමයක් නොවෙනවා පමණක් මෙන් ම එවන් සමයක බෞද්ධ සාහිත්ය්ක් බිහි වීම ද පුදුමයක් නොවේ. මෙරට ගද්‍ය ආඛ්‍යාන සාහිත්ය අනුරපුර යුගය තෙක් ම දිව යයි. එබැවින් සියවසකට අධික කාලයක් පැවති අනුරාධපුර රාජධානිය මගින් සාහිත්යපට සිදු වූ මෙහෙය අති මහත් ය. එම කාල වකවානුව විවිධ සාහිත්යාංග ශ්‍රී ලාංකීය සාහිත්යයට හදුන්වාදුන් කාල පරිච්ඡේදයක් ලෙස නම් කළ හැකිය.

	අනුරාධපුර යුගයේ රචිත සිංහල සාහිත්යය කෘති පිළිබද කථා කිරීමේදී ඒවා ගද්‍ය මෙන් ම පද්‍ය  රචනා වශයෙන් නම් කළ හැකිය. එම සාහිත්‍ය කෘති පිළිබද විමසීමේ දී අද අපට දක්නට ලැබෙන ඉතා වැදගත් කෘති 03 ක් පිළිබද කථා කළ හැකිය.

1. ධම්පියා අටුවා ගැට පදය 2. සිඛවළ`ද හා සිඛවළද විනිස 3. සියබස්ලකර යනු ඒ අග්රගන්ය කෘති තුනයි. “දහම් පියට කළ අටුවා සන්නය’’ යනුවෙන් හදුන්වන දමිපියා අටුවා ගැට පදය ‘පාළි ධම්ම පදට්ඨ කථාවට’ සිංහලෙන් අරුත් සැපයීම සදහා රචිත ව්යාපක්යාළන ග්ර න්ථය වේ. ඉන් අනතුරුව එම යුගයේ දී රචිත ඉතා වැදගත් ග්රාන්ථයක් ලෙස ‘සිඛවළ`ද හා සිඛවළ`ද විනිස’ නම් වූ කෘතිය පෙන්වා දිය හැකිය. එයින් අනතුරුව අපට හමුවන ඉතා වැදගත් ග්‍රන්ථය වන්නේ සියබස්ලකර යි. සිංහල කාව්ය ලක්ෂණ පැහැදිලි කරමින් සියබස්ලකර ලියා ඇත. මෙකී ප්‍රධාන ග්‍රන්ථ වලට අමතරව අනුරාධපුරයේදී ලියවුණු අද අපට දක්කට නොලැබෙන, 1. මහා අට්ඨකථාව 2. මහා පච්චරිය අට්ඨ කථාව 3. කුරින්දි අට්ඨ කථාව 4. අන්ධට්ඨ කථාව 5. සංඛේපට්ඨ කථාව 6. ථූපවංශ වර්ණනාව 7. අනාගතවංශ වර්ණනාව 8. නමස්කාර වර්ණනාව ආදී ග්‍රන්ථයන් ද ලියවී ඇත. මේ අනුව බලන විට එම කාල වකවානුවේදී සිංහල සාහිත්යල සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතින් අනුපමේය දායකත්වයක් ලැබී ඇති බව සිතිය හැකිය. අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහල සාහිත්යය යුගයෙන් යුගයට කාලයෙන් කාලයට වර්ධනය කරා ගමන් කරන්නට විය. එහි ප්රයතිඵලයක් වශයෙන් පොළොන්නරු යුගයේ දී නව සාහිත්යාංටගයක් ලෙස බණ කථා සාහිත්ය ආරම්භ වන්නට විය. එකොළොස්වන සියවස ආරම්භයේදී ඇති වූ දැඩි චෝල අක්ර්මණය නිසා අනුරාධපුර රාජධානිය බිද වැටෙන අතර අනතුරුව පොළොන්නරු රාජධානිය ඇරඹෙන්නේ චෝල ආධිපත්ය හේතු කොට ගෙන දෘවිඩ සංස්කෘතික ව්‍යවහාරයත් හින්දු සමයත් ව්‍යප්ත වෙමිනි. හින්දු ආගමික ප්‍රබලත්වය නිසා බෞද්ධාගමට ප්‍රබල ප්‍රහාර එල්ල වන්නට විය. බෞද්ධ වෙහෙර විහාර පමණක් නොව බෞද්ධ භික්ෂූන් වහන්සේට ද හිරිහැර එල්ල වන්නට විය. එපමණක් නොව එකී තත්වය භාෂා සාහිත්ය ට ද විශාල බලපෑමක් ඇති කළේය. මේ හේතුව නිසා සාමාන්‍ය ජනයා බුදු දහමෙන් ක්‍රමයෙන් දුරස්වන්නට විය. ථෙරවාදී බුදු දහම විවිධ නිකායන් වලට බෙදීම නිසාත් අවුල් සහගත තත්වයක් උදා විය. මෙවන් කරුණු හේතු කර ගනිමින් බෞද්ධ බණ කථා සාහිත්යක අවශ්යතාව පැණනැගෙන්නට විය. ඒ අනුව බණ කථා සාහිත්යයේ ආරම්භයට තුඩු දුන් හේතුවක් වශයෙන්; අනුරාධපුර යුගයේ ඇතිවූ පාළි සාහිත්යයේ පෝෂණයත් පොළොන්නරු සමයේ ඇති වූ සංස්කෘත භාෂාවේ පෝෂණයත් නිසා සාමාන්ය ජනයාට ධර්මය තේරුම් ගැනීමට නොහැකි නිසාත් බණ කථා නම් සාහිත්යය ආරම්භ වීමේ තවත් අරමුණක් හැටියට පෙන්වා දිය හැක. පාඨකයා තුළ සදාචාරය වර්ධනයත් ඔහු කුසල ක්‍රියාවල පොළඹවා අකුසලින් වැලැක්වීමේ මූලික පරමාර්ථයක් වශයෙන් ද සලකා බෞද්ධ කථා සාහිත්ය ආරම්භ කළ බව සදහන් කළ හැකිය. මේ ආකාරයට බිහි වූ බණකථා සාහිත්යහය ආරම්භ වන්නේ ‘ගුරුළුගෝමී‘ පඩිතුමන්ගේ “අමාවතුර“ නම් මා හැඟි කෘතියෙනි. චිරන්තන සිංහල සාහිත්ය යේ ගද්යග කෘතීන් රචනා කිරීම සදහා බුදු සමයේ කවර හෝ ක්ෂේත්‍රයක් පසුබිම් වී ඇත. ඇතැම් ලේඛකයන් උත්සාහ කර ඇත්තේ නව අරහාදී බුදු ගුණයන්ගෙන් එකක් තෝරාගෙන රසවත් කතන්දර මගින් විස්තර කිරීමටය. අමාවතුර කෘතිය රචනා කළ ගුරුළුගෝමීන් එය රචනා කරන ලද්දේ බුදු රජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරථී ගුණය විස්තර කිරීම සදහා ය. එසේම එය සාමාන්ය් ජනයා සදහා කරන ලද ග්රනන්ථයකි. ඒ බව එතුමා විසින් සදහන් කරන ලද මෙම ප්ර‍කාශයෙන් පැහැදිලි කර ගත හැකිය. “බුදු ගුණ අනන්ත බැවින් නව ගුණ හැම කියත් නොපිළිවෙනින් එම පුරුෂ ධම්ම සාරථී යන පදය ගෙන අප බුදුන් පෙරුම් පුරා බුදුව දෙව්රම් වෙහෙර පිළිගෙන එහි වෙසෙමින් තුන් ලොවෙහි සැරි සැරූ විෂම පුරුෂයන් දමා අමාමහ නිවන් පැමිණ වූ සේක්. නොවියත් හුදී ජනයා සදහා සියබසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ....’’ ඒ අනුව බැලීමේදී ඉහත ස`දහන් කරන ලද කරුණ පැහැදිලි වේ. එමෙන් ම පොළොන්නරු යුගයේදී හින්දු භක්තිකයන් හින්දු දෙවියන් මහත් සේ පුදනු දුටු බෞද්ධ ජනතාවට බදුන් දෙවියන්ට වඩා උතුම් වූ අසම සම ආශ්චර්යවත් කෙනෙකු බව පෙන්වා දීම අමාවතුර රචනයේ එක් අරමුණක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම ග්ර න්ථය මුල සිට අග දක්වාම බුදු රජාණන් වහන්සේ විවිධ පුද්ගලයන් දමනය කළ අවස්ථා වර්ණනා කර ඇත. පරිච්ඡේද 18 කින් යුත් මෙහි මුල් පරිච්ඡේදය වන්නේ දුර්දාන්ත දමනය යි. එහිදී බුදු රජාණන් වහන්සේගේ පෙර ආත්ම භාවයන් හිදී දමනය කරන ලද දුර්දාන්ත පුද්ගලයන් පිළිබ`දව විස්තර වේ. එහි ජාතක කථා 189 ක් පමණ දක්නට ලැබේ. අනතුරුව අපට හමුවන දෙවන පරිච්ඡේදය ස්වසන්තාන නමින් හ`දුන්වා ඇත. තුසිත දෙව්ලොවින් බුදු බව ලැබීම දක්වා උන්වහන්සේගේ ජීවිතය පිළිබ`ද සිදුවීම දෙවන පරිච්ඡේදයේ ස`දහන්ව ඇත. අනතුරුව අපට දක්නට ලැබෙනුයේ පරසන්තාන නම් වූ තුන්වන පරිච්ඡේදය යි. බුද්ධත්වයේ සිට අනේපි`ඩු සිටුතුමා ජේතවනාරාමය පිළිගන්වනා තෙක් බුද්ධ චරිතය පිළිබ`ද මින් විස්තර වේ. හතරවන පරිච්ඡේදයේ සිට දහ අට වන පරිච්ඡේදය දක්වා බ්රානහ්මණයන් රජවරුන් පරිබ්රාරජකයන් භික්ෂූන් ආදී විවිධ පුද්ගලයන් දමනය කොට ඔවුන්ට සෙත සලසා දුන් ආකාරය පිළිබ`ද විස්තර කර ඇත. පාලි සාහිත්යායේ එන කථා ඍජුවම සිංහලයට පරිවර්ථනය කරමින් රචනා කරන ලද අමාවතුර නම් වූ ග්රවන්ථය ගුරුළුගෝමින්ගේ ස්වතන්ත්රප නිර්මාණයක් නොවන බව ද කිවයුතු කරුණකි. පාලි ග්රළන්ථ වලින් ගත් කරුණු පමණක් අමාවතුරේ ස`දහන් වන අතර වෙනත් අළුත් තොරතුරු මෙකී ග්රකන්ථයේ ස`දහන් වන්නේ නැත. එබැවින් කෙටි වචන, කෙටි වැකි යොදා ගනිමින් පාලි කථා සිංහලයට පරිවර්ථනය කිරීමක් මෙහි දක්නට ලැබේ. කෙසේ වෙතත් ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුර නම් කෘතිය බෞද්ධ බණ කථා සාහිත්යළයේ ඉතාමත් අග්රතගන්යම කෘතියක් ලෙස නම් කළ හැකිය. පොළොන්නරු යුගයෙන් පසුව බණ කථා සාහිත්යි පිළිබ`ද කථා කිරීමට හැකි වන්නේ දඹදෙණි යුගයේ දී ය. ඒ අනුව ඒ කාල වකවානුවේදී ලියැවුණු සාහිත්ය් කෘති කීපයක් දක්නට ලැබේ. එයින් අපට දැනට විද්යානමාන වන සරණ ග්රින්ථ 03ක් පිළිබ`දව ස`දහන් කළ හැකිය. එනම්, බුත්සරණ දම්සරණ සගසරණ ආදී වශයෙනි. මෙම ග්ර්න්ථයන්ගෙන් පැරණිතම ග්රේන්ථය වන්නේ බුත්සරණ කෘතිය යි. පාඨකයන්ගේ ශ්රනද්ධා භක්තිය දියුණු කිරීම වස් තෙරුවන් ගුණ වර්ණනා කොට මෙම ග්ර්න්ථය රචනා කර ඇත. විද්යාවචක්රනවර්තී විසින් බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ වර්ණනා කොට මෙම ග්රගන්ථය රචනා කර ඇත. ඔහු තමන් රචනා කළ ග්ර න්ථයට නම් තබන ලද්දේ “අමෘතවාහ’’ යනුවෙනි. මෙම ග්රනන්ථයේ බොහෝ තැනක දක්නට ලැබෙන ‘බුදුන් සරණ යෙමි’ ‘බුත්සරණ යා යුතුය’ යන පාඨය නිසා මහ ජනතාව මෙම කෘතිය බුත්සරණ යන නමින් හ`දුන්වන්නට පුරුදු විය. පාඨකයාගේ හදවතට ගෝචර වන ආකාරයෙන් රචනා කර ඇති මෙම ග්රයන්ථය පරිච්ඡේද 16 කින් සමන්විත ය. එමෙන් ම බුත්සරණ ධර්ම දේශනා ශෛලියෙන් රචනා කර ඇති අතර බුදු රජාණන් වහන්සේ කෙරෙහි කතුවරයා තුළ වූ භක්තිය හා ගෞරවය අති මහත් ය. එය ග්ර න්ථ රචනයේ දී භාවිත සෑම වචනයකින් ම පාහේ දක්නට ලැබේ. එය මෙම ග්ර න්ථයේ විශේෂ ලක්ෂණයක් ලෙස ස`දහන් කළ හැකිය. එසේම මෙහි රචනා ශෛලිය ධර්ම දේශනා කිරීමේ ස්වභාවයක් ගැනීම මෙහි දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයකි. ඊට කදිම උදාහරණයක් ලෙස, “ඈත දූලින් වැසී ගිය ඇත් රජ ය. මෑත සවනක් ගණ බුදු රසින් වැසීගිය බුදු රජාණන් වහන්සේ ය. ඈත කෝපයෙන් තෙත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජාණෝ ය. මෑත කරුණවෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදු රජාණන් වහන්සේ ය. ’’

එමෙන් ම මෙම ග්රාන්ථය රචනා කිරීමේදී තැනට සුදුසු වන ආකාරයෙන් දක්වා තිබීම තවත් විශේෂ ලක්ෂණයක් ලෙස ස`දහන් කළ හැකිය. එසේම පාඨකයා තුළ චිත්තරූප මැවෙන ආකාරයෙන් භාෂාව හැසිරවීම ද තවත් විශේෂ ලක්ෂණයක් ලෙස ස`දහන් කළ හැකිය. දඹදෙණි යුග‍යේ රචිත සාහිත්ය කෘති අතරට එකතුවන තවත් සාහිත්යල සරණ ග්රයන්ථ දෙකක් ලෙස දම්සරණ හා ස`ගසරණ දැක්විය හැකිය. එය ද විද්යාරචක්ර්වර්තීන් විසින් ම රචිත කෘති දෙකක් ලෙස පිළිගැනුනත් එහි භාෂා රටාව බුත්සරණ හා සංසන්දනය කිරීමේදී එසේ පිළිගත නොහැකි යැයි ද විද්වත්හු අදහස් දක්වති. දඹදෙණි යුගයේ විසූ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්රය හිමියෝ විසින් ‘අරහං’ යන පදය ගෙන බුදු රජාණන් වහන්සේගේ පූජාර්හ ගුණය විස්තර කරමින් ‘පූජාවලිය’ නැමති ධර්ම ග්රසන්ථය ලියූහ. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලද පසුත්, බුද්ධත්වය ලැබීමට පෙර කාලවලදීත් ලැබුවා වූ විවිධ පූජා විස්තර කිරීමෙන් මෙම මාතෘකාව ගැන ලිවීමට මයුරපාද හිමියන් උත්සාහ දරා ඇත. එකී පූජාවලිය නම් ග්රෘන්ථය පරිච්ඡේද වශයෙන් ගත් කළ පරිච්ඡේද 34 කින් සමන්විත ය. ගෞතම බුදු රජාණන් වහන්සේ සුමේධ තාපස කාලයේ දී දීපංකර බුදු රජාණන් වහනසේගෙන් විවරණ ලබා පාරමිතා පුරමින් ගත කළ ජීවිතයත්, සිද්ධාර්ථ කුමාරව ගත කළ ජීවිතයත්, බුද්ධත්වයෙන් පසු පරිණිර්වානය දක්වා ගත කළ ජීවිතයත් පිළිබ`දව පූජාවලිය විස්තර කරයි. සිංහලෙන් බුද්ධ චරිතය පිළිබ`දව විස්තරාත්මකව තොරතුරු ලියවී ඇති එකම ග්රහන්ථය ද පූජාවලිය යි. එය පරිවර්ථනයක් නොවන අතර අටුවා ටීකා ආදී විවිධ මූලාශ්රනයන්ගෙන් ගත් තොරතුරු පොදු ජනයාට ගැළපෙන බසින් සකස් කොට ජන වහර ගුරු කොට ගැනීමත් පූජාවලියෙහි කැපී පෙණෙන ලක්ෂණය යි. පූජාවලිය මෙන් ම දඹදෙණි යුගයේ රචිත තවත් ජනප්රිහය ධර්ම ග්රාන්ථයක් ලෙස සද්ධර්ම රත්නාවලිය නම් කළ හැකිය. “සද්ධර්මය නැමති මිණිකැට අමුණන ලද මාලය“ යනුවෙන් සද්ධර්ම රත්නාවලිය යන්නෙහි අරුත දැක්විය. එය පරිවර්ථනයක් නොවන අතර අටුවා ටීකා ආදී විවිධ මූලාශ්රයයන්ගෙන් ගත් තොරතුරු පොදු ජනයාට ගැළපෙන බසින් සකස් කොට ජන වහර ගුරු කොට ගැනීමත් පූජාවලියෙහි කැපී පෙණෙන ලක්ෂණය යි. පූජාවලිය මෙන් ම දඹදෙණි යුගයේ රචිත තවත් ජනප්රිහය ධර්ම ග්රාන්ථයක් ලෙස සද්ධර්ම රත්නාවලිය නම් කළ හැකිය. “සද්ධර්මය නැමති මිණිකැට අමුණන ලද මාලය’’ යනුවෙන් සද්ධර්ම රත්නාවලිය යන්නෙහි අරුත දැක්විය හැකිය. ධර්මසේන නම් ස්ථවිරයන් වහන්සේ කෙනෙකු මෙකී ග්ර’න්ථයේ කතුවරයා ලෙස නම් කළ හැකිය. සද්ධර්ම රත්නාවලිය බණ කථා සාහිත්යන පොතකි. එහි එන කතන්දර පාලි ධම්මපදට්ඨකථාවෙන් උපුටා ගන්නා ලද්දේ ය. එහෙත් එය ධම්මපදට්ඨ කථාවේ අනුවාදනයක් නොවේ. උපමා ආදිය යෙදිය යුතු තැන යොදමින්, විස්තර කළ යුතු තැන විස්තර කරමින්, සරළ සිත් ගන්නා භාෂා සම්ප්රඑදායකින් ලියවී ඇති බැවින් සද්ධර්ම රත්නාවලිය ජනප්රි ය සාහිත්යභ ග්රධන්ථයක් වශයෙන් මෙන් ම ධර්ම ග්රරන්ථයක් වශයෙන් ද ස`දහන් කළ හැකිය. ක්රවමක්ර මයෙන් වර්ධනය වන බණ කථා සාහිත්යි කුරුණෑගල යුගය වන විට තව තවත් වර්ධනය වන්නට විය. බෞද්ධ කථා සාහිත්යකයයේ ඉතාම ජනප්රි ය ග්ර්න්ථය වන්නේ කුරුණෑගල යුගයේ රචනා කරන ලද බුදු රජාණන් වහන්සේගේ අතීත කථා එකතුවක් වන ජාතක පොත් වහන්සේ යs. එය දෙවැනි පණ්ඩිත පරාක්රතමබාහු රජු විසින් ලියන ලදැයි චූලවංශයේ ස`දහන් වන නමුත් ජාතක පොතේ එවැන්නක් ස`දහන් නොවේ. උගතුන්ගේ අදහස වන්නේ ජාතක පොත කර්තෘවරුන් කිහිප දෙනෙකුගේ කෘතියක් බවයි. බණ කථා සාහිත්ය ය පිළිබ`ද කථා කිරීමේදී මෙම කෘති වලට අමතරව එක් එක් වකවනු වලදී ලියැවුණු තවත් කෘතීන් ඇති බව ස`දහන් කළ හැකිය. එම කෘති අතර දඹදෙණි යුගයේදී රචිත, ගඩලාදෙණියේ ධර්මකීර්ති හිමියන්ගේ සුද්ධර්මාලංකාරයත්, ධර්මකීර්ති හිමියන්ගේ ශිෂ්යෙනයකු වූ විමලකීර්ති හිමියන්ගේ සද්ධර්මරත්නාකරයත්, විවිධ බෞද්ධ කථා එකතු කොට ලියන ලද ජනප්රිතය ග්රධන්ථයෝ ය. එමෙන් ම මහනුවර යුගයේ විසූ වැලිවිට අසරණ සරණ සරණංකර සං`ගරාජ හිමියන්ගේ ‘සාරාර්ථ සංග්රසහයට’ මාතෘකා වූයේ බුද්ධ යන වචනය විස්තර කිරීමයි. වැලිවිට ස`ගරජ හිමියන්ගේ ශිෂ්යේ තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත හිමියෝ ‘සත්ථා’ යන පදය විස්තර කරමින් සද්ධර්මාවවාද සංග්රරහය ලියූහ. මේ අනුව බැලීමේදී පොළොන්නරු යුගයෙන් ඇරඹි බණ කථා සාහිත්ය බෞද්ධ ජනතාවගේ හිත සුව පිණිසම වූවක් බව පැහැදිලි වේ.


බණකතා[සංස්කරණය]

ගමකතා හා බණකතා නමින් හැ`දින්වෙන කතා විශේෂ දෙකක් පෙර සිංහලයෙහි විය. නම් දෙකකින් ඒ කතා හ`දුන්වන ලද්දේ ගමකතාවෙහි නැති අපූරු අවයවයක් බණකතාවෙහි ද, බණකතාවෙහි නැති අපූරු අවයවයක් ගම කතාවෙහිද වූ නිසා නොවේ. කතා විෂය, අර්ථය හා භාෂාව ද විසින් ඒ කතා දෙවර්ගය වෙනස් වූ හෙයිනි. ඒ දෙවර්ගයේ ම කතාවලට වස්තු විෂය වූයේ මනුෂ්යෙ ජීවිතයයි. ඒ කතා කියන ලද්දේ ද එකම සිංහල බසිනි. ඒ කතා කියූවන්ගේ අත්දැකීම්, අදහස් පරමාර්ථ, උගත්කම් විසින් වෙනස් වූ හෙයින් ඔවුන් කියූ කතා ද වෙනස් ය. එසේ වුව ද බණකතාව ඇතැම් විට ගමකතාව විය. ගැමියන්ගේ කටවහරට යාමෙන් ඔවුන්ගේ අදහස් හා බස ද අනුව වෙනස් වීමෙන් බණකතාව ගමකතාව විය. බණ හා සකු කවිය උගත් භික්ෂූන් අතින් ලියවුණු ජන කතාව අමුතු සාහිත්යේයික වේශයක් ගත් නිසා එයද බණකතාව නමින් හ`දුන්වනු ලැබීය. අනුරාධපුර යුගය නමින් හැ`දින්වෙන කාලපරිච්ඡේදය අවුරුදු 1300 යද ඉක්ම යතත් සන්න, අටුවා, ගැටපද සිඛවළද විනිස නම් ශික්ෂාපද සංග්රුහය මිස එවකට අයත් ගද්ය සාහිත්යක කෘතියක් අපට ලැබී නැත. පොළොන්නරු යුගයේ පටන් සම්පාදනය වූ සිංහල ගද්ය් සාහිත්ය මුළුමනින් ම බෞද්ධ බණකතා සාහිත්ය්ක් ලෙස හැ`දින්විය හැකිය. සාහිත්ය් කෘති සම්පාදනය වන්නේ, ඒ ඒ යුගයේ අවශ්ය තා සහ රුචිකත්වය අනුවය. අනුරාධපුර යුගය පුරා සම්පාදනය වූ හෙළටුවා, සන්න, පිටපොත්, ගැටපද ආදී ව්යාගක්යානන ග්රටන්ථ සහ වෙනත් නාමශේෂ කෘති සම්පාදනය කිරීමේ දී බුද්ධ ධර්මය ස්වභාෂාවෙන් පැහැදිලි කිරීම මූලික අරමුණ වූ බව සිතිය හැකිවන අතර පොළොන්නරු යුගයේ ලේඛකයන් වෙත ඊට වඩා වෙනස් අරමුණු ඉදිරිපත් වූයේ ය. මෙරට දිගු කලක් හින්දු භක්තික සොළී රජුන්ගේ පාලනයට යටත් වී තිබීමේ ප්රලතිඵල වශයෙන් බෞද්ධ සිංහලයන් ඒ භක්තිය කෙරෙහි යොමු වූ අයුරු ඉතිහාසය හෙළි කරයි. සංස්කෘත භාෂාව මෙහි උගතුන් අතර වඩ වඩාත් සම්භානාවට පාත්රය වීම භාෂා සාහිත්ය කෙරෙහි අනෙක් බලවේගය යි. යළි සිංහලාධිපත්යා තහවුරු වීමත් සමග බුදු සමයේ පුනරුදයක් ඇතිකරලීම අවශ්යට වූයේ ය. හින්දු සමය ප්රීචලිත වීමත් සම`ග දේව ඇදහිලි සහිත මාර්ගය කෙරේ මෙරට ජනයා යොමු වී සිටි බැවින් ඒ දේව භක්ති මාර්ගයෙන් මුදවාලීමේ හො`දම ක්රාමය නම් බුදු රජාණන් වහන්සේ සියලු හින්දු දෙවිවරුන් පරයන බලයෙන් හා ශක්තියෙන් යුක්ත බව පෙන්වමින් බුද්ධ භක්ති මාර්ගයෙන් හ`දුන්වාදීම බව අපේ ලේඛකයෝ තේරුම් ගත්හ. බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ හුවා දැක්වෙන සේ අමාවතුර, පූජාවලිය ආදී බණ පොත් ද බුත්සරණ ආදී සරණ ග්ර න්ථ ද සම්පාදනය වූයේ මේ පසුබිම තුළ ය. අමාවතුරෙන් ඇරඹුණු සිංහල බණකතා සාහිත්ය සම්බන්ධයෙන් තවත් එක් නිරීක්ෂණයක් කළ හැකිය. එනම් සමකාලීන ගද්යා සාහිත්ය ලේඛකයන් පද්යන රචකයන් තරමට එදා මෙහි ප්රමචලිත වී තිබුණ අලංකාර සම්ප්ර‍දායට නැඹුරු නොවීම ය. සැබවින් ම ගුරුළුගෝමීන්, ධර්මසේන හිමි, සිංහල ජාතක කතා කර්තෘන් වැනි ලේඛකයන් සිතාමතාම ඒ සම්ප්රෝදාය ප්රධතික්ෂේප කළ බව පෙනේ. සියබස්ලකර “පෙදෙන් බුදු සිරිත“ ආදී නිර්දේශයෙන් දක්වා ඇති බව දැන දැනම අමාවතුර නම් ගද්ය“ කෘතිය බුද්ධ චරිතයක් බව ගුරුළුගෝමීන් පවසන්නේ එම නිර්දේශය ප්රගතික්ෂේප කල නිසා විය යුතුය. ගුරුළුගෝමීහු ධර්මප්ර දීකාව සහ අමාවතුර කෘති දෙක හ`දුන්වමින් ‘හේ බුද්ධ ධර්ම යැ’ ‘මේ බුද්ධ චරිත යැයි’ යනුවෙන් අමාවතුරෙන් බුද්ධ චරිතය ප්රෙකාශ වන බව පවසති. බුත්සරණ අවසන් කර ඇත්තේ ද “අමෘතාවහ නම් බුද්ධ චරිතය නිමි’’ යන වාක්ය්යෙනි. විදග්ධ ජනයා ස`දහා පද්ය. කාව්යධ රචනයේ දී සංස්කෘත අලංකාර මාර්ගය අනුමත කෙරුණත් බුදුසමය පොදුජන ආගමක් ලෙස පොදුජනයාට විෂය වන පරිදි සංග්රුහ කිරීමේදී එය නොගැලපෙන සේ සලකනු ලැබූ බව මෙයින් ගම්යරමාන වේ. එහෙත් බුදු රජාණන් වහන්සේ ශක්රි, බ්රාහ්ම, යක්ෂ, දේව ආදී සියලුම දෙනාටම වඩා උතුම් බවත් හැමගෙන් පුජා ලබන බවත් හුවා දැක්වීම ස`දහා ලේඛකයෝ හැම විටම උත්සහ ගත් හ. අනුරාධපුර යුගයේ අවසාන භාගයේ පටන් ම ඉස්මතු වී තිබූ බෝධිසත්ව සංකල්පය කෙරෙහි පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල යුග වලදී වැඩි අවධානයක් දැක්වීම ද බුදුසමය පොදුජන රුචියට සමීප කිරීමට රුකුලක් විය. පූජාවලිය මීට ශාක්ෂි දරයි. ජාතක කතා සහ වෙනත් ආගමික කතාන්දර ම`ගින් බුදුදහමත් බුදුසමයේ සාරධර්මත් පතුරවාලීමේ මාර්ගය ද පොදු ජනයාට විෂය වන්නකි. ඒ කතා ඉදිරිපත් කර ඇති භාෂාවක් සරල මෙන් ම රසවත් ද වූයේ ය. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය යන කෘතීන්හි කතා වස්තු සහ රචනා විලාසය විභාග කිරීමෙන් පියවරෙන් පියවර ක්රීමයෙන් බුදු සමය පොදුජනයා බුදු සමය පොදුජනයා වෙත සමීප කරනු ලැබූ ආකාරය පසක් කරගත හැකි වෙයි. හැම කෘතියක් ම සම්පාදනය කර ඇත්තේ යම් නිශ්චිත අරමුණක් පෙරදැරි කරගෙන ය. “අප බුදුන්..... තුන් ලෙව්හි සැරි සැරූ විෂම පුද්ගලයන් දමා අමා මහ නිවන් පැමිණ වූ සේ නො වියත් හුදී ජනන් ස`දහා... ’’ - අමාවතුර “ශ්රැද්ධා සම්පන්න ජනයන් ස`දහා... ’’ - ධර්මප්රසදීපිකාව “සත්පුරුෂයන්ට සන්තෝෂය ස`දහා, ඇසුවනට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය ස`දහා... ’’ - දහම්සරණ “කිසියම් ධර්ම ව්යාහඛ්යාන කතාවකින් රජහට බෝධිසත්ව පාරමිතාවෙහි විභාග හ`ගවනු පිණිස හා සිංහල දන්නා සත්පුරුෂ ජනයන්ගේ බොහෝ කල් ශ්රවද්ධා බුද්ධි ජනනය කරවා ත්රි විධ වූ සම්පත් සාදා දෙන පිණිස හා..... ’’ - පූජාවලිය “යම් කෙනෙක් නුවණ මදවත් කුශලච්ඡන්දය ඇතිව ධර්මාභිශේකයට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාධා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන් ට වැඩ සදහා...... ’’ - සද්ධර්මරත්නාවලිය “දෙන සග සැප නැ තත් සිහි කළ වුන්ට මොහො තක් මොක්පුර මහව තක් කියම් මුනි රජුගෙ පෙර සිරි තක්’’ - ගුත්තිල කාව්‍ය

හෙළු බසිනි පද බැද කියනුව බණක් සොද - කාව්යේශේකරය පරවැඩ පිණිස පද බැද මෙකවි වස්වා දනන් මන දොළ - සදකිදුරු දා කව, 433

එක් එක් කෘතියේ අරමුණු ගැන සලකන කල ඒ හැම කෘතියකටම පොදු වූ අපේක්ෂාවක් තිබිණි. එනම් කියවන්නාත් අසන්නාත් තුළ ධර්මාවබෝධය ඇතිකරලීමේ සහ කුශලාකුශල නැතහොත් හො`ද නරක වෙන්කර ගත හැකි, ගුණගරුක, ප්රනත්පත්තිගරුක, ජීවන පරිඥානයෙන් පරිපූර්ණ, මානව භක්තියෙන් අනූන දැහැමි සමාජයක් බිහිකරලීමේ උදාර අපේක්ෂාවයි. “පුරාණ ගද්යැ සාහිත්යකයේ මුදුන් මල්කඩ’’ “සද්ධර්මය නැමැති මිණිකැට අමුණන ලද මාලය’’ යනු සද්ධර්මරත්නාවලිය නම් වූ පොතට දී ඇති නමේ අදහසයි. මෙහි කතුවරයා ධර්මසේන නැමති මහා ස්ථවීර නමක් බව ග්රඅන්ථාවසානයේ එන ගාථාවකින් කියවේ. සද්ධර්මරත්නාවලිය ලියැවුණේ පාලි ධම්මපදට්ඨ කතාව ගුරුකොට ගැනීමෙනි. එහෙත් රත්නාවලිය එකී මුල්පොතේ පදානුගත පරිවර්ථනයක් නොව මුල්පොතේ අදහස් පමණක් ගෙන අමුතුවෙන් ම ලියන ලද ස්වාධීන කෘතියක් බව පොතෙහි ඇතුලත් කරුණු විමසීමේදී හෙළි වේ. ඒ බව “පාලි ක්රිමය හැර අර්ථ පමණක් ගෙන අප කලාවූ ප්රධබන්ධයෙහි’’ යනුවෙන් ගත්කරු හිමියන් තම කෘතියට කරන ස`දහනින් සනාථ වේ. ඉතා ජනප්රිෙය බණ පොතක් බවට පමණක් නොව සිංහල සාහිත්යණයයේ මුල් පෙළට වැටෙන ඉතා උසස් සාහිත්යක කෘතියක් බවට ද පත්ව තිබේ. රත්නාවලිය මෙන් ම පූජාවලිය ද ලියැවුණේ පර සතුරු උවදුරු නිසා මෙරට ආගම ධර්මයත් ශිල්ප ශාස්ත්රාත් පිරිහී පැවති අවධියකි. එහෙයින් උගත් කමින් අඩු සාමාන්යර ජනතාවට අසා සිටින්නට සලස්වා ඔවුන් තුළ ශ්රවද්ධා භක්තිය වඩවමින් ධර්ම ඥානය ද ලබාදීමේ මේ පොත් කතුවරුන්ගේ අරමුණ විය. අරමුණු පොදු වුව ද එය ඉටුකිරීමෙහිලා ඔවුන් ගත් ම`ග එකින් එකට වෙනස් ය. පූජාවලී කතුවරයා අනුගමනය කළේ උගත් පෙළට වඩා සුදුසු වන අන්දමේ ග්රුන්ථ ශෛලියකි. එහෙත් රත්නාවලී කතුවරයාණන් තම කෘතිය සැපයුවේ, පොදු ජන වහරින් ගත් යෙදුම්, විවිධ වූ ප්රයයෝග, ප්රහස්ථාව පිරුළු, උපමා ආදියෙන් පණ පෙවූ ඉන් ම රස කැවූ ශෛලියකි. කියවන්නා මෙන් ම කියවනු අසා සිටින්නා ද රත්නාවලිය රස උල්පතක් බව පවසන්නේ එබැවිනි. සද්ධර්මරත්නාවලියේ භාෂාව හා රීතිය පිළිබ`දව මාර්ටින් වික්ර මසිංහ ශූරීහු තම ‘සිංහල සාහිත්යපයේ නැගීම’ යන ග්රසන්ථයෙන් මෙසේ පවසා ඇත. ‘බුත්සරණ, පූජාවලිය යන ග්රතන්ථයන් රචනයට වුණු ධර්මදේශකයන්ගේ භාෂාව කතා කීමට ඉතා උචිත බසක් සේ සකස් කරන ලද්දේ සද්ධර්මරත්නාවලී කතුවර ධර්ම හිමියන් විසිනි. ඔවුන් තරම් බණ කතා කීමෙහි ශූරයෙක් පැරණි සිංහල ග්රේන්ථකාරයන්ගේ පරපුරේ නොවීය.’ ධර්මහසේන හිමියන්ගේ ගැමි ව්යකවහාරය ද, ගැමි ජීවිතය ද ඇසුරෙන් සකස් කරගත් අපූරු රීතිය සිංහල ගද්යගයෙහි සමරූපිතාව ම`දක් අඩු කළේය. දේශජ කවීත්වයෙන් සකස් වුණු විවේක බුද්ධියෙන් ධර්මේසේන ස්ථවිරයෝ තමන්ගේ බස ද, උපමා උපමේයන් ද, රීතිය ද තෝරා බේරා ගත්හ. මෙහි බෙහෙවින් දක්නට ලැබෙන්නේ ගැමියන් පිළිබ`ද කතා ය. රත්නාවලී කතුවරයාණෝ රටේ පොදු ජනයාගේ ජීවිතය පිළිබ`ද මනා අත්දැකීමක් ලද කෙනෙකි. උන්වහන්සේ කටුක ගැමි ජීවිතයෙහි රසබලා ඇති ප්රදමාණය දේවදත්ත වස්තුව කියවන විට අප මනැසෙහි ඇ`දී යෙයි. ගොයම් කිරීම ස`දහා ගැමියන් ගන්නා වෙහෙස ඒ හිමියන් විස්තර කරන්නේ එහි නියැළී පුරුදු ගොවියෙකුගේ බසිනි. රත්නාවලී කතුවරයාණන් කෙරෙහි දක්නට ලැබෙන තවත් විශේෂයක් නම් තමාට කියන්නට ඇති කරුණු උපමා ම`ගින් පැහැ`දිළි කොට දීමයි. මෙහිදී ඒ හිමියන් යොදා ගන්නේ තම කතාවලට පසුබිම් වන ඉන්දියාවේ සමාජය නොව තමා ඇසුරු කළ සිංහල ජන සමාජය යි. එහෙයින් ධම්මපදට්ඨ කතාවේ මෙන් නොව රත්නාවලියෙහි කතා මුළුමනින් ම දේශීය මුහුණු ගනී. රත්නාවලියෙහි යෙදී ඇති උපමා දහස් ගණනකි. මනුෂ්යෙ සන්තානයෙහි ගැලී පවත්නා මසුරුබව, අහංකාරය, කුහකකම, ඊර්ෂ යාව වැනි නොයෙක් දුබලකම් ඒ හිමියන් ගෙන හැර පාන්නේ උපහාස රසය මුසු වදනිනි. මට්ටකුණ්ඩලී වස්තුවේදී අදින්න පුබ්බකයාගේ මසුරු බව හ`ගවනුයේ මෙසේ ය, “නුගගස මහත් වුවත් නුග ඵලය කුඩා වන්නා සේ සම්පත් මහත් වුවත් අදහස කුඩා වන්නා සේ’’ තැනට සුදුසු උපමා සෙවීමට මෙන් ම ගැළපීමට ද රත්නාවලී කතුවරයාණන් තරම් දක්ෂ ලේඛකයෙකු සිංහල ගත්කරු පරපුරෙහි කිසි කලෙකත් පහළ නොවූ තරම් ය. රත්නාවලිය කියවීමෙන් උගත හැක්කේ ආගම ධර්මය පමණක් නොවේ. ශ්රීග ලංකාවේ මධ්ය්කාලීන පැවති ජන ජීවිතය, භාෂා ව්යයවහාරය, සිරිත් විරිත් ආදිය පිළිබ`ද නොයෙක් කරුණු ද ඉන් උගත හැකිය. මෙහි ස`දහන් මට්ටකුණ්ඩලී වස්තුව සහ ථූලතිස්ස තෙරුන් වහන්සේගේ කතාව සද්ධර්මරත්නාවලියෙහි එන ඉතා ජනප්රිවය කතා වස්තු දෙකකි. මෙහි කතුවරයා පාලි ක්රලමය නොව දේශීය ගැමි ජනතාවට වඩාත් ආසන්න බණකතා රීතිය යොදා ගෙන ඇත. උපමාවකින් හෝ පිරුළක් ම`ගින් සියුම් හැ`ගීමක් ජනිත කිරීම සද්ධර්මරත්නාවලී කතුවරයාගේ කතා ශෛලියේ තවත් විශේෂ ලක්ෂණයකි. උදා- “ආ`දා යවා තබාලා වල්පත ඇල්ලුවා සේ’’ “තරාදිය තිබියදී අතින් කිරන්නා සේ’’ “ගොයම් කළ මනා වක තබා පියා කල්පසුකොට කරන ගොයමක් සේ’’ “ම`ග යෙමින් සිට ම`ග කොයිදැයි තමන් විචාරන්නා සේ’’ උපමා යෙදිය යුතු තැන උපමා යෙදීමත්, විස්තර කළ යුතු තැන විස්තර කරමින් දේශීය පරිසරයේ අත්දැකීම් ඉවහල් කර ගනිමින් සරල සිත් ගන්නා භාෂා සම්ප්රයදායකින් ලියවී ඇති බැවින් සද්ධර්මරත්නාවලිය ජනප්රි ය සාහිත්යර ග්රාන්ථයක් වශයෙන් මෙන් ම ධර්ම ග්රින්ථයක් වශයෙන් ද පූජාවලියට දෙවැනි නොවෙයි. සද්ධර්මරත්නාවලී කර්තෘ ධර්මසේන හිමියෝ කවිම`ග නොව බණම`ග අනුගමනය කරමින් රත්නාවලිය ලියූහ. මිථ්යාන කතා ආදී ඵල රහිත දේවල් ඉගෙනීමත් වළකින ලෙසත් කාව්යි නාටක ආදී නිෂ්ප්රෙොයෝජන කතා දුරලිය යුතු බවත් සද්ධර්මරත්නාවලියේ ම නොයෙක් තැන උන්වහන්සේ විසින් ස`දහන් කර ඇත. ධර්මසේන හිමියන් පිටිසර බද ඉපිද පිටිසරම හැදී වැඩී ජීවිතය පිළිබ`ද පුළුල් අත්දැකීම් ඇත්තෙකුව සිටි බව සද්ධර්මරත්නාවලියෙන් හෙළි වේ. ගොවිතැන පිළිබ`ද ප්රිඉයතම අත්දැකීම් තිබුණු ධර්මසේන හිමියෝ බොහෝ තැන්වලදී ගොවිතැන් උදාහරණ සැපයූහ. මේ ගොවිකම් විස්තර කෙළවර කරන්නේ, “සසර කෙළවරක් නොපෙනෙන්නා සේ මේ කර්මාන්තයෙහිත් කෙළවරක් නොපෙනෙයි’’ යනවෙනි. සිංහලයාගේ මහත් ගෞරවාදරයට භාජනය වූ ග්රින්ථයන්ගෙන් එකක් නම් පන්සිය පනස් ජාතක පොත යි. එය ව්ය්වහාරයේ එන්නේ ජාතක පොත් වහන්සේ යනුවෙනි. බුදු රජාණන් වහන්සේ, රහතුන් වහන්සේ, ශ්රීු මහා බෝධීන් වහන්සේ, දළදා වහන්සේ යනුවෙන් ව්යථවහාර වන බෞද්ධයන්ගේ සදා ගෞරවයට භාජනය වන අති ශ්රෙ ෂ්ඨ පුද්ගලයන් හා පූජනීය වස්තූන් ලබන ගෞරවය ම ජාතක පොත් වහන්සේ ද ලබන බව මෙයින් පැහැදිලි වේ. සිංහල ජාතක පොත කුරුණෑගල යුගයේ දෙවෙනි පණ්ඩිත පරාක්ර මබාහු හෙවත් හතරවන පරාක්රොමබාහු (1302-1326) රජු විසින් ලියන ලද්දක් සේ චූලවංශයේ සැලකෙයි. එහෙත් ඒ බවක් ජාතක පොතේ ඇතුලත් ව නැත. එහි ස`දහන් වන්නේ පරාක්රගම නම් ඇමතියෙකුගේ ආරාධනයෙන් හා වීරසිංහ ප්රවතිරාජයන්ගේ උත්සාහයෙන් ජාතක පොත් වහන්සේ සකස් වූ බවය. උගතුන්ගේ අදහස නම් ජාතක පොත් වහන්සේ කර්තෘවරුන් කිහිප දෙනෙකුගේ කෘතියක් බවය. ජාතක කතා උපදේශාත්මක ය. ජාතක කතාවක ප්රරධාන චරිතයෙන් බොහෝ විට නිරූපණය වන්නේ මතු දවසක බුද්ධත්වය ලබන බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය යි. බෝධි සත්වයන් නිතරම හැසිරෙන්නේ අන්ය යන්ට ආදර්ශයක් ගත හැකි වන පරිද්දෙනි. සමහර කතාවකින් බෝධිසත්වයන් යම් කිසි පාරමිතාවක් පිරූ ආකාරය විස්තර වෙයි. සමහර කතාවකින් දස අකුසල්හි දොස් දැක්වෙයි. මෙලොව වැඩ ස`දහාත් පරලොව වැඩ ස`දහාත් හේතු භූතවන සදූපදේශයන්ගෙන් ජාතක කතා ගහන වෙයි. සමාජයේ දක්නට ලැබෙන විවිධ චරිත ජාතක කතා වල හමුවෙයි. රජවරුන්, ඇමතිවරුන්, සිටුවරුන්, බිසෝවරුන් හා කුමාරියන් ද දෙවියන්, යකුන් හා නාගයන් ද තාපසයන්, උපාසකයන් හා දානපතියන් ද වෙළෙ`දුන්, ගොවියන්, වැද්දන් ඈ විවිධ රැකියාවල යෙදුනු අය ද මිනීමරුවන්, පල්හොරුන්, මසුරු අය හා සළෙළුන් ද වෙස`ගනන් හා පතිවත රැකි කුමරියන් ද මේ අතර හමුවන චරිත සමහරෙකි. එපමණක් නොව ඇත්, අස්, ගව, සිංහ, වගවලස්, ව`දුරු ආදී සිවුපාවුන් ද ගිරා, මොණර, කපුටු, වටු ආදී පක්ෂීන් ද ජාතක කතා වලදී හමුවේ. ජාතක කතා වලදී බෝධි සත්වයන් හැම විටම මනුෂ්යොයක් ම වූ බව නොපනේ. තිරිසන් සතෙකු වුව ද බෝධිසත්වයන් තම ඥාති වර්ගයා රැකගනිමින් සදාචාර ගුණධර්ම ආරක්ෂා කරමින් බුද්ධිමත් ව කටයුතු කළ බව දක්නට ලැබේ. බණම`ග යනු ධර්ම මාර්ගය යි. එහිදී කාව්යාමලංකාර ආදියට වැදගත් තැනක් දෙනු නොලැ‍බේ. ජාතක පොතේ එන කතාන්තර ලියා ඇත්තේ බණම`ග අනුගමනය කිරීමෙනි. ජාතක කතා කරුවෝ පැහැදිලි දර්ශනයක් ඇති, මානව භක්තියෙන් පිරිපුන්, තැන්පත් ඉන්ද්රිශය සංයමයකින් යුත් පුද්ගලයෝ වූහ. සිංහල සංස්කෘතියේ ඇති සරළ බව, අව්යාිජ බව, නිරහංකාර බව, විනීත බව හා සංයමය යන ලක්ෂණ ජාතක පොතේ ද පිළිබිඹු වෙයි. සිංහලයෙන් බණකතා ලිවීමේ ක්රි යාවලියේ යෙදුන ගම්පළ අවධියේ මහා ගත්කරුවා ‘දෙවන ධර්මකීර්ති හිමි’ බවට පත්වන්නේ ‘සද්ධර්මාලංකාරය’ මගිනි. දඹදෙණි යුගයේ දී රචිත මහ බණ පොත් වලින් පසුව ලියැවුණු එකම මහා බණකතා සංග්ර හය වන්නේ එයයි. දඹදෙණි යුගයේ විසූ ‘සිදත් ස`ගරාව’ කළ වේදේහ හිමියන් විසින් ම රචනා කළ ‘රසවාහිනී’ නම් වන පාලි ග්රෙන්ථයේ මූලික ඇසුර ‘සද්ධර්මාලංකාරය’ ට ලැබී ඇත. පාලියෙන් වූ රසවාහිනියේ දඹදිව සම්බන්ධ කතා 40 ක් ද ලංකාව හා සම්බන්ධ කතා 60 ක් ද වේ. ඒ සියල්ල ‘සද්ධර්මාලංකාරය’ තුළ අන්තර්ගතය. මෙබදු පොතක් කරන ලෙස කර්තෘ හිමියන්ට ආරාධනා කර ඇත්තේ ‘ප්රිතයදර්ශී’ නැමති හිමි නමකි. ‘‘ලෝ වැඩ පිණිස බුදුන් විසින් වදාරණ ලද්දා වූ සද්ධර්මය මාගධික භාෂාවෙහි නොහසළ සංහල දීපවාසීන්ට නොදැනෙන හෙයින්, හෙළු බසින් පෙරළා ලංකාදීපවාසීවූ සාධු ජනයින්ගේ සිත් පහදමින් ලෝ වැඩ වඩා බොහෝ කාලයක් පවත්නා පරිද්දෙන් ධර්ම ව්යාපඛ්යාවනයක් කළ මැනවැයි මෙසේ කරුණා පුරස්සරව නිශ්ශරණාධ්යා්සයෙන් යෙදී පරවැඩෙහි තත්පරව ප්රි ය සබ්රනහ්මචාරී වූ ප්රිෙයදර්ශී නම් බුද්ධපුත්රියාණන් වහන්සේ විසින් කරන ලද ආරාධනාව.... ’’ යන උපුටාගැනීම තුළින් එය හ`දුනාගත හැකිය. ‘‘බණකීම් වශයෙන් ධර්ම දානය දීමය,... අන්යරවිහීතව නොව බණ ඇසීමය, යන මේ ද්වීප්රනකාර චාරිත්ර.ය සියලු සම්භෝග සම්පත් සාධා කෙළවර අමාමහ නිවන් ගෙන හැර දීමට ඒකාන්ත කාරණා හෙයින්..... ’’ දන් දීම, බණ ඇසීම, සිල් රැකීම, නිරන්තරයෙන් බුදුගුණ අනුස්මරණය කෘතඥතාපූර්වක වීම බ`දු චාරිත්රත අනුගමනයෙන් මෙලොව දීම පුද්ගලයා සැප සම්පත් ලාභියෙකු වීමේ වාසනා ලබන බව මෙහි එන කතා වලින් පෙන්වා දෙයි. සමාජයේ විවිධාකාර සමාජ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගේ ක්රිතයාකාරකම් ද ඒ කතාවල ගැබ් වේ. ඒ චරිතයන්ගේ හො`ද මෙන් ම නොහො`ද පක්ෂය සම්බන්ධයෙන් ද කතුවරයා පෙන්වා දෙයි. එක් අවධියක දුර්භික්ෂ හා ආර්ථික දුර්භාග්යන වගතුග ඒ අතර බොහෝ සේ දක්නට ලැබේ. කෘතියේ එන්නේ සරළ සුගම බස් වහරකි. උපමා ආදියෙන් ඒ බස සමන්විතය. පුද්ගල හා අවස්ථා නිරූපණය ද සිත්ගන්නා ආකාරයෙන් කර ඇත. සද්ධර්මාලංකාරය කියවීමෙන් මෙන් ම අසා රස වි`දිය හැකි අයුරින් රචනා කර ඇති අතර ශ්රධද්ධාව වඩවන ධර්මාවබෝධය සේ ම ජීවිතාවබෝධය ද ලබාදෙන රටාවක් රචනයට යොදා ගෙන කළ ග්රවන්ථයකි. මේ අනුව පොදු ජනයා තුළ ශ්රළද්ධා භක්ති උපදවා ඔවුන් ආගමික හා සාමාජීක පැවැත්මෙන් උතුම් මිනිසුන් බවට පත්කිරීමේ අරමුණ මෙම බණකතා වල පවතී.මඩහපොළ විමලජෝති හිමි 00:25, 4 ජූලි 2013

භක්ති කාව්‍ය[සංස්කරණය]

පැරණි සිංහල සාහිත්යම කෘතීන් අතර දක්නට ලැබෙන බොහෝ ගද්යම කෘති මෙන් ම පද්යල කෘති ද තෙරුවන් ගුණ වැයීම ම`ගින් සැදැහැවතුන් තුළ භක්තිය දැනවීම අරභයා රචනා කොට ඇති බව නොරහසකි. අමාවතුර, බුත්සරණ, ධම්සරණ, ස`ගසරණ, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය යන ගද්යක සාහිත්යද ග්රමන්ථ බුදුන්, දහම්, ස`ගුන් පිළිබ`ද ගුණ වර්ණනාත්මක කතා පුවත් වලින් හා විස්තර වලින් අනූන ය. විශේෂයෙන් ම බුත්සරණ හා පූජාවලිය බුදු රජාණන් වහන්සේගේ අද්භූත ගුණයන්, පුවතින් මෙන් ම බසින් ද හුවා දක්වා සැදැහැවතුන් තුළ අප්රූමාණ වූ භක්තියක් වර්ධනය කිරීම අරභයා රචනා කොට ඇත. පූජා වස්තූන් මුල්කොට ගනිමින් රචනාකොට ඇති ථූපවංශය, දළදා සිරිත, බෝධිවංශය, ධාතුවංශය වැනි කෘති ද භක්ති ප්රනබෝධය මුල්කොටගෙන රචනා වී ඇත. “වැනුවානම් බුදු ගුණ වැනුවාම ය’’ යනු ලෝවැඩ ස`ගරාව කළ වීදාගම හිමියන්ගේ ප්ර කාශනයකි. මේ වනාහි සිංහල කවීන් මුලසිටම දැරූ අදහසකි. සියබස්ලකර කතුවරයා පද්යයෙන් බුදුසිරිත වැනිය යුතු බව පැවසුයේ දසවන සියවසේ පමණ දීය. ඒ අනුව ගිය පසුකළ කවීන් තමන් බුදු ගුණ වනන බව පවසමින් ජාතක කතා කවියට නැගූ අයුරු ප්රයකට කරුණකි. කාව්යේශේකරය ගුත්තිලය මුල්කොට ගත් පශ්චාත් කාලීන ජාතක කාව්යෙ වුව ද බුදු ගුණ කීම්, බණ කීම් වශයෙන් රචනා කොට ඇත. මේ කෘතීන් හි තෙරුවන් කෙරෙහි භක්ති ප්ර්මෝදය දැනවෙන අයුරින් රචනා කරන ලද වැනුම් ඇති බව සැබවි. එහෙත් එම කාව්යන ග්රොන්ථ රචනා කළ කවීන්ගේ අරමුණු හුදු භක්තිය දැනවීමට සීමා නොවේ. භාහිර විවිධ වැනුම් මගින් කාව්යක රසයක් ලබා දීම ද ප්ර ධාන අරමුණක් විය. එය බෙහෝ විට බුදු ගුණ වැනීමේ හෝ බණ කීමේ අරමුණක් ද ඉක්මවා සිටියේ ය. භක්ති කාව්යඅයක පද්යස මිහිරි ලෙස ගායනා කළ හැකි විරිතින් රචනා කිරීමට ද භක්ති කාව්යය රචකයෝ බොහෝ විට උත්සාහ කළහ. භාරතීය භක්ති කාව්ය් ගායනයේ දී සංගීත භාන්ඩ පවා වැයූ බව කියනු ලැබේ. ඒ සමගම අනුප්රාකස හා එලිසම ආදිය ඇතුලත් වන සේ කරන ලද පද ඝඨනාව භක්ති කාව්යපන්හි බොහෝ විට දක්නට ලැබෙන ලක්ෂණයකි. පද්ය. මිහිරි තාල අනුව ගැයීමෙන් භක්තිය වඩා ත්රිෝවුර ලෙස කියා පදමට හැකි යැයි සලකන ලදී. සංස්කෘතික භක්ති කාව්යව හෙවත් ස්ත්රෝකත්රැ කාව්යල සාහිත්යමට මග හෙලිවී ඇත්තේ සෘග්වේදී යුගයේ සිටය. වෛදික දෙවියන් අරබයා ගැයුණු භක්ති ගීත වලින් සෘග් වේදය පිරී ඇත. අනුතුරුව වීර කාව්යදයන් හා පුරාණයන් හි බ්රතහ්ම, විෂ්ණු, මහේෂ්වර යන ත්රී මූර්තිය අරබයා ගැයුණු භක්ති ගීත හමුවේ මහාභාරතයෙහි නාරායනීය නමින් හැ`දින්වෙන කොටස් විෂ්ණු දෙවියා පිළිබ`දව ගැයෙන භක්ති ගීතයෙන් සමන්විත ය. දහ අට පුරාණය ද හින්දුන්ගේ ත්රීගමූර්තිය අනුව බෙදී ගිය භක්ති ප්රොකාශක කෘති විශේෂයක් වෙයි. මේ භක්ති ගායනා ක්රෙමය ලෞකික සාහිත්යිට ද වැද ගන්නා අයුරු රඝුවංශයේ බ්රභහ්ම වර්ණනාව, තීරාතාර්ජුනියේ ඊෂ්වර වර්ණනාව හා ශිශුපාලවදයෙහි කෘෂ්ණ වර්ණනාව ද විමසන විට පෙනේ. හින්දු භක්තියන් පමණක් නොව මහායානික බෞද්ධ කවියෝ ද භක්ති කාව්යු රචනයෙහි පුරෝගාමී වූහ. එයට හේතුව නම් මහායාන බුද්ධාගම ද භක්ති වාදය ඔස්සේ ගමන්කොට තිබීම යි. හින්දු භක්ති කාව්ය මෙන් ම මහායාන බෞද්ධ භක්ති කාව්ය ද වැඩි වශයෙන් රචනා කොට ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. ප්රයකෘත භාෂාවෙන් රචනා කරන ලද භක්ති කාව්ය ඇත ද, එය සංස්කෘත භක්ති කාව්යා තරම් මුල් තැනක් නොගනී. මහායාන බලපෑම සංස්කෘත භාෂාව මුල්කොට ගත් භක්ති සාහිත්ය මෙරට ජනප්රිමය විය. එය අනුරාධපුර යුගයේ සිට ම සිදුවිණි. එහි ලා හේතු වූයේ අභයගිරිය ප්ර‍ධාන කොටගත් මහායාන මතවාද පිලිගත් ආයතන පැණනැගීමයි. අභයගිරිය සංස්කෘත භාෂාව පිළිගත් අතර එයට මුල් තැනක් ලබා දුන්නේ ය. නාමාෂ්ඨ ශතකය ද මෙරට ලියවුණු බෞද්ධ භක්ති කාව්යතකි. මහාචාර්ය විජේසේකරයන්ගේ පිලිගැනීම අනුව එයද පොළොන්නරු යුගයේ ලියවී ඇත්තේ ය. කතුවරයා අඥාතය. එහි අරමුණ වී ඇත්තේ බුදු රදුන්ට යෙදෙන නම් 108ක් වර්ණනා කරමින් නමස්කාර කිරීමය. පද්යර සංඛ්යා ව 18කි. පංසල් අධ්යා පනයේ දී මුලින් ම කියවන ශකත ග්රමන්ථය ද මෙයයි. බුදුගුණ පිළිබ`ද ශිෂ්‍ායරගේ සිතෙහි භක්තියක් ඇතිවන අයුරින් කෙටි විරිතකින් රචනා කොට ඇතත් කවියා ශබ්ද රසය ගැන ද සැලකිලිමත් වී ඇත. පහත එන පද්යෙ එයට නිදසුනකි. “මහාමුනිං මහා වීර්යං - මහාභිඥං මහාබලං මහොද්යාමං මහා ධෛර්යංිල - මහා බාහුං නමාමහෙ’’ භක්ති කාව්යං රචනයෙහි අරමුණ කුමක් ද යන්න ට ඉ`ගියක් මෙහි අවසාන පද්යය තුනෙන් දැක්වෙයි. ඒ අනුව භක්ති කාව්යය භක්තියෙන් යුතුව කියවීමෙන් භෝග සම්පත් ලබයි රෝග පීඩා නැතිවෙයි. නපුරු සිහින නොදකියි. නීරෝගී භාවය ඇතිවෙයි. නුවන ඇතිවෙයි. උසස් කුලයේ උපදියි. බුදුගුණ අලංකාරය ද භක්ති කාව්යවකි. බුදුගුණ අලංකාරය රචනා කිරීමේ දී කවියා කියන්නේ, ‘‘කය නම් අසා රය බව නම් භයංකා රය කියනුව දිවා රැය කෙ‍රෙමි බුදු ගුණ අලංකා රය“ මෙයින් පැහැදිලි වන්නේ බුදුගුණ අලංකාරය රචනා කළේ දිවා රෑ කීමට බවයි. කවියා යොදන කාව්යු ප්රනයෝග සැමෙකක් ම දිවා රෑ රැකීමට උචිත ආකාරයට හසුරුවාලන අයුරු දැක ගත හැකිය. බුදුගුණ අලංකාරය හැදින්විය හැක්කේ නව මගක් ගත් භක්ති කාව්යහක් ලෙසිනි. බොහෝ දෙනාට තේරුම් ගත හැකි බසින් බුදු ගුණ වැනීමෙන් සැදැහැවතුන් තුල වඩාත් සාර්ථකව භක්ති ආවේගය ජනිත කරවිය හැකි බව කවියා සිතූ සේය. පොදු ජනතාව වෙත බුදුන් වහන්සේ ගෙන ඒමේ දී මෙහි විශේෂත්වය නම් කවිය පාදක කරගෙන එය කරන ආකාරයයි. ඒ නිසා බුදුගුණ අලංකාරය කවි මගත්, බුදු මගත් සංයෝග කළ කෘතියක් ලෙස සැලකිය හැකිය. බණ කීම් ස`දහා සිවු පද කවිය උපයෝගී කරගන්නා කවියා විස්තරාත්මක රීතියකින් බුද්ධ චරිතය ගොඩනගන අයුරු පෙනේ. බුදුගුණ අලංකාරයෙහි බුදුගුණ හුවා පෑම ස`දහා වෙනත් සාස්තෘන් හා දෙවිවරුන් හෙලා දැක තිබීම ද විශේෂ ලක්ෂණයකි. දෙවියන් හා දෙවියන් ඇදහූ පිරිස් නිර්දය ලෙස විවේචනය කිරීමට උචිත පරිසරයක් ගොඩ නගයි. එක් අවස්ථාවක කාව්ය රචකයා ගිනි දෙවියාගේ නිරර්ථක භාවය සරළ ජනකතාවක ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නේ ගිනි දෙවියා ඇදහූ සාමාන්යය ජනයා ද සියුම් උපහාසයට ලක් කරමිණි. එගොනා මරා මස් පළහා කමින් නොස රස් උන්ගිය සද එ ගොස් බලා ගොන් නගුට කුර ඇට රැස් ඈ වශයෙන් සියුම් උපහාසයකින් යුක්තව ගිනිදෙවියාට පූජා කිරීමට තැබූ ගවයා වැද්දන් පැමිණ මරා මස් අනුභව කොට ගිය අයුරු දැක්වූයේ ගිනි දෙවියාත් ගිනි දෙවියා පුදන මිත්යාඅ දෘෂ්ටික ජනතාවත් උපහාසාත්මක මුඛයෙන් විවේචනයට ලක්කරමිනි. මේ අනුව කොට්ටේ යුගයේ රචනා වන බුදුගුණ අලංකාරය මෙතෙක් අපේ ලේඛකයන් නොගත් මාර්ගයක යමින් පොදු ජනතාව විෂයෙහි උපන් අනුකම්පාවකින් යුතුව බුදුන් වහන්සේ පිළිබ`දව භක්තිවාදයක් ගොඩනැංවීම ස`දහා රචනා කළ භක්ති කාව්යසක් වශයෙන් සැලකීම වඩාත් හේතු සහගත යැයි හැදින්විය හැකිය.

මූලාශ්‍රය. 01. එළුසිලෝ ශතකය - සංස්කරණය, සිරිතිලකසිරි - ප්‍රතම මුද්‍රණය 1995 ජනවාරි, රත්න මුද්රලණ ශිල්පියෝ 02. අන්තර්ජාලය - විකිපීඩියා නිදහස් ශබ්ද කෝෂය

පූජ්‍ය මඩහපොළ විමලජෝති හිමි ශ්‍රී මුදලින්දාරාමය නිකවැහැර මකුල්පොත. 0718017064

"https://si.wikipedia.org/w/index.php?title=බණකතා_සාහිත්‍ය&oldid=270077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි