ප‍්‍රසාංගික නර්තනය
ප‍්‍රසාංගික නර්තනය යනු පේ‍්‍රක්ෂකයන් සඳහා රඟ දක්වන නමුත් ඔවුනගේ සහභාගීත්වයක් නොමැති නර්තන රටාව කි. මීට වෙනස් ව සමාජයීය නර්තන හෝ උපයෝගී නර්තන පේ‍්‍රක්ෂකයන් ගේ නැරඹුම හා රැඟුම යන දෙකොට්ඨාසයේ ම දායකත්වයෙන් සිදුවේ. උත්සව නර්තනය, බැරක් නර්තනය හා ශෲංගාරාත්මක නර්තනය ප‍්‍රසාංගික නර්තනය ට උදාහරණ වේ. මෙම තුන්වන කොට්ඨාසයේ දී සහභාගී වන්නෝ පේ‍්‍රක්ෂක හා රඟන්නන් ගේ භූමිකාවනට වෙනස් අවස්ථාවල දී අවතීර්ණ වෙයි.
ප‍්‍රසාංගික නර්තනය සඳහා ප‍්‍රසංගයක් හෝ වේදිකාවක් අනිවාර්ය නොවේ. කෙසේ වුවද සහභාගි නොවන පේ‍්‍රක්ෂක පිරිසක් මත මෙම අංගය යැපේ.
විසි වන ශත වර්ෂයේ දෙවන භාගයේ දී සිදුවූ ජනප‍්‍රිය සංස්කෘතියේ වර්ධනය ත් සමග ප‍්‍රසාංගික නර්තනය වඩාත් දියුණු තත්වයක ට පත් විය. උදාහරණයක් ලෙස මයිකල් ජැක්සන් සිය දිවිය පුරාවට ලෝක සංචාර කිහිපයක් සමග මිලියන 17 කට වැඩි පිරිසකට තනි හා කණ්ඩායම් නර්තන දර්ශන පවත්වා ඇත .
සාමාන්‍ය සමාජයීය නර්තනයෝ නිර්මාණගත නොවන රංගනයකට හා වෙනස් වන සංගීතයකට පැවැත්වෙන නමුත් ප‍්‍රසාංගික නර්තන බොහෝවිට නිර්මාණගත රංගනයකට හා සැලසුම් ගත සංගීතයකට පැවැත්වේ.
ප‍්‍රසංග වේදිකාව යන වදන වේදිකාවක් මත ප්‍රෙක්ෂකයෝ වෙනුවෙන් කෙරෙන නර්තන සඳහා යෙදේ. වර්තමානයේ බැලේ පර්සියානු ශාස්ත‍්‍රීය නර්තන හා ඉන්දියානු පූජා රංගන ප‍්‍රසංග වේදිකාවේ මූලාකෘති ලෙස පවතී.
විසිවන සියවසේ ප‍්‍රසාංගික නර්තක විධි කිහිපයක් පවතී. මෙය රංගානුබද්ධ නාට්‍ය සඳහා ද ඇතැම් විට යෙදේ. මේ අර්ථයෙන් ගත් කළ ප‍්‍රසාංගික වේදිකාවේ ප‍්‍රබලයෝ අතර පිනා බවුෂ් කාල් චර්චිල් හා ඞී වී 8 වෙති.