පෞරුෂ මනෝ විද්‍යාව / චරිතාංග හෝ ගති න්‍යායන්
ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ DSM පාඪ ග්‍රන්ථයට අනුව පෞර්ෂත්ව ගති ලක්ෂණ යනු මිනිසාට ආවේණික වන අවබෝධය සහ පරිසරය සහ තමා ගැන සිතන ආකාරය සමාජීය සහ පුද්ගල ස්වභාවයෙන් පිටතට පෙනෙන ආකාරය ලෙස සැලකිය හැක.
මතවාදීන්ට අනුව පෞර්ෂත්ව ගති ලක්ෂණ
[සංස්කරණය]- කාලයත් සමග සාමාන්‍යයෙන් වෙනස් නොවේ
- පුද්ගලයින් අතර වෙනස් වේ.(ඇතැමුන් සමාජශීලී හෝ පිටතට නැඹුරු වන අරත ඇතැමුන් අභ්‍යන්තරයට නැඹුරුය)
- හැසිරීම සඳහා පෞරුෂත්ව ගති ලක්ෂණ බලපායි
වැඩි වශයෙන් භාවිතා වනුයේ පෞරුෂත්ව ගති ලක්ෂණ කාණ්ඩ 3 සිට 5 දක්වා බෙදන ලද වර්ගීකරණයයි. නමුත් ඈත අතීතයේ සිට භාවිතා කළ බහිව්‍යවර්ථකයා සහ අන්තර් ව්‍යවර්ථකයා යන්න විවාදයට අඩු වශයෙන් බඳුන් වූවකි.(සමාජශීලී සහ නිෂ්ශබ්ද)
ගෝඩන් ඩිල්පෝටි චරිත ස්වභාව ලෙස හඳුන්වන විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන ලදී. ප්‍රධාන ගති ලක්ෂණ යනු පුද්ගල පෞරුෂත්වය මත පවතින ඒවාය. ද්විතීයික ගති ලක්ෂණ එයට වඩා පරිබාහිර වෙයි. පොදු ගති ලක්ෂණ යනු සංස්කෘතියක් තුළ හඳුනා ගත් ගති ලක්ෂණ වෙයි. මූලික ගති ලක්ෂණ යනු පුද්ගලයෙකු පැහැදිලිව වෙන් කර හඳුනා ගත හැකි ගති ලක්ෂණ වෙයි.
රේමන්ඩ් කැට්ල්ස් විසින් ප්‍රාථමික සාධක 16 ක් හා ද්විතීයික සාධක පහකින් සමන්විත පෞරුෂත්ව ව්‍යුහ 2ක් ව්‍යාප්ත කරන ලදී.
හැන්ස් අයිසෙන්ක් විසින් බාහිර ව්‍යාවර්ථක , ස්නාස්‍යක, මානසික යන ගති ලක්ෂණ මගින් පෞර්ෂත්වය පහදා දිය හැකි බව විශ්වාස කරන ලදී. අයිසෙන්ක්ගේ සහ කැට්ල්ගේ පෞර්ෂත්ව ඇගයීමට යොදාගත් ක්‍රමයේ වෙනස්කම් වනුයේ කැට්ල් විසින් පොදු පෞර්ෂත්වයට අදාල ප්‍රශ්නාවලි මගින් ඒවා සංඛ්‍යාත්මකව ඇගයිය හැකි වීමයි. මොවුන්ගේ අධ්‍යයන කටයුතු නිසා පර්යේෂණයන්වල මෙම සාධක 5ට ප්‍රධාන තැනක් ලැබී ඇත.
ලුවිස් ගෝල්ඩ්බර්ග් පෞර්ෂත්වයේ මාන පහකින් සමන්විත අනුරූපණයක් ලෙස නම් කරන ලදී. (ප්‍රධාන මාන 5)
බහිව්‍යවර්ථක-සමාජශීලී සහ බාහිර උත්තේජක මත පදනම් වූ vs / නිසල උත්තේජක මගහරින
නියුරොෂිය -චත්ත සංවේගී සහ දොම්නස් සහගත vs / සුබවාදී සහ කලබල නොවන
එකඟවන සුළු-මිත්‍රශීලී සහ සැනසුම්දායක vs / මැඩපවත්වන සුළු එකඟ නොවන
අබෝධාත්මක-වගකීම් සහිත , ක්‍රමානුකූල සහ සැලසුම් සහගත vs / විශ්වාසශීලී නොවන , වගකීම් රහිත
නිර්මාණශීලී-නව සිතුවිලි සහිත නව නිර්මාණ සාදන vs / සම්ප්‍රදායික
මතක තබා ගැනීම සඳහා මෙය OCEAN හෝ CANOE යන කෙටි යෙදුම්වලින් හඳුනාගත හැක.
John L Holland’s ගේ අධ්‍යයන අනුව ඔහු පෞර්ෂත්ව ලක්ෂණ හයක් ඇති බවත් එමගින් ඔවුන්ගේ වෘත්තීය මග තෝරා දෙන බවත් කියන ලදී.මෙම මතය වෘත්තික උපදේශනයේ දී බහුලව යොදා ගැනෙන අතර ඒවා ෂඩාස්‍රයක් මුළු වලින් නිරූපණය වන බව ද ආසන්නව පවතින ගති ලක්ෂණ එකිනෙකට වඩා බැඳී පවතින බව ද පැහැදිලි කළේය.
මෙම පෞරුෂත්ව ලක්ෂණ හුදෙක් පහදා දීම් බවත් එමගින් පෞරුෂත්වයට අදාල හේතු නොපහදන බවට ද විවේචන පවතී. නමුදු අයිසෙන්ක් විසින් ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක් පෞර්ෂත්වයට හේතු වන බව ද නූතන ජානමය සම්බන්ධයක් ඇති බව ද සොයා ගෙන ඇත. මෙම සිද්ධාන්තවල තවත් දුර්වලතාවයන් වනුයේ පුද්ගලයින් පහසු සරල වූ වර්ගීකරණයක් පිළිගැනීමට පෙළඹීම ද, ඒ මත පදනම් වූ අවවාද ලබා දීම ද, විශේෂ අවස්ථාවලදී පුද්ගලයන්ගේ හැසිරීම අවතක්සේරු කිරීම ලෙස ද කිව හැකිය. මතක තබා ගත යුතු කරුණක් වනුයේ පෞරුෂත්ව ගති ලක්ෂණ සංඛ්‍යාත්මක මූලධර්ම වන අතර සියලු පුද්ගල හැසිරීම්වලට අනුබද්ධ කළ නොහැකි බවත්ය.