පෝෂණ විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පෝෂණ දත්ත වගුව මගින් පෙන්නුම් කරනුයේ විශේෂඥයින් මගින් නිර්දේශ කරනු ලබන පරිභෝජනයට සුදුසු ප්‍රමාණාත්මක පෝෂ්‍ය සංඝටක ප්‍රමාණයන් වේ.

පෝෂණය යනු සෛල සහ සත්ව කොට්ඨාශවල ජීවය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන සංඝටකයන් ආහාර මගින් ලබා දීමයි. මනා පෝෂණයක් මගින් බොහෝමයක් වු ‍පොදු සෞඛ්‍ය ගැටලු වලක්වා ගැනීමට හෝ සුව කර ගැනීමට හැක.

යම් කිසි සත්ව කොට්ඨාශයක ආහාර වේල යනු ඔවුන් පරිභෝජනය කරනු ලබන ද්‍රව්‍යයන්ය. පෝෂණවේදීන් යනු මිනිසුන්ගේ පෝෂණය ආහාර වේල සකස් කර ගැනීම , ආර්ථිකය සහ ආහාර වේලසැලසුම් කර ගැනීම ගැන විශේෂ දැණුමක් ඇති සෞඛ්‍ය‍ය වෘත්තිකයන්ය. ඔවුන් ‍පුද්ගලයන්හට රෝගී අවස්ථාවන්හිදී සහ නොයෙකුත් ආයතනවලට වඩා ආරක්ෂාකාරී පෝෂණ උපදෙස් ලබා දීම සදහා පුහුණු වී ඇත.

සමබල නොවු ආහාර වේලක් මගින් සෞඛ්‍ය කෙරෙහි හානිදායී බලපෑමක් ඇති කළ හැක. ශීතාද ‍රෝගය , බෙරි බෙරි රෝගය සහ ‘ක්වෝෂියොකෝර්’ වැනි ඌනතා රෝගද සෞඛ්‍යයට අවදානමක් ඇති කරන අධි ස්ථුලතාව , පරිවෘත්තිය සින්ඩ්‍රෝමය සහ රුධිර සංසරණ පද්ධතියේ රෝග ඇතුළු වෙනත් කාලික දේහගත රෝගයන් වන දියවැඩියාව සහ අස්ථි දිරාපත් වීම මේ සදහා උදාහරණ වේ.

පෝෂණ විද්‍යාව (සමස්ත විග්‍රහය)[සංස්කරණය]

පෝෂණ විද්‍යාව මගින් ආහාර පර්භෝජනයේදී සිරුර තුල සිදු වන පරිවෘත්තීය සහ භෞතික ප්‍රතික්‍රියා ගැන අධ්‍යනය කෙරේ. අණුක ජීව විද්‍යාව ජෛව රසායන විද්‍යාව සහ ජාන විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි දියුණුවක් සමග පෝෂණය පිලිබඳව සිදු කරන අධ්‍යනයන් පරීවෘත්තීය ප්‍රතික්‍රියා (ජිවීන්ගේ බොහෝ ද්‍රව්‍යයන් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි ඔස්සේ එක් ආකාරයක සිට තවත් ආකාරයකට පත් කිරීම) මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.

මිනිස් සිරුර සෑදි ඇත්තේ ජලය කාබෝහයිඩ්‍රේට (සීනි පිෂ්ඨය සහ තන්තු) ඇමැයිනෝ අම්ල (ප්‍රෝටීන) මේද අම්ල (ලිපිඩ) සහ න්‍යෂ්ටික අම්ල (DNA,RNA) යන රසායනික සංඝටක වලිනි. මෙම සංයෝග කාබනි හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස්, කැල්සියම්, යකඩ, සින්ක්, මැග්නීසියම් සහ මැන්ගනීස් යන සංඝටකයන්ගෙන් සෑදි ඇත. මෙම රසායනික සංයෝග සහ සංඝටක විවිධ සංකලනයන් සහ ආකාර වලින් (උදා - හෝමෝන, විටමින, පොසිෆොලිපීඩ, හයිඩ්‍රොක්සි ඇපටයිට්) මිනිස් සිරුරේ සහ මිනිසා විසින් ආහාරයට ගන්නා ශාක හා සත්ව කොට්ඨාශ තුල දක්නට ඇත.

මිනිස් සිරුර සෑදි ඇත්තේ ආහාරයට ගනු ලැබු, ජීරණය වු අව‍ශෝෂණය වු සහ රුධිරය ඔස්සේ සංසරණය වන සංයෝග හා සංඝටක මගිනි. නුන් කලලයක හැරුනු කල සිරුරෙහි ඇති සෛල කෙරෙහි පෝෂණය ලබාදෙන්නේ ආහාර ජීරණ පද්ධතිය මගිනි. දේශිය වැඩිහිටි පුද්ගලයෙකුගේ ආහාර ජීරණ පද්ධතිය තුලට ලීටර් 7 ක ප්‍රමාණයෙහි යුත් ආහර ජීරණයට උපකාරී වන ශ්‍රාවයන් නිකුත් කෙරේ. එමගින් ආහාරයට ගනු ලැබු ආහාර අණු වල රසායනික බන්ධන බිඳ හෙලන අතර ඒවායේ ව්‍යුහයන් ශක්ති ජනක ප්‍රභවයන් බවට පරිවර්ථනය කරයි. අනිත් ජීරන ප්‍රතික්‍රියා මගින් ජීරණය කරණ ඇතැම් අණු රුධිරය සංසරණ පද්ධතිය තුලට වෙනස් වීමක් නැතිව අවශෝෂණය කෙරේ. අවශෝෂණය නොවු ද්‍රව්‍ය මළ පහ ලෙස සිරුරෙන් බැහැර කෙරේ.

පෝෂණ තත්ත්වය පිළිබඳව සිදුකරන අධ්‍යනයන් වලදී පරීක්ෂණයට පෙර හා පසුව සිරුරෙහි තත්ත්වය සහ ආහාර වේලෙහි රසායනික සංයුතියන් බහිස්‍රාවිය ද්‍රව්‍යයන්ගේ සංයුතිය සංසන්දනය කිරීම මගින් සිරුර තුලට අවශෝෂණය වු සංඝටක හා සංයෝග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පිළිවෙන. මෙහි බලපෑම සම්පුර්ණයෙන්ම ප්‍රත්‍ය ප්‍රේශණය කර ගනුයේ දිර්ග කාලයකට පසුව සියලුම ආහාර හා බහිස්‍රාවීය ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම මගිනි. මෙවැනි සමීක්ෂණයන් සඳහා භාවිත‍ා වන විචල්‍යයන් බොහෝය. පෝෂණය පිළිබඳ සිදුකරනු ලබන අධ්‍යනයන් කාලය මිඩංගුකරමින් සිදුකළ යුතු අධික වියදමක් වැයකරමින් සිදු කළ යුතු නිසා මානව පෝෂණය පිළිබඳව සිදුකරන අධ්‍යනයන් තවමත් සෙමින් විකසනය වෙමින් පවතී.

පොදුවේ ගත් කළ විවිධාකාර වු නැටුම් පිළියෙල නොකල ආහාර ගැනීම ඒකාකාරී සකස් කරන ලද ආහාර ගැනීමට වඩා වාසි දායකවේ. සම්පුර්ණ ශාකමය ආහාර අනුභව කිරීම මගින් ආහාර ජීරණය සෙමෙන් සිදුකරන අතර එමගින් ඉහළ කැළරි ප්‍රමාණයක් ලබාදෙයි. මේ හේතුවෙන් සෛල වර්ධනය, පාලනය සෛල විභේදනය හා ආහාර රුචිය පාලනය කිරීම මගින් සිරුර තුළ සීනි මට්ටම ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගත හැක. ක්‍රමවත් ලෙස කාල සටහනකට අනුව ආහාර ගැනීම මගින් අක්‍රමවත්ව විටින් විට ආහාර ලබා ගැනීමට වඩා සිරුර කෙරෙහි යහපත් බලපෑම් ඇති කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=පෝෂණ_විද්‍යාව&oldid=394616" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි