පෝලි ව්‍යවර්තන මූලධර්මය

විකිපීඩියා වෙතින්

පෝලි ව්‍යවර්තන මූලධර්මය යනු, සර්වසම පර්මියෝන (අර්ධ-නිඛිල බැමීම් සහිත අංශු) දෙකකට එකම ක්වොන්ටම් තත්ත්වය එකවිට දැරීම සිදු කල නොහැකි බව දැක්වෙන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක මූලධර්මයකි. ඉලෙක්ට්‍රෝන විෂයයෙහි, එය මෙසේ ප්‍රකාශ කල හැක, බහු-ඉලෙක්ට්‍රෝන පරමාණුවක ඉලෙක්ට්‍රෝන දෙකකට ක්වොන්ටම් අංක (n, , m සහ ms) සතර සඳහා එකම අගයයන් දැරිය නොහැක. එකම කාක්ෂිකයේ නේවාසික ඉලෙක්ට්‍රෝන දෙකක් සඳහා, n, , සහ m එකම අගයයන් ගන්නා බැවින්, ms වෙනස් විය යුතු අතර ඉලෙක්ට්‍රෝන සඳහා විරුද්ධ බැමීම් තිබිය යුතුය. 1925දී මෙම මූලධර්මය සූත්‍රණය කරන ලද්දේ ඕස්ට්‍රියානු භෞතික විද්‍යාඥ වුල්ෆ්ගැන්ග් පෝලි විසිනි.