පෙරටුව සහ අනුගමනය

විකිපීඩියා වෙතින්

සහකාර රංගනයේ, සහකරුවන් දෙදෙනා 'නායකයා' සහ 'අනුගාමිකයා' ලෙස හෝ 'මූලිකත්වය' සහ 'අනුගමන' වශයෙන් සඳහන් කෙරේ. සාම්ප්‍රදායිකව පුරුෂ සහකරු නායකත්වය දෙන අතර ස්ත්‍රී සහකාරිය අනුගමනය කරයි. නමුත් සෑම විටම මෙය නිසැක තත්ත්වය නොවේ. බොහෝ 'සමාජ නර්තන' ආකාරයක්ම සමාන ලිංග සහ භූමිකාව රේඛනය වන හවුල් සම්බන්ධතා වලින් පැවතෙන දිගු ඉතිහාසයක් ද, තරඟ හෝ රඟ දැක්විම් වලදී නර්තන ශීල්පීන්ගේ විධිමත් ලිංග‍ භේදයන් සම්බන්ධයෙන් සමහර වෙනස් කම් කිහිපයක් ඇති වී තිබේ.

පුළුල්ව පවසනවා නම්, නායකයා මඟ පෙන්වමින් නර්තනයේ සම්පුර්ණ ආකෘතිය තීරණය කරමින්, රඟ දැක්විය යුත්තේ කුමන චලන හෝ දර්ශනය ද යන්නයි. එය දර්ශන තලය ඔස්සේ කුමන ආකාරයෙන් චලනය විය යුතු ද යන බවයි. නායකයාගේ ප්‍රධාන භූමිකාව වන්නේ චලනයන් යොදා ගනිමින් ඔහුගේ සහයකයන්ට මඟපෙන්වීමයි. සාමාන්‍යයෙන් නර්තනයේ භාව විෂය හෝ ලාලිත්‍ය 'ස්වරය' හා මුලික චලනයන් භාවිතයෙන් එය ඉදිරිපත් කරයි. වෙනස්වු අනුගාමිකයන් නායකයා අනුගමනය කරමින්, නායකයා තීරණය කරන චලනයන් කරනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=පෙරටුව_සහ_අනුගමනය&oldid=472099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි