පෘථිවියේ ජල ව්‍යාප්තිය

විකිපීඩියා වෙතින්
tiny globe
වර්තමානයේ පෘථිවියේ ජල සංයුතිය ආසන්න වශයෙන්

පෘථිවියේ බොහෝ විට ජල ග්‍රහලොවක් ලෙස නම් කෙරේ. මෙයට හේතුව අභ්‍යාවකාශයේ සිට බලන විට එය නිල් පැහැයෙන් පෙනීමයි. මෙම පැහැයට හේතුව පෘථිවියෙන් 70% ක් පමණ පැතිරි සාගර ජලයයි. පෘථිවියේ සාගර කබොල්ල තුනී ඝනත්වයකින් යුක්තවන අතර එහි පවතින එක් පාෂාණයක්වත් පැන්ජියාවේ වෙන්වීම් අවධිය තරම් වත් පැරණි නොවන ලාබාල අවධියක පසු වේ. ජලය, වායු වලට වඩා ඝනත්වයෙන් වැඩි නිසා කබොල්ලේ දැඩි ඝනත්වයෙන් හටගත් නිම්න වලට ජලය ගලා බසී. (සිකුරු වැනි ජලය නොමැති ග්‍රහලොවක නිම්න විශාල තල ලෙස සෑදී ඇති අතර ඒවාට ඉහළින් සානු පිහිටයි) මහද්වීපික කබොල්ලේ පවතින අඩු ඝනත්වයක් සහිත පාෂාණ වල දක්නට ලැබෙන භාෂ්මික ලෝහවල පහසුවෙන් ඛාදනය ‍වන ලවණ බහුල වන නිසා අවුරුදු බිලියන ගණනක් තිස්සේ ලවණ සාගරයේ තැන්පත්ව තිබේ. වාෂ්පීකරණයෙන් ජලය වර්ෂාව හා හිම ලෙස නැවත ගොඩබිමට ලබාදීමෙන් මෙම ලවණ තැන්පත්වීම සිදුවේ. එමනිසා පෘථිවියේ පවතින විශාල ජල ප්‍රමාණය ලවණ හෝ ලුණු වතුර ලෙස සලකන අතර සාමාන්‍ය ලවණතාවය 35% පමණ වේ. මෙම අගය අවට ඇති ගොඩබිම් වලින් ලැබෙන ජල මාර්ග ප්‍රමාණය අනුව වෙනස් වේ. පාථිවියේ මුළු ජල ප්‍රමාණයෙන් 98% පමණ ඇත්තේ සාගර ජලයයි. නමුත් කිසිම සංවෘත විලක ගෝලීය වශයෙන් සැලකිය යුතු ජල ප්‍රමාණයක් රඳවා ගත නොහැක. ලවණීය භූගත ජලය ගෝලීය ඝන කි.මි. 100 පමණ ඇති බවට විශ්වාස කෙරෙනමුත් මෙම ජල ප්‍රමාණය ශුෂ්ක ප්‍රදේශවල ජලයේ තත්වය මැන බලන විට පමණක් සැලකිල්ලට ගනී. පෘථිවියේ ඉතිරි ජල ප්‍රමාණයට ප්‍රයෝජනයට ගත හැකි ජල මුලාශ්‍ර ගනයට වටේ. ප්‍රයෝජනයට ගත හැකි ජලය ලෙස සලකන්නේ ලවණතාවය සාගරයට වඩා 1% ක් අඩු එනම් 0.35% හෝ ඊට අඩු ජලයයි. ලවණතාවය මෙම අගය හා 1% අතර අගයක් ගන්නා ජලය ආන්තික ලෙස සලකන අතර එයට හේතුව මනුෂ්‍ය හා සත්ව අවශ්‍යතා වලින් සීමිත ප්‍රමාණයක් පමණක් මෙම ජලයෙන් ඉටුකර ගත හැකි විමයි. පෘථිවියේ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණයද ව්‍යාප්තව ඇත්තේ අසමානවය. මසොසෝයික හා පැලියෝජින වැනි උණුසුම් යුගවල ග්ලැසියර් දක්නට නොලැබුණු අතර සියළුම ප්‍රයෝජනයට ගත හැකි ජලය ගංගා හා ඇලදොළ වල පැවතුනි. වර්තමානයේ පෘථිවියේ ජල සංයුතිය ආසන්න වශයෙන් පහත පරිදි වේ.


  • අයිස් වැස්ම හා ග්ලැසියර - 68.7%
  • ඇන්ටාර්ක්ටික් හිම වැස්ම - 90% නැවත ඇතිවීමට අවු 9100 ගතවේ.
  • ග්‍රීන්ලන්තය හිම වැස්ම - 9%
  • වෙනත් ග්ලැසියර - 1% නැවත ඇතිවීමට අවු 1600 ගතවේ.
  • භූගත ජලය - 30.1% නැවත ඇතිවිමට අවු. 1400 ගතවේ.
  • භූගත ජලය - 0.3%
  • පිරිසිදු විල් 87% නැවත ඇතිවිමට අවු. 17 ගතවේ
  • වගුරු බිම් 11%

මෙම ජල මුලාශ්‍ර වලින් ප්‍රයෝජනවත් වන්නේ ගංගා ජලය පමණි. බොහෝ විල් ජලය පවතින්නේ මිනිසාට ළගා විය නොහැකි ප්‍රදේශ වලය. කැනඩාවේ ග්ලැසියර විල් මේ සඳහා උදාහරණ වේ. බයිසිකල් හා Khovsgol විල් ශුෂ්ක භාවය නිසා චතුර් ග්ලැසියරකරණයෙන් ආරක්ෂා වී ඇති අතර සමාන ජල ප්‍රමාණ වලින් යුක්ත වේ. Khovsgol විල මොන්ගෝලියාවේ පානීය අවශ්‍යතාව සපුරා ගැනීමට භාවිතා වේ. ‍ගංගා ජලයට වඩා වැඩි ප්‍රමාණයක් භූගත ජලය ඇති නමුත් භූගත ජලයෙන් වැඩි කොටසක් ලවණතාවයෙන් යුක්ත නිසා එය ඉහතින් සඳහන් කළ ලවණ ජල කාණ්ඩයට අයත් වේ. ශුෂ්ක ප්‍රදේශවල අවුරුදු දහස් ගණනක් තිස්සේ ප්‍රයෝජනයට නොගැණුනු භූගත ජලය පොසිල ලෙස විශාල ප්‍රමාණයක් ඇති නමුත් ඒවා ලබා ගැනීමට අපහසු වේ. ඉන්දියාව වැනි ශුෂ්ක රටවලට භූගත ජලය ඉතාම වටිනා සම්පතක් වේ. භූගත ජලය ව්‍යාප්තිය ද ගංගා ජලයට සමාන වුවත් උණුසුම් හා වියළි දේශගුණික තත්වවලදි භූගත ජලය ගබඩා කිරීම පහසුය. එයට හේතුව වේලි වලට වඩා භූගත ජල සංචිත වාෂ්පිකරණයෙන් ආවරණය වී තිබීමයි. යේමනය වැනි රටවල වර්ෂා කාලයේදි ලැබෙන වර්ෂා ජලය එහි ප්‍රධානම ජල මුලාශ්‍රයයි.


භූගත ජලය නැවත තැන්පත් වීමට ගතවන කාලය ගංගා ජලය මෙන් නිවැරදිව මැනීමට අපහසු නිසා ඉතා අඩු ජල ප්‍රමාණයක් පවතින ප්‍රදේශවල පවා භූගත ජලය භාවිතයට නොගනී. වර්තමානයේදි මුළු භූගත ජල ප්‍රමාණය නැවත තැන්පත් වීමට ගතවන කාලය එකම ප්‍රදේශයක වුවද භාවිතයට ගන්නා මුලාශ්‍ර මත වෙනස් වේ. තවද භූගත ජලය නැවත තැන්පත් වීමට වඩා වැඩි වේගයෙන් ඒවා භාවිතයට ගැනීම (Ogallala ජලධරය ) ගැටළුවක් වී ඇත.


සටහන්[සංස්කරණය]

Water distribution on Earth Overall picture